භස්සාරාමතා
භස්සාරාමතාවය යනු භාවනා කිරීමට, අධ්‍යාත්මික වශයෙන් දියුණුව ඇතිකර ගැණිම පිණිස ඇති කාලය අල්ලාප-සල්ලාප යඳහා වැයකරමින් වාසය කිරිමයි. වර්ථමානයේ නමි භාවනා කරන බොහෝ තරුණ පිරිසකට බලපා ඇති දරුණුතම පරිහානි ධර්මයක් ලෙස මෙම භස්සාරාමතාවය දැක්විය හැක.
ෆේස් බුක් ආදී විවිධ සමාජ ජාලයන්හි පැය 1, 2, 3.. ආදී වශයෙන් කාලය නිකරුනේ මරා දැමීමටත් එයට ඇලී ගැලී වාසය කරමින් එයම උපාදාන කර ගනිමින්අල්ලාප සල්ලාපයේ යෙදීමටත් බොහෝ පිරිසක් හුරුවී ඇත.මෙයින් කියනුයේ ෆෙස්බුක් පරිහරණය නොකල යුතු බවක් නොවේ. ඒවාද කල යුතුය. නමුත් ඒහිම ඇලී ගැලී භාවනා කාලය හා නිවන් මඟ අඩපන කරගැණිම කරගන්නේ නමි එය පිරිහිමේ තත්වයකි.
එබැවින් අල්ලාප සල්ලාපයේ යෙදීමට යොදවන කාලය සීමා කල යුතුය. එසේම කථා කිරීමේ දී කථ කල යුත්තේ කවරක්ද කථා නොකල යුත්තේ කවරක්ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රාග, ද්වේශ, මෝහ අාදිය වර්ධණය වීමට හේතුවන යම් කථා තිබේනම් එවායින් හැකිපමණ දුරස් වීමට උත්සාහ ගත යුතුය. විර්‍ය, මෛත්‍රීය, කරුණාව, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී ධර්මයන් වර්ධණය වීමට යම් කථාවක් හේතු වේ නම් එබදු කථා කල යුතුය. මෙහිදී උපෝසථ ශීලය සමාදාන වන අවස්ථාවන් හීදී නොකල යුතු කථාවන් මෙහි දක්වනු ලැබෙයි.
“රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇදුම් පැළදුම් ගැන කථාය, නිදාගැනීම ගැන කථාය, මාලා ගැන කථාය, සුවද ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන (රථ,වාහන) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම් ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් ප්‍රයෝජන නැති දේ ගැන කථාය, ලෝකයේ මැවුම් කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම ගැන කථා නැතිවීම ගැන කථා.” (දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය)
මෙසේ එදිනෙදා කටයුතු කරගෙන යෑමේදීත් සමාජය තුල ගැවසෙන අවස්ථාවන් හීදීත් මෙබදු කථාවන්ගෙන් පුර්ණ වශයෙන් තොර වීමේ අපහසු තත්වයක් ඇතිවිය හැකිය. එබදු අවස්ථාවන් හීදී හැකි පමණ එබදු කථාවන් වලින් වැලකී සිටීමට හා ප්‍රයෝජනවත් දෙයක්ම කථාබහ කිරීමටත් අනවශ්‍ය කථාවක් නමි සුළුවෙන් වදනක් දෙකක් පවසා එය නිමා කිරීමට කටයුතු කිරීමත් සුදුසු වනු ඇත.
කථාව තුලින් භාවනාවෙන් පිරිහෙන්නේ කෙසේද?
මෙහිදී මුලින් පවසන අලද ආකාරයට භාවනාව සඳහා යොදා ඇති කාලය කථාව සඳහා මිඩංගු කිරීමත් අල්ලාප සල්ලාපය සඳහා ඇබිබැහිවීමත් යන කරුණු නිසා යමෙක් භාවනාවෙන් පිරිහෙන්නට හැකියාවක් ඇත. මේ අයුරෙන්ම යමෙක් බහුලීකරණය කරමින් යන භාවනාවෙන් පිරිහිමට අධික ලෙස කථාබහ කිරීම තවත්ආකාරයකින් ප්‍රත්‍ය වන බව දතයුතුය.
