මෛත්‍රීභාවනාවතුලින්සත්‍යවශයෙන්මසිදුවන්නේකුමක්දයන්නමෙමලිපියෙන්විස්තරකරනාබැවි මින්පෙරලිපියෙන්සඳහන්කරන්නටයෙදිනි.
ඒ අනුව මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ ඒ පිළිබඳවය. මෛත්‍රීය යනු කුමක්ද? මෛත්‍රීය වැඩිය යුත්තේ ඇයි.? මින් පෙර ලිපියේ මෛත්‍රී චේතෝ විමුක්තියට අදාල භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල පාඨය දක්වනු ලැබිණි. කුසගින්නේ පෙළෙන්නාවූ සත්ත්වයෙකු දුටු විට ආහාරයක් දීමට සිත් වීමට නම් පළමුව ඔබ කුසගින්න යනු කුමක්දැයි දැන සිටිය යුතුය. ඒ ආකාරයෙන්ම කියන්නන් වාලෙ විවිධ පද රාශියක් මතුරමින් සිටීමට වඩා මෛත්‍රීය වැඩීමට මෛත්‍රීය වැඩිය යුත්තේ කවර කරුනක් නිසා දැයි දැන සිටිය යුතුය.
මෛත්‍රීය වැඩිය යුත්තේ ඇයි?
මෛත්‍රී පැතිරීම යනුවෙන් අදහස් කරනුයේ අන් සත්ත්වයින් කෙරෙහි සුවපත් බව පැතිරීමයි. නිර්භය බව පැතිරීමයි. නිස්සෝක බව පැතිරීමයි. මෙම චිත්ත තරංගයන් අප පැතිරිය යුත්තේ ඇයි දැයි පළමුව සිතා බැලිය යුතුය. මේ සඳහා සරල පරීක්ෂණකයක් උපයෝගී කර ගත හැක. ලොව වාසය කරන්නාවූ කිනම් හෝ සත්ත්වයෙක් උදාහරණයට ගත හැක.
සැබවින්ම ලෝක සතත්වයා සුවපත්ව සිටී නම් ඔවුන්ට මෛත්‍රීය පැතිරවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. ඒ සඳහා ලොක සත්ත්වයා සුවපත්ව සිටින්නේද? නැතිද? යන කාරනාව පළමුව සලකා බැලිය යුතුය. ලොව කිනම් මිනිසෙකු ගත්තද; ඒ මිනිසා දිනපතා කල යුතු කාර්‍යන් කිහිපයක් ඇත. වැසිකිලි - කැසිකිලි පහ කිරීම පළමුව දැක්විය හැක. යමෙක් මල මුත්‍ර පහ කිරීම සිදුකරනුයේ කුමක් නිසාද? කිසිවෙකු සුවපත් බව නිසා වැසි කිලි යාම සිදු කරන්නේ නැත. මල මුත්‍රා ආදිය ශරිරයේ ඒකරාශී විම නිසා ඇතිවන්නාවූ වේදනාව අපහසුව දුරු කර ගැනීම පිණිය සතත්වයෝ මල මුත්‍රා පහ කරති. මල මුත්‍ර පහ කරන්නාවූ ඔවුහු එම පීඩාවෙන් මිදී සුවපත් වෙති.
මිනිසුන්ට බඩ ගිනි - පිපාසා දැනෙයි. දින දෙකක් තුනක් ආහාර ගැනීමට නොහැකි වන්නාවූ අයෙක් ක්ලාන්ත වීම, රොහල් ගත කිරීමට සිදුවීම, විජලනය වීම යනාදී වශයෙන් දුර්වල වී මේ ශරිරය සුවපත් බවින් තොර වී දුකට පත්වෙයි. මේ ශරිරය සුවපත්ව තබා ගැනීමට නම් ආහාර ලබාගත යුතුය. කුසගින්නේ සිටින්නාවූ, පිපාසයේ සිටින්නාවූ පුද්ගලයා ආහාර පාන ලබා ගැනීමෙන් ඒ කුසගිනි පිපාසා දුක් දුක් දුරු කර සුවපත් භාවයට පත්වෙයි.
