Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

02 කොටස කම්මාරාමතාව

$
0
0

කම්මාරාමතා
මෙයින් අදහස් වන්නේ විවිධ කර්මාන්තයෙන්හි නියතු වෙමින් වාසය කිරීමයි. ජීවත් වීම සඳහා සියල්ලන්ම කිනමි හෝ කර්මාන්තයක නියැලිය යුතුය. මෙයින් අදහස් වන්නේ එබදු කර්මාන්තයන්ගෙන් තොරව නිශ්ක්‍රිය ජීවිතයක් ගත කිරිම නොවේ. සේඛයෙකු නමි භාවනාවෙන් යමි ප්‍රගතියක් ප්‍රථිපලයක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නෙක් නමි, ඔහු විසින් ඔහුගේ ජීවිතයේ මූලිකස්ථානය දිය යුත්තේ භාවනාව සඳහාමය. රුකිරක්ෂා කටයුතු ආදිය කිරීම පවා එවැනි අයෙකු කරනු ලබන්නේ තමාගේ භාවනාව ඉදිරියට කරගෙන යෑම සඳහා පහසුවක් වශයෙන් අවශ්‍ය අන් ආහාර-පාන, ඉදුමි හිටිමි, වස්ත්‍ර ආදිය සපයා ගැණිම පිණිසය.  මෙහිදී ලෝක සත්ත්වයාගේ චිනතනයේ වෙනසක් දැකිය හැක. ලෝක සන්නිවාසය තුල පුද්ගලයන්ගේ අරමුණු විවිධාකාරය. බොහෝ පිරිසකගේ අරමුණු පොදු මහත් පිරිසගේ අරමුණු වලින් අපගමනය වනුයේ සුළු වශයෙනි. උදාහරණයක් වශයෙන් ගතහොත් සමාජය තුල වැඩි පිරිසකගේ සැබෑ අරමුණ වනුයේ, හොද අධ්‍යාපනයක් ලැබීම, විවාහ කටයුතු ආදිය කර ගැනීම, දරු මුණුබුරන් තැනීම, නිවෙස්- යානාවාහන ආදිය එක්රුස් කිරීම, ධන ධාන්‍ය ආදිය එක්රුස් කිරීම හෞතික ලොකය තුල සුඛ සමිමත වන්නාවූ ද්‍රව්‍යන් වැඩි වැඩියෙන් එක් රුස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමත්ය.

ඒ සඳහා කෙතෙක් මනෝ දුශ්චරිතයන් ආස්වනය කිරීමට සිදුවුවු ද ඔවුහු එවා කල යුතු දෑ වශයෙන් හා, පැවැතිය යුතු දෑ වශයෙන් සලකති. එබැවින් සමාජයේ වැඩි ප්‍රවාහයක් මුවදොර බලායන ගංගාවක් මෙන් සාමාන්‍ය පරිදි භවසාගරයට ගසාගෙන යති. නමුත් අතලොස්සක් පමණක් උඩුගං බලා පිහිනා යති. ඒ සඳහා ඔවුන්ද මේ සමාජයේම ජීවත් විය යුතුය, පහලට ගලායන ප්‍රවාහය තුලම ජීවිකාව පැවැත්විය යුතුය. නමුත් ඔවුන්ගේ පරමාර්ථයන් පොදු ප්‍රවාහයේ පරමාර්ථයනගෙන් ප්‍රබලව වෙනස් වෙයි.

සාමාණ්‍ය අවිද්‍යාවේ ඇලී ගැලී වෙසෙන්නාවූ මිනිසා රුකි රක්ෂා කිරිම, ගේ දොර- තැනීම, අඹුදරුවන් රුකීම, මිල මුදල් සේවීම, යානා වාහන ආදිය ගැනීම තමාගේ ගොඩ වැඩිකර ගැනීමේ පරමාර්ථයෙන්ම තෘශ්ණාවෙන්ම කරනු ලැබෙයි. නමුත් අවිද්‍යාවෙන් එලියට ඒමට කැමැත්තෙන් පසුවන්නාවූ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නාවූ පුද්ගලයා ද මම කටයුතුම කරනු ලබන නමුත් ඔහුගේ පරමාර්ථය එවන් වස්තු පැවතීම සංසාරය කෙටිකර ගැනීමට භව නිස්සරණයට, අතහැරීමට උපකාර කර ධර්මයන්ගේ පැවැතීමක් බවයි. එබැවින් යමෙක් භාවනාව තුලින් නොපිරිහීමට බලාපොරොත්තු වන්නේ ද තෘශ්ණා මූලික කර්මාන්තයන්හි, ඇලීම් වලින් හැකිතාක් සිත මුදවාගත යුතුවන්නේය.


එවැනි අභිලාශයක් ඇතිව සිටින පුද්ගලයා හා කර්මාන්තයන්ගේ අ‍ැලෙන පුද්ගලයා අතර පවතින වෙනස.
භවයෙන් මිදිම බලාපොරොත්තු වන්නා කර්මාන්තයන් කරණුයේ භවයෙන් මිදීමට පහසුවක් වනු පිණිස ජීවිකාව ගෙනයාමි වශයෙන් අවැසි වන්නාවූ දෑ සපයා ගැණිම පිණිසය. නමුත් කර්මාන්තයන්හි ඇලෙන්නා එසේ ඇලී සිටිනුයේ භවය වර්ධනය කර ගනු පිණිස ඇවැසි වන්නාවූ තමාගේ ලෞකික සමිපත් වර්ධණය කර ගැනීම සඳහාය.

