තුචිඡතෝ.
මේ පඤ්චස්කන්ධ ධර්මයන් හිස්හෙයින් තුචිඡතෝ වන්නේය.
පඤ්චස්කන්ධ ධර්මයන් තුල පිරුණු බවක් සුභ, සුඛ, නිත්‍ය ආදී කිසිවක් නැති හෙයින් එය තුචිඡ ධර්මයක් වන්නේය. පඤ්චස්කන්ධ ධර්මයන් සියල්ල ඇතිබවක් දක්වා සියල්ල නැතිකර දමති.
උදාහරණ වශයෙන් ප්‍රේමය සලකා බලමු.
දෙදෙනෙකු අතර ඇතිවන්නාවූ රාගය සම්මිශ්‍රිත ආලය නැතහොත් ප්‍රේමය පිළිබඳව සලකා බැලීමේ දී, රාගය ඇතිවන්නේ කුමක් සඳහා ද යන්න සලකා බැලිය යුතුය. ඔබගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ රූපය, ශබිධය, ගන්ධය, රසය, ස්පර්ශය හා ඕ නිසා ඇති වන්නාවූ සිතුවිලි සමිබන්ධව මේ රාගය උපදියි. පොදුවේ සලකන විට පෙම්වතා හෝ පෙම්වතිය වශයෙන් සලකන්නාවූ සම්මුති ධර්මය කොටස් කර බැලීමේදී ඔබ ප්‍රිය කර ඇත්තේ ඉහත කොටස් 06 ට වෙන වෙනම මය. වඩාත් පහදා ගැණිම සඳහා ඔබ ඔබගේ පෙම්වතියගේ රූපයට, ඝන්ධයට, රසයට, ස්පර්ශයට, ඇය නිසා ඇතිවන සිතුවිලි වලට කැමති වුවද ඇගේ ශබිධය නැතහොත් කඩහඩට අකැමැති වීමට ඉඩ ඇත. කැමති වුවද අකැමැති වුවද පෙම්වතිය යන සම්මුතික ධර්මයේ සිට කථා කරනා විට ඉහත කොටස් 06න් නිර්මිත ධර්මයක් ඇති බව ඔබට පැහැදිලි වනු ඇත.
ඊලඟ පහදාගත යුතු අවස්ථාව වන්නේ මෙයයි. ඔබේ පෙම්වතියගේ හඩට ඔබ අකැමැති වුවත් ඇයගේ හඩට කැමති තවත් බොහො පිරිසක් සිටිය හැක. සමහර අවස්ථාවන් වලිදී එබදු හඩක් ඇති පුද්ගලයන්ම සොයනා පිරිස්ද සිටීමට හැකියාවක් ඇත. යම් යම් පුද්ගලයන්ගේ රුචි අරුචිකම් විවිධ වන අතර, සංසාරය පුරා හුරුවූ ආකාරය අනුව ඒවා සුඛ වේදනා වශයෙන් හෝ දුක්ඛ වේදනා වශයෙන් විදීමට ඔවුහු පුරුදුව සිටිති. එක් අයෙකුට ඉතාමත් සුන්දර වන්නාවූ නිලියක් තවත් අයෙකුට පෙන්නන්ට බැරි අප්‍රසන්න දර්ශනයක් විය හැක. එක් අයෙකු ඉතාමත් ප්‍රිය කරන්නාවූ ගීතයක් තවත් අයෙකුට අසන්නට කාටෝර ඝෝෂාවක් වූවක් විය හැක. එක් අයෙකුට සුවඳවත් වූ සුවඳ විලවුන් වර්ගයක් තවත් අයෙකුට තදබල හිසේ කැක්කුමක් ගෙනදීමට තරම් හේතුවිය හැකි අප්‍රසන්න අරමුණක් විය හැක. එසේම එක් අයෙකුට අතීශය ප්‍රිය වූ ආහාරයක් තවත් අයෙකුට වමනය ඇතිකිරීමට හේතුවන රසයක් විය හැක. මේ ආකාරයට එක් අයෙකුට සුඛයක් වන වේදනාවක් තවත් අයෙකුට දුක් ගෙනදෙන වෙදනාවක් හෝ කිතියක් හෝ විය හැක. එක් අයෙකු අතීශයෙන් ප්‍රිය කරන්නාවූ සිතුවිලි පරම්පරාවක් තවත් අයෙකුට ද්වේශය තරහව හෝ මොහය ගෙන දෙන්නක් විය හැක. මේ ආකාරයට අරමුණු විවිධ පුද්ගලයන් ග්‍රහණය කිරීමේදී විවිධත්වයක් දැකිමට ඇත.