මේ ශරිරයට විවිධාකාර ලෙඩ දුක් ආදිය ඇතිවෙයි මැසි මදුරුවන්ගෙන් විපත් පැමිණෙයි, ගිනි, දිය, සුලං ආදියෙන් විපත් පැමිනෙයි. මේ ආකාරයට මේ ශරිරයකට පැමිනෙන්නාවූ විපත් වල සීමාවක් නැත. ලෙඩ දුක් ආදිය ඇතිවී ශරිරයේ සුවපත් භාවය නැතිවී ගිය විය බෙහෙත් ආදිය ශරිරයට ලබා දෙමින් ශරිරය නැවතත් සුවපත් බාවයට පත් කල යුතුය. මැසි මදුරු උවදුරු අවි, වැසි, ගිනි, සුලං ආදියෙන් මේ ශරිරය නිරන්තරයෙන් ආරක්ෂා කර, පහවී නැතිවී යන්නට යන්නාවූ සුවපත් භාවය පවත්වාගත යුතුය. ඒ ආකාරයටම
මේ ශරිරය නිරන්තරයෙන් වෙහෙසට පත්වෙයි. වෙහෙසට පත්වන්නාවූ මේ ශරීරය නිදි කරවීමෙන්, විවේක ලබා දීම් තෙල් ආදිය ගා පිරිමැදීම තුලින් වෙහෙස නිමා කර සුවපත් බවට පත් කල යුතුය. එසේම මේ ශරිරය එක තැන තිබුනද අත් පා හන්දි ආදිය ඉදිමී සුවපත් බවෙන් තොරවෙයි. මේ ශරිරය බොහෝ වෙහෙසට පත් වුවද සුවපත් බවින් තොර වෙයි. මේ ශරිරය කිසිම වෙහෙසක් නොකර පවත්වාගෙන ගියද තරබාරු වීම විවිධ ලෙඩ රෝග ආදිය ඇතිවීම තුලින් සුවපත් බවින් තොර වෙයි. මේ ශරිරය සුවපත් කිරීමට සිතා ආහාර ගත් විට ඒ ආහාර ආදියම වැඩි වීම නිසා ඒ ආහාර වල වන්නාවූ රෝග කාරක විශ බීජ, විශ රසායන ආදිය නිසා මේ ශරිරයම සුවපත් බවින් තොරවෙයි. පිපාසාව නිවන්නට පානය කරන්නාවූ ජලයම වැඩි පුර පානය කලහොත් ඒ තුලින්ද සුවපත් බව නැතිවී යයි. සුවපත් බව ලැබීමට පානය කරන්නාවූ බෙහෙත් තුලින්ම සමහර අවස්ථාවන්හිදී සුවපත් බව තුරන් වී යයි.
මේ ශරිරය වියපත් වීම නිසා දිරා ගිය කරත්තයක් දිරාගිය නිවසක් වැනි තත්වයට පත්වී සුවපත් බව නැතිවී යයි. මේ ශරිරය මරණයට පත්වීම තුලින් සුවපත් බව නැතිවී යයි. යමෙක් මේ ලොව උපන් මොහොතේ සිට යම්තාක් ජීවත් වූයේ යැයි ජීවිතය හා මරණය අතර පිරිසිදිනු ලබන්නාවූ කාලය තුල එ පුද්ගලයා නියත වශයෙන්ම පසු කරනුයේ සුවපත් බවින් තොරවීමෙ ක්‍රියාවලියකි. මේ ශරිරයක් පවතියිද නියත වශයෙන්ම මොහොතක් මොහොතක් පාසා එය සුවපත් බවින් තොර වන්නේය. මේසේ සුවපත් බවින් තොරවන්නාවූ ශරිරය සුවපත් කිරීම සඳහා පිළියම් යෙදීම මිනිසුන් ජීවත් වීම යැයි පොදු ව්‍යවහාර සමාජ ක්‍රමයට අනුව හදුන්වා දෙනු ලබයි. යමෙක් ආහාර පාන ශරිරයට ඇතුලු කරන්නේත්. ඒ ආහාර පාන ලාබගැනීම සදහා මුදල් එකතු කරනුයේත්, ඒ මුදල් ලැබීම පිණිස විවිධ රුකි රක්ෂා කටයුතු කරනුයේත්, ඒ රුකි රක්ෂා කටයුතු කිරීම පිණිස, අධ්‍යාපනය ලබනුයේත් ඒ අධ්‍යාපය ලැබීම පිණිස විවිධ දුක් ගැහැට විදිනුයේත්, මේ නිරන්තරයෙන් සුවපත් බැවින් තොරවෙමින් පවත්නා ශරිරය සුවපත් කිරිම පිණිසය. මිනිසුන් අපිරිසිදු වන්නාවූ ශරිරය නහවා පිරිසිදු කරනුයේත්, දත් මදිනුයෙත්, ශරිරයේ විවිධ ආලේපන ආදිය ගල්වනුයේත් මේ සුවපත් බවක් නැති ශරිරය සුවපත් කිරිම සදහාමය මේ සුවපත් බවින් පහවු ශරිරය සුවපත් කිරීම සදහා මිනිසෙක් ජීවිත කාලයක් තුල කෙතෙක් නම් වෙහෙසනේනේ දැයි ඔබට සිතා ගත හැකිද?
