ලද දෙයින් සතුටු විය යුතුය
ලොව ඇස ආදී ආයතනයන්ට හමුවන්නාවූ රූපාදී අරමුණු අප්‍රමාණ ප්‍රමාණයක් ඇත. මෙකී අරමුනු තුලින් ඇතිකර දෙන්නාවූ අප්‍රමාණ වූ වේදනාස්ඛන්ධයට අනුරූපව මිනිසුන්ට ඇතිවන්නාවූ අවශ්‍යතාවයන්ගේ ද සීමාවක් නැත. ලද දෙයින් සතුටු නොවන්නාට මේ ලොව අසීමිතය. ලද දෙයින් සතුටු වන්නාට ඒ ලද දෙය තුල ලොවේ සීමාව පවතියි. පයින් යන්නට අකමැති යමෙක් වේ නම් ඔහුට පාපැදියක් ගැනීමේ අවහ්‍යතාවයක් ඇතිවිය හැක, පසුව එය යතුරු පැදියක් ද, යතුරු පැදිය ත්‍රීවිල් රථයක් ද, ත්‍රීවිල් රථය කාර් රථයක් ද, කාර් රථ විවිධ මාදිලි හා විවිධ සුවපහසු තත්වයන් යටතේ ඇති නිසා ඒ විවිධ රථ සඳහා ද, එය ද මදිවන්නා නැවක් සඳහා ද, එයත් මදි වන තැනැත්තා ගුවන් යානයක් සඳහා ද කැමතිවිය හැක. මෙසේ ලොව කැමති විය හැකි අරමුණු අප්‍රමාණ සංඛාවක් ඇති නමුත්. මින් ඔබ සෑහීමට පත්වන්නේ කිනමි තැනකින්ද යන්න ඔබ තීරණය කල යුතුය. ලොව ඔබ කැමති වන්නාවූ කිසිවක් ඔබට ඉබේ පහල වන්නේ නැත. ඒ සඳහා ඔබගේ ගෙවීම වන්නේ දුඛ නැතහොත් දුක්ඛ සත්‍යයි. එබැවින් යමෙක් ලද දෙයින් සතුටු වන්නේ නම්, ඔහු දුඛ උපයන්නෙක් නොවේ. ඔහු නිවනට ඉතා ලඟය.
අනුන් විසින් පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු විය යුතුය
යමෙක් ලද දෙයින් සතුටු වන්නේ නම් ඔහු පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු ද වෙයි. මේ ධර්ම දෙක තුල ඇත්තේ අනුලොම සමිබන්ධතාවයකි. ආරණ්‍යවාසී භික්ෂුවක් සැලකුවහොත් එවන් භින්ෂුවගේ අවශ්‍යතාවය වන්නේ තුන් සිවුර, පාත්‍රය, සිටින්ට තැනක්, දාන වේලක් හා පාවැසුමි යුවලක් හා තල් අත්තක් විය හැක. උන්වහන්සේ කවර දුගියෙකුට වුවද පෝෂණය කල හැක්කේ උන්වහන්සේ ලද දෙයින් සතුටු වන බැවිනි. එවන් උන්වහන්සේට නිවන හැර අන් අපේක්ෂාවන් නැත. අඥාන මිනිසුන් නිමක් නැති වස්තු රුස් කිරීමට අපතේ යවන්නාවූ කාලය උන්වහන්සේට භව නිස්සරණ සඳහා යෙදවිය හැක. එබැවින් නිවන් කැමැති තැනැත්තා පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු විය යුතුම වන්නේය. ගිහියෙක් සමිබන්ධයෙන් වන විට අසීමිත ආසාවන් මත ලුහු බැඳ නොගොස් උපෙක්ෂාව පුරුදු පුහුණු කිරීම තුලින් මෙම ගුණාංගය ඔහුගේ ජීවිතයට එක් කරගත හැක. ඒ සඳහා කල හැකි පහසුම වැඩ පිළිවල වන්නේ සරල දිවි පෙවතකට හුරු වීමයි.