සුවච විය යුතුය.
මෙයින් අදහස් වන්නේ කීකරු බව, නැණවතුන්ගේ නැණවත් වදන් ගරුකරනා බවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම චක්‍රරයට ගිහි පැවිදි කවුරුත් සුවච විය යුතුය. ත්‍රිපිටක ධර්මයට, සංඝයා වහන්සේගේ අනුශාසනා, ගුරුවරුන්, මවිපියන් ආදීන්ගේ නැනවත් දෙසුම් වලට නුවනැති සියල්ලෝ සුවච විය යුතුය. වරක් මළුව අමදිමින් සිටි සැරියුත් මහරහතුන් වහන්සේගේ සිවිරු කොනක් බිම වදිනා බව කුඩා රාහුල තෙරුන් පෙන්වා දුන් අවස්ථාවෙදී භාග්‍යවතුන් වහන්සේට පමණක් ප්‍රඥාවන් දෙවැනි වූ සැරියුත් තෙරනුන් වහන්සේ සුවච ව උන්වහන්සේගේ චීවරය සකසා ගත් බව ත්‍රිපිටකයේ සඳහන්ව ඇත. එබැවින් නිවන් කැමති තැනැත්තා පණ්ඩිතයන්ගේ අවවාද අනුසාශනා සෑම විටම ගරු කල යුතුය.
මහා මානයෙන් යුතු අයෙකු නොවිය යුතුය
යමෙක් තවත් අයෙකුගේ වදන් ඉවසා ඒවා ගරු කිරීමට නම් මානයෙන් තොරවූ අයෙකු විය යුතුය. සමාජය පිරිස්, ජාති, ආගමි, කුල, ගෝත්‍ර, වර්ණ භේධය වැනි විවිධ මුලාකරනවන සුලු සංඥාවන් ගෙන් වසඟව සිටිති. පැවිද්දෝ නිකායන් නිසා මානයෙන් සිටිති, ගිහියෝ සැපසම්පත් නිසා මානයට පත්ව සිටිති. මෙහිදී නිවන් කැමති තැනැත්තා බැලිය යුත්තේ වෙනත් කිසිදු සංඥාවක් පිළිබඳව නොවේ.පළමුව කී පරිදි යමක් කල යුතු නම් එහි දක්ෂ වූ තැනැත්තා අන්‍යන්ට ද ඇහුම් කන් දිය යුතුය. ඒවා බුද්ධිමත්ව සිතා බලා තර්ක කල යුතුය. එවිට සමාජයේ පණ්ඩිතයන් කවුරුන්ද මොඩයන් කවුරුන්ද යන්න වටහා ගැනීමේ හැකියාව ඔහුට ලැබෙණු ඇත. සෑම විටම පණ්ඩිතයන්ගේ අවවාද අනුශාසනා බුද්ධිමත්ව පිළිපැදීමෙන් යහපතක් වන බවත් අනුවනයන්ගේ වදන් පිළිපැදීමෙන් අයහපතක් වන බවත් දැක. තමාගේ යහපත සලකා උපදෙස් දෙන්නා භෞතික සමිපත් වලින් කෙතරම් තමාට පහත් වූවත්, වයසින්, ජාතියෙන්, කුලගෝත්‍රයෙන් කෙතරමි පහත් වූවත්, තමාගේ මානය පසෙකලා එකී අවවාද අනුසාසනා පිළිගත යුතු වන්නේය.