ඒ ශරිරය සමිබන්ධවය. මනස නැතහොත් නාම කාය පිළිබදව සලකා බැලුවහොත්, මේ සිතට නිරන්තරයෙන් දුක් ඇතිවෙයි, විවිධ රෝග තත්වයන්, වියපත් වීම, ප්‍රිය අරමුණු ප්‍රිය වස්තු ආදයෙන් වෙන් වීම, අප්‍රිය අරමුණු අප්‍රිය වස්තු සමඟ එක්වීමට සිදුවීම, කැමති දෑ නොලබී යෑම, මරණයට පත්වීම ආදි වශයෙන් මානසික සුවපත් බව දිනකදී නැතිවන්නාවූ අවස්ථාවන්ස 1000ස් ගණනකි. මේ අනුව සලකා බැලීමේදී කායික වශයෙනුත් මානසික වශයෙනුත් මේ රූපයත් නාමයත් සුවපත් බවින් තොරවෙමින් පවතින්නාවූ ධර්මයන් දෙකක් වන අතර; මිනිසා යන සම්මුතික ධර්මය ජීවත් වීම වශයෙන් කරනුයේ එසේ සුවපත් බවින් තොරවන්නාවූ මේ පඤ්චස්කන්ධයට තාවකාලිකව සුවපත් බවක් ලබා දීම පිණිස අප්‍රමාණ දුක් විදිමින් විවිධ ක්‍රියාවන් කරමින් වෙහෙසට පත් වීමයි.
රහතුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් ගත් කල උන්වහන්සේලා සකල ක්ලේශයන් ප්‍රහීණය කර ඇති බැවින්, මානසික වශයෙන ඇතිවන්නාවූ දුක් කිසිවක් උන්වහන්සේලාට නැත. නමුත් කය සමිබන්ධයෙන් ඇතිවන්නාවූ ඒ සෑම දුකක්ම වේදනාවක්ම උන්වහන්සේලාට මේ ජීවිත කාලය අනුපාදිශෙෂ නිර්වණ ධාතුවෙන් නිමාවන තෙකේ විදීමට සිදුවන්නේය. ඒ අනුව බලනා කල සුවපත් බවින් යුතු රහතුන් වහන්සේ නමක් හෝ නැත. සම්මා සමිබුද්ධ වූ අරහත් වූ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ පවා මේ ශරිරය දැරීම නිසා ලොහිත පක්ඛන්ධිකා රොගයෙන් පිඩාවට පත්වූවා. මහා පරිනිර්වාණ සූත්‍රය කියවාගෙන යන අයෙකුට වියපත් වූ බුද්ධ ශ්‍රී දේහය චාරිකාවේ වැඩීම නිසා ශ්‍රී දෙපතුල් ඉදිමී, “ආනන්ද මට ක්ලාන් සෙයක් දැනෙයි“ යනාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පවස වදන් අසන්නෙකුගේ දෙනෙතට කඳුළු උනනු ඇත. මේ ආකාරයෙන් මහානුභාව ඇති, උතුම් වූ බුදු පියාණන්වහන්සේ පවා, මෛත්‍රී පිණඩයක් වූ මෛත්‍රී මූර්තියක් වූ භාග්‍යවතුන් වහන්සේ පවා මනුශ්‍ය ශරිරය දැරීම නිසා සුවපත් බවින් පහවන කල අන්‍යන් ගැන කවරනමි කථාද?
එබැවින් මිනිස් ලොවේ සැබවින්ම සුවපත් වූ, තමා සුවපත් යැයි පැවසිය හැකි එකදු මිනිසෙකු හෝ නැති බව කිව යුතුය.
මිනිසුන්ට මෙසේ වන කල, අව්වට වැස්සට තෙමෙමින්, මැස්සන් මැක්කන්ගේ පීඩාවන්ට පත් වෙමින් මරණ බියෙන් නිරන්තරයෙන් තැති ගත් තිරිසන් ගත සත්ත්වයින් ගැන කවර නම් කථාද? ඊටත් අන්ත වූ කුස ගින්නෙන්, පිපාසාවෙන් නිරන්තයෙන් පෙලෙන්නාවූ ඇතුලත පිටත දැවෙන්නාවූ, අදින්නට වතක් නැති, ස්වකීය කර්මයම දුර් විපාක වන්නාවූ ප්‍රෙතයන් ආදී සත්ත්වයින් ගැන කවර කථාද? නිරය ගත වූ වින්නිපාතිකයන් ගැන කවර කථාද?
දෙවියන් භ්‍රහ්මයන් ආදී ලෝක සම්මත උත්තරීතර සත්ත්ව කොටිඨාශයන් සලකා බැලුවද ඔවුන්ගේ ජරාවක් ව්‍යාධියක් නැතත්, ඔවුන් සදාකාලික ධර්මයන් නොවේ. ඔවුන් ද ස්වකීය කර්මය කෙලවර දෙවි සැපතින් පහවන්නේය, එවන් දෙවියෙකු භ්‍රහ්මයෙකු තුල ඇතිවන මානසික දුක්ඛය පිළිබඳව සිතා ගැනීමට හෝ නොහැකි වන්නේය. රාගයෙන්, ද්වේශයෙන්, මොහයෙන් මිනිසුන්ට වඩා කොටි ප්‍රකෝටි වාරයන්ගෙන් දැවෙනා ඔවුහු දෙව් ලොවෙන් පවා ඒ දුක්ඛ වේදනාවන් නිසා චුත වන බව භාග්‍යවතුන් වහන්සේම දේශනා කොට ඇත. එසේනම් මේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝක සංඛ්‍යාත මේ ලෝක ධාතුවේ සුවපත් වූ එකදු සත්ත්වයෙක් හෝ ඔබට නිස්චය කර ගත හැකිද? සමස්ථ විශ්වයම සලකා බැලුවද තත්වය වන්නේ එයයි.
අහෝ මේ ලෝක සත්ත්වයා නියත වශයෙන්ම සුවපත් බවින් පහ වුවාහු වෙති. කිසි කලෙක සුවපත් බවක් ලබන්නෝ නොවෙති. දුකින් පෙළෙන්නො වෙති. බියෙන් පෙලෙන්නෝ වෙති. ගිනි ගෙන දැවෙන්නෝ වෙති. මෙබදු සත්ත්වයන් කෙරේ ඔබ සිත තුල ඇතිවන්නාවූ අනුකම්පා සහගත ආශිර්වාදාත්මක හැගීම වන “මේ ලෝක සත්ත්වයා නියත වශයෙන්ම මටත් වඩා සුවපත් වේවා යන්න“ නියම මෛත්‍රී සංකල්පනාව වන්නේය.
නියම මෛත්‍රී සංකල්පනාවෙන් යුක්ත වූ අයෙක් තුල සත්ත්වයින් සුවපත් කිරීමේ අදහසින් විසුරුවන්නාවූ පිටකරන්නාවූ යම් “සුවපත් වේවා , දුකින් මිදේවා“ ආදී වදනක් වේ නම් එය නියම මෛත්‍රී වචී කර්මය වන්නේය. එවන් පුද්ගලයෙකු නියත වහයෙන්ම සුවපත් කිරීම පිණිස යමෙක් කරන්නාවූ යම් ක්‍රියාවක් වේ නම් එය මෛත්‍රී කාය කර්මයක් වන්නේය.
මේසේ ලෝක සත්ත්වයා සුවපත් බවින් තොරව ඇති බව දක්නා ප්‍රඥාවන්ත කාරුණික සිතක් ඇති මෛත්‍රී සහගත පුද්ලයා ලෝක සත්ත්වයා සුවපත් කරන්නාවූ වදන්ම තෙපලන්නේකි. ඔහු සත්ත්වයින් බේදකරන්නාවූ පිසුන වචන නොපවසයි, සත්ත්වයින් පහත් කරක්නාවූ සත්ත්වයින් තුල ද්වේශය නගන්නාවූ පරුෂ වචන නොකියයි. සත්ත්වයින්ට ඵලක් නොවන්නාවූ සත්ත්වයින් තුල රාග, ද්වේශ, මෝහ වඩන්නාවූ සම්මප්පාලාප නොකියයි. සත්ත්වයින් රවටන්නාවූ බොරු නොකියයි. සත්ත්යිනට ප්‍රිය වූ මෛත්‍රී සහගත වදන්ම තෙපලයි.
එසේම සුවපත් බවින් තොරවූ සත්ත්වයින් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම කිරීම් වශයෙන් දන් දීම, පුණ්‍යානුමොදනා කිරීම, සම්මාජීවයෙන් යුක්ත වීම, පර පණ නොනැසීම, සොරකම් නොකිරීම, ආදිය කරයි. කාමයේ වරදවා හැසිරිම් ආදිය නොකරයි. එවන් ඔහු ලෝක සත්ත්වයා කෙරේ මෛත්‍රී චිත්තය පැතිරවීම් වශයෙන් තවත් ඉදිරියට යමින් මෛත්‍රී චිත්තය ලොව පුරා පතුරුවමින් මෛත්‍රී මනො කර්ම පැවැත්වීම් වශයෙන් එය භාවනාවට නඟයි. සැබැ මෛත්‍රී භාවනාව වන්නෙ එයයි. මෛත්‍රී වචී කර්ම, කාය කර්ම නැතියෙකු තුල සැබෑ මෛත්‍රී මනෝ කර්මයක් පැවතීමට හැකියාක් නොමැත.
මෙස් මෛත්‍රී භාවනාවට සිත නගන්නා වචනය සංවර කරගනිමින් මෛත්‍රී භාවනා කිරීම් වශයෙන් මෛත්‍රී වචී කර්ම කරන ලද්දේක් වන්නේය. කය සංවර කර ගැනීම් වශයෙන් නිසොල්මන්ව කය තබා මෛත්‍රී කාය කර්ම කරන ලද්දේක් වන්නේය. සිත මෛත්‍රීයෙන් පුරවමින් මෙත්‍රී මනෝ කර්ම වැඩුවෙක් වන්නේය. මේ ආකාරයට කරන්නාවූ මෛත්‍රී භාවනාවක් වන්නේ නම් සැබෑ මෛත්‍රී භාවනාව වන්නේ එයයි.
එවන් අයෙකු කිසි දිනක එක් තැනකට වී වාඩි වී සිට “සුවපත් වේව සුවපත් වේවා“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක් දැයි අසන්නේ නැත.
ඊලඟ ලිපියෙන් මෛත්‍රී ප්‍රථම ධ්‍යානයට සිත පැමිණවීම.
මේතාක් ලිපි පෙළ ගැස්ම
මේතාක් ලිපි පෙළ ගැස්ම
- ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
- ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය)
- සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය)
- නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය
- හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා
- රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා
- කසින භාවනා
- මනෝ නිර්මාණකරණ භාවනාව.
- මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර
- මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව
- මෛත්‍රී භාවනාවේ ආනිසංශය
- ධ්‍යාන හා ධ්‍යානංග