භාවනා කිරීම යනු සතිය වර්ධණය කිරීමත් එම සතිය නිසා සමාධිමය අත්දැකීමි ලැබීමත් වශයෙන් සමථයානික කොණයෙන් දැක්විය හැක. මෙහිදී සතිය යනු සිහිය එක් අරමුණක නැවත නැවත පිහිටුවීමයි. යමෙක් කථා කිරීමේදී සිදුවන ක්‍රියාවලිය මේ ආකාරයෙන් පහදාගත හැක.
කථා කිරීමේ යාන්ත්‍රණය.
ඔබට යමක් කථා කිරීම සඳහා පළමුව භාහිර ලෝකයේ පවතින යමි අරමුණක් ඔබගේ පංචඉන්ද්‍රියන්ට ග්‍රහණය කරගත යුතුය. මෙසේ භාහිර ලොකයේ ඇති අරමුණ පංචඉන්ද්‍රියන් හා ස්පර්ශ වූ විට විඤාණයක් උපදිනු ලබයි. ඒ විඤාණය නිසා, වේදනාවත්, සංඥාවත් ජනිත වෙයි. මෙසේ ඇතිවන ධර්මතාවන් නිසා සංඛාර ස්කන්ධයේ පහලවීම සිදුවෙයි. මෙහි දී සිතින් සිතුවිලි සිතීම, වචන පිටකිරීම හා, කයින් ක්‍රියා කිරීම සිදුවෙයි. මේ ආකාරයට ඔබ යමක් පිළිබඳව පවසන අවස්ථාවේදී භාහිර ලෝකයේ අනන්ත වූ රූප, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා ධර්මයන්, පිළිබඳව අනන්ත වූ විඥාන, සංඥා, වේදනාවන් හා සංඛාරයන් පහල කරනු ලබයි. මෙහිදී සිදුවනුයේ එක් අරමුණක සතිය පිහිටුවීම් වශයෙන් භාවනාවේ නිමග්න කරමින් තිබූ සිත, විවිධ වූ අරමුණු අප්‍රමාණ ප්‍රමාණයක විසුරුවා හැරීමකි. එහිදී යමි වඩන ලද සතියක් වේනමි එය පිරිහී යෑම නොවැලැක්විය හැකි කරුණකි. ශරිරය නිසොල්මන්ව තබාගෙන භාවනා කරන්නේද, භාවනාවේදී කථා නොකරමින් භාවනා කරන්නේද, භාවනාවේදී සිත එක අරමුණකම පිහිවුන්නේද මෙසේ අකීකරු අශ්වයෙක් බදු සංඛාර ස්කන්ධය සතිය නැමති රුහැන් පොටින් බැඳ හීලෑ කරගැනීම පිණිසය. එබැවින් භාවනා කිරීමේදී සාර්ථක ප්‍රථිපල ලැබීමට නමි හැකි පමණ කථා කිරීමෙන් වෙන්ව වාසය කල යුතුම වන්නේය.
යම් විටක කථා කිරීමට සිදුවන්නේම නම් සතිය පෙරටු කොට එසේ ඇතිවන සංඛාර ස්කන්ධය ද භාවනාවට නඟමින් භාවනා කල යුතුය. එය කථා කරන විට “කථා කරනවා - කථා කරනවා”යනාදී වශයෙන් සිහිය ඇතිවම කථා කිරීමෙන් හෝ එසේ කථා කරන තැනැත්තාට මෛත්‍රී, කරුණා, මුදිතාව වැනි සංකල්පනාවක් පැතිරවීම තුලින් කල හැක.