Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිද්‌දාරාමතාව - 04 කොටස

$
0
0

නිද්දාරාමතාව
නිද්දාරාමතාවය යනු නින්දේ ඇලී ගැලී සිටීමයි. නින්දේ ඇලී ගැලී සිටින්නා භාවනාවෙන් පිරිහෙයි. නින්ද යනු කුමක්ද යන්නත්, නින්ද පිළිබඳවත් මෙහි සමිපාදිත මෙම ලිපි ද්ව්ත්වය කියවා ගන්න.

විද්‍යාව හා නින්ද
සිහින පිළිබඳ බොදු විවරණය 

නින්ද මිනිස් සිරුරට විවේකය ලබාදීම සඳහා ඇති යාන්ත්‍රනයක්ය යන්න පොදු පිළිගැනීමයි. අභිධර්මය ප්‍රකාරව නින්දේදි සිදුවනුයේ සිත භවංග පතනය වී ශුද්ධ භවාංග සිත් පරම්පරාවක් උපදිමින් පැවතීමයි. නින්ද කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් නොවෙයි. නමුත් නින්දට වැටීමට ආසන්න අවස්ථාවේ දී ඇතිවන්නාවූ ථින-මිද්ධය අකුසල කර්මයක් වන අතර එය නීවරණ ධර්මයකි.

යමෙක් නින්ද ප්‍රිය කරයි නම්, නින්ද උපාදාන කරයි නම් ඔහුට ජීවත්වීමට ඇති සුළු කාලයෙන්ද විශාල ප්‍රමාණයක් අහිමි වී යයි. එසේම කිරීමට ඇති වැඩ රාජකාරි ද බොහෝමයක් අතපසු වී යයි. එබැවින් නින්ද යනු දුරුකල යුතු ධර්මයක් වන්නේය. මෙහිදී භාග්‍යවතුන්වහන්සේ නින්ද පිළිබඳව පවසා ඇති කරුණු දැන සිටීම ද ප්‍රයෝජනවත් වනු ඇත.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාර නම් පර්වතය අසල මිගදාය නම් වූ භෙස කලාවනයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටියේ වෙයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්වතය ආසන්නයෙහි මිගදාය නම් වූ භෙස කලාවනයෙන් අන්තර්ධානවූයේ, මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන  ස්ථවිරයන් ඉදිරියෙහි පහළවිය.

භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ සිට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.

මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? "ස්වාමීනි, එසේය."

(01) "එසේ නම් මොග්ගල්ලානය, යම් සංඥාවක් ඇතිව වාසය කරන්නාවු ඔබ මැලි ගතියට බැස ගන්නෙහි ද, ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුල වශයෙන් මෙනෙහි නොකරව. මෙසේ වාසය කරණ ඔබට මැලි ගතිය පහවන්නේය යන කරුණු පවතී.

ඔබ යමි භාවනාවක නියුතු වී සිටින්නේ නම්, එම භාවනා සංඥාවම නැවත නැවත වැඩීම නිසා සිත වෙහෙස වී නිද්‍රාවට පත්වීමට ඉඩ ඇත. එවන් අවස්ථාවකදී එම සංඥාව වෙනස් කොට භාවනාවේ නියුතුවිය යුතුවීම මෙහිදී කල හැක. වෙනත් උදාහරණයක් ගතහොත් ඔය යමි විශයකට අදාල පොතක් කියවමින් සිටිනා අවස්ථාවක දී නිද්‍රාවට පත්වන්නේ නම් එම විශය ඉවතලා වෙනත් විශයකට අදාල පොතක් කියවීමෙන් ඔබගේ නිදිමත පහවීමට ඉඩකඩ ඇත. මෙසේ පහත ක්‍රම වලින් නිදි මත හා සටන් වැදීමේ හැකියාව ඔබට ඇත.

(02) මෙසේ වාසය කරණ ඔබට ඉදින් ඒ මැලි ගතිය පහනොවන්නේ නම්, අසන ලද ධර්මයක් සිතින් නැවත කල්පනා කරව. නැවත සිහි කරව. සිතින් නැවත විමසව. සිත මෙහෙයවා බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

(03) මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, මොග්ගල්ලානය, ඔබ දෙකන් සිදුරු යා කරන්නෙහිය. අතින් ශරීරය තදින් පිරිමදින්නෙහිය. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

(04) මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේදඔබ අස්නෙන් නැගිට ඇස් තෙමා දිශාවන් බලව. නැකැත් තරු හා තරු රූප බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

(05) මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේදඔබ ආලෝක සංඥාව සිහි කරව. දහවලය යන සංඥාව සිතින් ගනුව. දවාල යම් සේද, රාත්‍රියත් එසේය. රාත්‍රිය යම් සේද, දවාලත් එසේය යි මෙසේ විවෘතවූ වට නොකළ සිතින් ප්‍රභා සහිත සිත වඩව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

(06) මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එතැන් පටන් ඔබ ඉදිරිය, පසුව යන හැගීම ඇත්තේ, අභ්‍යන්තර ගත ඉන්ද්‍රියන්ගෙන් විවේකවූ සිතින් සක්මනට බසුව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

මෙසේ වාසය කරණ ඔබට ඒ නිදි මැලි ගතිය ඉදින් දුරු නොවේද, ඉක්බිති මොග්ගල්ලානය, ඔබ පයින් පය එකට තබා සීහ සෙය්‍යාව කරව. සිහි ඇත්තේ, මනා දැනීම් ඇත්තේ, නැගිටීමෙ සංඥාව මෙනෙහි කොට මොග්ගල්ලානය, පිබිදියාවූ ඔබ නිද්‍රා සුඛය, ස්පර්ශ සුඛය, මැලි බවෙහි සුඛය යන මෙහි නොයෙදී වාසය කරන්නෙමියි වහාම නැගිටිය යුතුය. (පවලායන සූත්‍රය/අංගුත්තර නිකාය/සත්තක නිපාතය)

යම් ආකාරයකට ඉහත ක්‍රමයන් අනුව පිළිපැදීමේ දීත් අදික නිදිමතක් ඇත්වන්නේ නමි සිහිය පෙරටුකොට අසවල් වේලාවට නැගිටිමියි අදිශ්ඨාන කොට සිංහ සෙයියාවෙන් සැතපිය යුතු බව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයයි.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles