කායගතාසති විශේෂ භාවනා - සුප්‍රසිද්ධ අටිඨික
භාවනාව.අත්ථි ඉමස්මිං කායේ අටිඨි යන කායගාතාසති භාවනා පදය වර්ධනය කර අටිