මෛත්‍රී ධ්‍යානයට සිත පැමිණවීම - පළමු පියවර
මින් පෙර ලිපියෙන් මෛත්‍රී වැඩිය යුත්තේ කවර කරුණක් නිසාද යන කාරනාව සලකා බැලිණි. සැබවින්ම මෛත්‍රී ධ්‍යානයක් දක්වා සිත දියුණු කිරීමට බලාපොරොත්තු වන්නා තුල නියම මෛත්‍රී සංකල්පනාව පැවතිය යුතුම වන්නේය. ඉහත අවශ්‍යතාවන් සපුරන්නාවූ අයෙකුට පහසුවෙන්ම සිත මෛත්‍රී ධ්‍යානයට පැමණවිය හැකි ආකාරය මෙම ලිපියෙන් පහදා දෙනු ලැබෙයි.
පළමුව භවනාව සඳහා සුදුසු පරිසරය සකස් කර ගැනීම සිදු කල යුතුය. ඒ සම්බන්ධයෙන් අනුමනය කල යුතු ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න භවනා අත්පොත ලිපි පෙලේ දක්වා ඇත. එසේම මෙම අදියර දක්වා පැමිනෙන්නාවූ ඔබ ඉතාමත සරල අවස්ථාවේ සිට භාවනා අත්දැකීම් අත්දැක මේ වන විට, භාවනා කිරීම සඳහා හුරුවක් ඇති පුද්ගලයෙකි.
මෛත්‍රී භාවනාව ධ්‍යානයක් වශයෙන් වැඩීම හුරු කරනා පුද්ගලයා පළමුව එක් පදයක් පමණක් භාවනාව සඳහා යොදාගත යුතුය. “සුවපත් වේවා“ යන වදන පමනක් මේ සඳහා භාවිතා කරමු.
ඒ අනුව පළමු පියවර වශයෙන් කය නිසොල්මන්ව තබා මනස විසිරී යන්නට නොදී තත්පර 10 ක් පමන තමා දෙසට සිහිය පිහිටුවා සිත නිසසල කර ගත යුතුය.
ඉන් අනතුරුව “සුවපත් වේවා“ යන වදන සිතින් ඉතාමත් පැහැදිලිව නැවත නැවත උච්චාරණය කල යුතුය. මනස ඒ මේ අත විසිරී යන විවිධ අරමුණු කොතෙක් පැමිණිය ද ඒ කිසිවක් දෙය අවධානය යොමු නොකට තමා මෙනෙහි කරන්නාවූ සුවපත් වේවා යන වදන කෙරෙහිම පමනක් අවධානය යොමු කල යුතුය. මේ ආකාරයට තමා භාවනා කිරීමට යොදාගන්නා සම්පුර්ණ කාලය තුලම තමාගේ මෙනෙහි කිරීම විර්‍යෙයන් පසුබෑමෙන් තොරව කරගෙන යා යුතුය.
මෙසේ භවනා කරන්නාවූ තැනැත්තා යම් යම් භවනා අත් දැකීම් අත්දකිනු ලබයි. තමාහේ ශරිරය වටේට කැරකෙන්න සේද, තමා සිටිය දී ලෝකය වටේට කැරකෙන්නා සේද, තමා භාවනා අසුනෙන් උඩට එසවී ඇති සේද, තමා භවනා අසුනට කිඳා බැස ඇති සේද, තමා කුඩා ප්‍රමාණයට පත්වී ඇති සේද, තමා බැලුමක් සේ පිමිබී ඇති සේද, තමාගේ ශරිරය තමාට නොදැනෙන් සේද, ශරිරය සම්පුර්ණයෙන් හිරි වැටී ඇති සේද තමන්ට දැනෙන්ට පුළුවන. මෙයට වඩා වෙනස් තත්වන්ද බොහෝ පිරිස් අත්දකියි. මේ දැක්වූයේ බහුල ලෙස අත්දකිනා තත්වයන්ය. මේ සියල්ල ඉතා පහත් මට්ටමේ සමාධි තත්වයන් බව සැලකිය යුතුය. ධ්‍යානය යන්න මෙයට වඩා බොහෝ දුර ඇති තත්වයක් බව වටහා ගත යුතුය. මෙවැනි තත්වයන් ඇතිවූ විට ඒවාට ඇලෙන්නට නොයා යුතුය. එම තත්වයන් නැවත නැවත සොයමින් නොයා යුතුය. එබදු අත්දැකීම් කෙරෙහි ඇතිවන්නාවූ ඇල්ම කාමච්ඡන්ද නිවරණය වන බැවින් එයට ඇලෙන්නෝ භවනාවෙන් පිරිහෙති නැවත එම භවනා අත්දැකීම ලැබීමට අවශ වන්නේ නම් ඒ පිළිබඳව ඇති ඇල්ම සම්පුර්ණයෙන්ම සිතින් දුරු කල යුතුම වන්නේය.
මෙබදු තත්වයන් ඇතිවූ විට බිය විය යුතු නැත. මෙබදු තත්වයන් සමාධිය වර්ධනය වන විට එය ඔබේ සිත එය දකිනා, දැනගන්නා ආකාරයක් මිස එබදු අත්දැකීමක් තුලින් ඔබගේ ශරිරයට සැබවින්ම සිදුවු සිදුවීමක් එහි ඇත්තෙ නැත. එබැවින් බියවීමට කිසිදු හේතුවක් එහි නැත. නොබියව භාවනාව ඉදිරියටම කරගෙන යා යුතුය. මෙවැනි අත්දැකීමක් ලැබීම යම් කෙනෙකුට ඉතාමත් පහසුවෙන් විය හැකි අතර තවෙකුකට කලක් ගතවන්නාවූ ක්‍රියාවලියක් වීමට ඉඩ ඇත. කෙසේ වුවද මෙබදු සමාධිමය අත්දැකීමක් ලැබීමෙන් පසුවම දෙවන පියවරට යා යුතුය.
උදාහරණයක් පවසන්නේ නමි. නිවසේ ඇති භාජනයකට දිය පිරවීමට ලිඳට යන්නාවූ පුද්ගලයා පළමුව ලිදෙන් වතුර ඇද කලය පුරවා ගත යුතු. ලිඳට ගොස් කලය පුරා නොගෙන නැවත පැමින යමෙක් භාජන පිරවීමට උත්සහ කලද කලයේ ඇති වතුරක් නැති බැවින්, ඒ උත්සාහය වැඩකට නැති උත්සහයකි. ඒ බව වටහාගත යුතුය.
මෙවන් අත්දැකීමක් ලබන්නාවූ අයෙකු තුල සමාධිය වැඩෙන්නේ යැයි. තව දුරටත් වැඩි දියුණු කර ගත හැකි සමාධියක් තමා තුල ඇත්තේ යැයි නිගමනය කල හැක. එසේනම් ඉන් පසු කල යුත්තේ තමා තුල වැඩෙන්නට මුලපිරූ ඒ සමාධිය වර්ධනය කර ගැනීමයි.
ඊලඟ ලිපිය ධ්‍යානය අත්දකිනා ආකාරය
මේතාක් ලිපි පෙළ ගැස්ම- ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
- ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය)
- සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය)
- නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය
- හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා
- රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා
- කසින භාවනා
- මනෝ නිර්මාණකරණ භාවනාව.
- මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර
- මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව
- මෛත්‍රී භාවනාවේ ආනිසංශය
- ධ්‍යාන හා ධ්‍යානංග
- “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?