හැදින්වීමේ ලිපිය
සේක පරිහානි සූත්‍රය
‘අට්ඨිමෙ, භික්ඛවෙ, ධම්මාසෙඛස්සභික්ඛුනොපරිහානායසංවත්තන්ති. කතමෙඅට්ඨ? කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසුඅගුත්තද්වාරතා, භොජනෙඅමත්තඤ්ඤුතා, සංසග්ගාරාමතා, පපඤ්චාරාමතා– ඉමෙඛො, භික්ඛවෙ, අට්ඨධම්මාසෙඛස්සභික්ඛුනොපරිහානායසංවත්තන්ති.
‘‘අට්ඨිමෙ, භික්ඛවෙ, ධම්මාසෙඛස්සභික්ඛුනො අපරිහානායසංවත්තන්ති. කතමෙඅට්ඨ? නකම්මාරාමතා, නභස්සාරාමතා, න නිද්දාරාමතා, නසඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසුගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, අසංසග්ගාරාමතා, නිප්පපඤ්චාරාමතා– ඉමෙඛො, භික්ඛවෙ, අට්ඨධම්මාසෙඛස්සභික්ඛුනොඅපරිහානායසංවත්තන්තී’’ති.
සිංහල භාවය
මහණෙනි, මේකරුණු අට හික්මෙන (රහත් නොවූ) අයෙකු හටපිරිහීම පිණිස පවතී.
කවර අටක්ද යත්? කටයුතුවල ඇලී සිටීමය. කථාවෙහි ඇලී සිටීමය, නින්දෙහි ඇලී සිටීමය. කාණ්ඩ ගැසීමෙහි ඇලී සිටීමය, ඉදුරන්හි දොර නොරක්නා ලද බවය. අහරෙහි පමණ නොදන්නා බවය. සමිබන්ධයන්හි ඇලී සිටීමය, පමාවෙහි ඇලී සිටීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භිකෂුහට පිරිහීම පිණිස පවතී.
මහණෙනි, මේකරුණු අට හික්මෙන (රහත් නොවූ) අයෙකුමටනොපිරිහීම පිණිස පවතී.කවර අටක්ද යත්? කටයුතුවල ඇලී නොසිටීමය. කථාවෙහි ඇලී නොසිටීමය, නින්දෙහි ඇලී නොසිටීමය. කාණ්ඩ ගැසීමෙහි ඇලී නොසිටීමය, ඉදුරන්හි රක්නා ලද දොර ඇති බවය. අහරෙහි පමණ දන්නා බවය. සමිබනධයන්හි නොඇලීමය, ප්‍රමාදයෙහි නොඇලීමය. මහණෙනි, මේකරුණු අට හික්මෙන (රහත් නොවූ) භිකෂුහට නොපිරිහීම පිණිස පවතී.(අංගුත්තරනිකාය, අටිඨක නිපාතය, දුතිය පන්නාසකය, යමක වර්ගය, පරිහානසුත්‌තං)
අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර සිටින ආකාරයෙන්ම රහත් ඵලයට පත්වී මෙම බුද්ධ සාසනයේ බඹසර වෙස අවසන් කර ඇති අරහත් ඵලස්ත උතුමෝ හැර අන් සියල්ලන්ම සේඛ නැතහොත් ඉදිරි ආධ්‍යාත්මික දියුණුවක් ලැබීම පිණිස වෙහෙසෙන්නාවූ නැතහොත් උත්සුක වන්න්නාවූ තැනැත්තන් වෙති. යමි සේඛයෙක් නිවන් මඟෙහි වේගයන් ගමන් ගැණිමට හෝ නිවන් මගින් පිරිහී යෑමට හේතුවන කරුණු 08 ක් භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනයේ දී දේශනාකාට ඇත.
ඒ අනුව භාවනාවේ නියුතු වන කවරෙකු වුවත් මෙහි අන්තර් ගත කරුණු පිළිබඳව දැන සිටීම වඩාත් වැදගත් වනු ඇත.
සේඛ යනු කවරෙක්ද?
කිසිදු භාවනාමය අත්දැකීමක් නොලත් පෘතග්ජන මිනිසෙක් මග-ඵල අවභෝධය පිණිස සමථ විදර්ශනා වඩත්ද ඔහු සේඛයෙකි. සොවාන් මාර්ගස්ථයෙක් ඵලස්ථ වීම පිණිසත්, සොවාන් ඵලස්ථයෙක් සකදාගාමී මාර්ගස්ථ, ඵලස්ථ වීම පිණිසත්, සකදාගාමී මාර්ගස්ථයෙක්- ඵලස්ථ වීමට හෝ ඵලස්ථයෙක් අනාගාමී මාර්ගස්ථ හෝ ඵලස්ථ වීම පිණිසත්, අනාගාමී මාර්ගස්ථයෙක් ඵලස්ථ වීමට හෝ ඵලස්ථයෙක් අරහත් මාර්ගස්ථ හෝ ඵලස්ථ වීම පිණිස හෝ අරහත් මාර්ගස්ථයෙක් අරහත් ඵලස්ථ වීම පිණිස හික්මෙයි නමි ඔහු සේඛයෙකු වශයෙන් හදුන්වනු ලබයි. මෙසේ හික්මෙන්නාවූ තැනැන්ගේ පරිහානිය නැතහොත් පිරිහීම සඳහා හේතු වන කරුණු 08 ක් මෙම සූත්‍ර දේශනාවේ දක්වා ඇත. මේ එකිනෙකක් වෙන වෙනම ගෙන සලකා බලමු.