භවයෙන් මිදීමට බලාපොරොත්තු වන්නාවූ තැනැත්තාගේ කම්මාරාමතාව භවයෙන් මිදීමට ඇවැසි දෑ සමිපාදනය කර ගැනීමෙන් සීමාවේ. උදාහරණයක් වශයෙන්, ඔහුගේ අවශ්‍යතා ජීවත් වීමට ප්‍රමාණවත් වූ ඇදුමි, නිවාස, ආහාර පමණක් විය හැක. නමුත් භවයේ ඇලෙන්නා නිවසකින් ප්‍රමාණවත් නොවේ ඔහුට මාලිගාවක් තැනීමේ අවශ්‍යතාවය ඇතිවෙයි. එවන් ඔහුට තව තවත් කර්මාන්තයන්ගේ ඇලී ගැලී කටයුතු කිරීමට සිදුවෙයි. ඔහුට ජීවත් වීමට සරල ඇදුමක් ප්‍රමාණවත් නොවෙයි, ඔහුට කැපී පෙනීමි ආදී වශයෙන් උස්මතුවීමට වටිනා ඇඳුමි පැළදුමි අවශ්‍ය වේ. එවන් ඔහුට ඒ සඳහා කර්මාන්තයනගේ වඩ වඩාත් ඇලෙන්නට සිදුවෙයි. භව නිස්සරණය පත්න්නාට කුමක් හේ ජීවිතය පවත්වන්නාවූ ආහාර වේලක් ප්‍රමාණවත් වේ. නමුත් ඉඳුරන් පිනවීමි වශයෙන් භවයේ ඇලෙන්නාට විවිධ ආහාරයන්, තරු හොටල් වල ආහාරයන් ආදිය භුක්ති විදීමේ අභිලාශය පැමිණෙයි. එබදු ඔහුට ඒ සඳහ ඇවැසි මිල මුදල් සැපයීම පිණිස කර්මාන්තයන්හි ඇලීමට සිදුවෙයි. මේ ආකාරයට, පැහැදිලි විය යුතු කරුණ වනුයේ කර්මාන්තයන්ගේ ඇලී ගැලී වාසය කිරිමෙන් මිදීමට පිළියම වන්නේ සරල දිවි පෙවතකට හුරු වීම බවය. කරණිය මෙත්ත සුත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ නිවන් දකිනා පුද්ගලයෙකුගේ ලක්ෂණ වශයෙන් සුභරබව නැතහොත් පහසුවෙන් පෝෂණය කල හැකි බව දක්වා ඇත්තේ එබැවිනි.

එබැවින් පහසුවෙන් පෝෂණය කල නොහැකි තැනැත්තා, කායාදී ආයතනයන් හා ස්පර්ශ වන අරමුණු ලුහු බැඳ යන්නා සොවාන්ව සිටියද, සකදාගාමීව සිටියද, ආනාගාමීව සිටියද, අරහත් මාර්ගස්ථව සිටියද මාර්ගයෙන් පිරිහීමට පත්වේ. එබැවින් කර්මාන්තයන්ගේ ඇලී ගැලී සිටිම නිසා සේඛයා පරිහානියට පත්වීම සිදුවෙයි.

උදාහරණ
භාවනාවෙන් උසස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන යමි අයෙක් වේ නමි, දෛනිකව තමා භාවනාව සඳහා වෙන් කර ඇති පැය එකක හෝ දෙකක කාලය ඒ සඳහා යෙදවීම අතපසු කරමින් විවිධ කර්මාන්තයන්හි නියැලී සිටිත් නමි එය ද කමිමාරාමතා යනුවෙන් සදහන් කල හැක.

උදාහරණයක් වශයෙන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක නියුතු වන්නෙක් ගැන සිතුවහොත්. මෙම වෙළෙන්දා උදේ 8ට විවෘත කල කඩය රාත්‍රී 12 වන තෙක් විවෘතව තබා නින්දට යන්නේ නමි  ඔහුට භාවනාව සඳහා වෙන් කිරීමට කාලයක් නැත. භාවනාව සඳහා කාලය ඉබේ නොලැබෙන අතර ඒසේ ලබාගත යුතු කාලය වෙනුවෙන් ද යමි කැපකිරිමක් කල යුතුය. මෙහිදී වෙළෙන්දා විසින් කල යුතු කැප කිරිම වන්නේ කඩය කල් ඇතිව වසා දැමීම විය හැක. මේ ආකාරයට කාල කළමනා කරණය කිරිම හා අනවශ්‍ය ලෙස කර්මාන්තයන්හිම නිමග්නව සිටීම නොකොට භාවනාව සදහා වෙන්කරන ලද යමි කාලයක් ඇත්නමි ඒම කාලය භාවනාව සඳහාම යෙදවිය යුතුය. එවිට එය නකමිමාරාමතා නමි වන අතර කමිමාරාමතාවයේ නොඇලී සිටින පුද්ගලයා භාවනාවෙන් දියුණුවක් ලබන්නෙක් වෙයි.

මෙය කරණිය මිත්ත සූත්‍රයේම අප්පකිචිචෝනැතහොත් අල්පකර්මාන්ත ඇතිබව යන පදයෙන් විස්තර කොට භාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත. නිවන් කැමති පුද්ගලයා අඩු වැඩ ඇති පුද්ගලයෙකු විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ එහි විස්තර කොට දේශනා කර ඇත. එබැවින් භාවනාවෙන් උසස් ප්‍රථිපල බලාපොරොත්තු වන අයෙක් වේ නමි ඔහු කර්මාන්තයන්හීම ඇලී ගැලී නොසිට ඒවා මනා ලෙස කලමණාකරණය කිරිමත්, භාවනාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන කාලය සඳහා කිනමි භාධකයක් පැමිණියත් ඒ කාලය ඒ සඳහාම යෙදවීමටත් වගබලාගත යුත් අතර, බුද්ධිමතෙක්ද විය යුතුය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles