අසාරකතෝ
දුර්වලපෙණපිඩන්මෙන්හෙයින් දසුවයන්බිඳදමනහෙයින්දපඤ්චස්කන්ධය අසාර වන්නේය.
ඔබට ඇසක් ඇත- එයින් රූප දර්ශනයවේ. මේ ඇසත් රූපත් ගැටුන විටදී සුඛ වේදනාවක් ජනිත විය හැක. ඒ සුඛ වේදනාවට සත්ත්වයින් ඇලෙති. මෙසේම කණ, නාසය, දිව, ශරිරය, හා මනස නිසා ඇතිවන්නාවූ සුඛ වේදනාවන්ට සත්ත්වයින් ඇලෙති. ඒ ඇලෙන්නාවූ තශ්ණාවට නැවත නැවත ඇලීම නිසා උපාදායන් ඇතිවෙති. ඒ උපාදානයන්ටත් ඇලීම නිසා කර්ම භවයන් රුස්වෙති. ඒවා කරෙහිත් ඇලෙති. ඒ කර්ම භවයන් නිසා ජාතිය ජනිත වෙයි. ඒ ජාතියටත් ඇලෙති. ජාතිය නිසා ඇතිවන ජරා, මරන, සොක, පරිදේවාදී මහා ගිනි කෙරේ සුඛයට ඇති ඇලීම නිසා ගැටෙති. එයින් මිදී සුඛය ලැබිය යුතුය කියා, නැවතත් සුඛයටම ඇලෙති. ඒ ඇල්ම නිසා අවිද්‍යාවත්, ඒ අවිද්‍යාවට ඇලෙමින් ඒ තුල පිහිටමින් සංස්කාරයන් ජනිත කරමින් එවාටත් ඇලෙති. ඒ සංඛාර නිසා උපදින විඤාණයන්ටත් ඇලෙති. ඒ විඥාන නිසා ඇතිවන නාමරූපයන්ටත් ඇලෙති. එයින් හටගත් ෂඩායතනයන්ටත් ඇලති. මෙසේ රූපස්කන්ධයටත්, වේදනාස්කන්ධයටත්, සංඥාස්කන්ධයටත්, සංඛාර ස්කන්ධයටත්, විඤාණ ස්කන්ධයටත් වශයෙන් සමස්ථ පඤ්චස්කන්ධයටම ඇලෙති. ඇලී ඒවා සුඛ යැයි සිතති.
සැබවින්ම පඤ්චස්කන්ධ ධර්මයන් තුල සුඛයක් ඇත. පඤ්චස්කන්ධ ධර්මයන් පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් බවට පත්වනුයේ ඒ සුඛයන්ට ඇලුමි කිරීම් වශයෙනි. නමුත් මේ ඇතිවන සුඛයේ පලක් තිබේද? ඇසට රූපයක් පෙනීම නිසා සුඛාස්වාදයක් ඇතිවුනි නමි එහි පැවතීම අල්ප කාලයකි. ඉන්පසු ඇසට පෙනුන දර්ශණය නිසා ඇතිවූ සුඛාස්වාදය රූපය නොපෙනීයාමක් සමඟ බිදී දුක්ඛසහගත වේදනාවක් ජනිතවීමට ඉඩ ඇත. මේ ආකාරයට පඤ්චස්කන්ධ ධර්මයන්ගෙන් කිනමි ධර්මයක් වුවද සුවයෙන් පහවන සුලු ස්වභාවයකින් යුක්ත වන්නේය. ස්ථිරත්වයක් නැති එහි නියත සුඛයක් ලද නොහැකි වන්නේය. කිනමි ධ්‍යාන සුඛයක් වුවද, මාර්ග සිත වුවද, ඵල සිත වුවද පවත්නා කල්හි සුඛ සහගත වුවද එය පැය 24 ම සැම මොහොතෙම පවතින්නක් නොවේ. ඵල සමවතට සමවැදී සිටින්නාවූ කාලය තුල ඇතිවන සුඛය, ඵල සමවතින් නැගීසිටි කල්හි නැතිවී යයි. ධයානයන්හි තත්වය ද මෙයින් වෙනස් නොවේ. එබැවින් පඤ්චස්කන්ධ ධර්මයන් තුල සැමදා පවතින කිසිදු ධර්මතාවයක් ඇත්තේ නැත. එබැවින් එහි කිනමි සාරවත් බවක්ද? ධර්මයන් ජනිත වෙති. ඒ ඒ ධර්මයන්ම නිරුද්ධ වෙති. ඒ ඇතිවන්නාවු ධර්මයන් ග්‍රහණය කරගන්නාවූ තැන්ත්තෝ මොඩ වෙති. නුවනැත්තෝ ඇතිවෙමින් නැතිවෙමින් යන්නාවූ ධර්මයන් දෙස බලමින් විදර්ශනා කරති.