එසෙනමි මේ විවිධත්ව ඇත්තේ අරමුණ තුලද නැතහොත් තමා තුලද යන්න සිතා බැලිය යුතුය. අරමුණ තුල එම විවිධත්වය ඇත්නම් එක් අයෙකුට අතීශය ප්‍රසන්න වන දුරියන් රසය තවත් අයෙකුට වමනය ගෙනදීමට තරම් අප්‍රසන්න රසයක් වන්නේ නැත. එසේනම් ප්‍රසන්න බව හෝ අප්‍රසන්න බව හෝ ඇත්තේ දුරියන් රසයේ නාව එම රස වේදනාව විදින්නා තුල බව වටහාගත යුතුය. අනාත්ම වූ දුරියන් රසය එක් පසක පවතින ධර්මතාවයකි. එහි රසයක ඇත. එය සෑම අරමුණකම පවතින්නාවූ රසයයි. එ රසය විදින්නාවූ තැනැත්තා තුල ඒ පිළිබඳව විවිධ වේදනා ජනිත වෙයි.
මේ අනුව සලකා බැලීමේදී පෙම්වතියගේ රූපය, ශබිධය, ගණ්ධය, රසය, ස්පර්ශය හා ඇය සමිබන්ධ සිතුවිලි පිළිබඳව ඔබ ඇතිකර ගන්නා සුඛය, සුභය, හොඳය, නරකය ආදී වශයෙන් වන්නාවූ සියලුම ධර්මයන් ජනිතවන්නේ ඔබේ පඤ්චස්කන්ධය තුලම වන අතර ඇය තුල ඒවා ඇත්තේ නැත. ඔබේ පෙම්වතිය පිළිබඳව සිය දෙනෙකු ඇතිකර ගන්නා පඤ්චස්කන්ධ ධර්ම පර්ම්පරාවන් සියක් ආකාරයක් ගනී. ඒවා එකකට එකක් සමවන්නේ නැත. අනන්‍ය වූ අවිධ්‍යා, තෘශ්ණා, කර්මයන්ට අනුරූපව ඒවා සකස් වී ඇත.
එබැවින් ඔබ පෙම්වතිය පිළිබඳව ඇතිකරගන්නා සියළුම සංස්කාරයන් හිස් ධර්මයන් වන අතර සත්‍යවශයෙන් ඇතිවා නොවේ. ඒ ධර්මයන් ඔබ තුලම අතිවී ඔබ තුලම පැවතී ඔබ තුලම නිරුද්ධ වී යයි. පෙම්වතිය යන අනන්‍ය පඤ්චස්කන්ධ ධර්ම පරම්පරාව පසෙකින් වෙනම ම පවතියි. එසේනම් එම පෙම්වතී යන පඤ්චස්කන්ධ ධර්ම පරම්පරාව සංඛ්‍යාත අරමුණු 06 ඔබේ ආයතන 06ට අරමුණු වන්නේ අන්කිසිවක් නිසා නොව පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ඔබගේ අවිද්‍යා තෘශ්ණා, කර්මයන්ට අනුරූපව වන බව ඔබට වැටහිය යුතුය. එබැවින් මේ පඤ්චස්කන්ධය හිස් ධර්මයක් මිස අන් කිසිවක් නොවේ.