මෛත්‍රී ධ්‍යානයට සිත පැමිණවීම - දෙවන කොටස
මේතාක් ලිපි පෙළ ගැස්ම
මෙහිදී තමාට වඩා ගුණයෙන් උසස් තමාට රාගයක්, ද්වේශයක් හෝ මෝහ සිතුවිලි ආදිය ඇති නොවන්නාවූ මිනිසෙකු මෛත්‍රීය පැතිරවීම පිණිස තොරාගත යුතුය. දෙවින් තිරිසනුන් ආදිය තොරාගැනීම සුදුසු නොවේ.
ඉන් පසු එසේ තමා තෝරා ගනු ලබන්නාවූ පුද්ගලයා සුවපත් බවින් යුක්තද නැතහොත් සුවපත් බවින් පහවූයේද යන කරුණු කලින් කියා ඇති විස්තරයට අනුව තම සිතින් සලකා බැලිය යුතුය. (“සුවපත් වේවා!!“ යැයි මතුරමින්සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද? ) එවන් ඔබට සැබවින්ම මේ තැනැත්තා සුවපත් බවින් පහවී ඇති ආකාරය සිතට වැටහෙන්නට වන්නේය. එවන් විටක ඔබේ සිතින්ම අහෝ මේ තැනැත්තා “සුවපත් වේවා! සුවපත් වේවා“ යන අදහස ඇතිවිය යුතුය.
එසේ සිත එම තැනැත්තා වෙත සුවපත් බව පැතීමට අනුකූලතාවයක් දක්වන අවස්ථාවේදී, ඒ තැනැත්තාගේ රූපය මනසින් දක්නට උත්සහ කරමින් ඔහු “සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා!“ යන්න රිද්මයානුකූලව දිගින් දිගටම මනසිකාර කල යුතුය ( මනිසින් කියවිය යුතුය)
මේ අවස්ථවේදී එම පුද්ගලයාගේ රූව ඔබේ මනස තුල මැවී පෙනීමට, ඒ තුලින් ආලෝකයක් ඇතිවීමට, ඒ රුව නොපෙනී යාම හෝ අදුර ඇතිවීමට හැකියාවක් ඇත. කුමක් වුවද මනසේ හැසීම නිරීක්ෂනය කරමින්ම ඔබගේ භාවනාව ඔබ දිගටම කල යුතු අතර, ඇතිවන්නාවූ සුඛ වේදනාවන්, ආදී කිසිවක් කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් ඇති නොකර භාවනා අරමුනේම සිත නිමග්න කිරීම උත්සාහවන්ත විය යුතුය.
මේ සේ භාවනාවේ කලක් නියතු වන්නාවූ අයෙකුට තමාගේ සිත වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සුවපත් වේවා යන්න මුමුණය ආකාරය අත්දැකීමට හෝ. සුවපත් වේවා යන්න පැහැදිලි වීමට ඉඩ ඇත. තවත් ඉදිරියට යන අයෙකුට;
එක්වරම තමාගේ සිත නිසල වූවා වැනි ස්වභාවයක්, සිත අභ්‍යන්තරයට එබී ගියා වැනි ස්වභාවයක් හෝ සිත පහලට කදා බැස්සා වැනි ස්වභාවයක් සමග තමාගේ ශරිරයෙන් සිසිල් පැන් හාත් පස විසුරුවන්නාවූ වැනි තත්වයක් අත්දැකීමට වුවද හැකියාවක් ඇත.
එසේ වුවහොත් නිසල වූ සිත නිසල වී තිබෙන්නට හැර කිසිත් නොසිතා. සංස්කාරයන්ගේ හැසිරීම නිරීක්ෂනය කරමින් සිටිය යුතුය. එම ප්රණිත තත්වය කලක් පැවතී නැතිවී යනු ඇත.
ඊලඟ ලිපිය ප්‍රථම ධ්‍යානය වශි කිරීම
මේතාක් ලිපි පෙළ ගැස්ම
- ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
- ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය)
- සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය)
- නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය
- හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා
- රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා
- කසින භාවනා
- මනෝ නිර්මාණකරණ භාවනාව.
- මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර
- මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව
- මෛත්‍රී භාවනාවේ ආනිසංශය
- ධ්‍යාන හා ධ්‍යානංග
- “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?
- ධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධිමට්ටම් වල ස්වරූපය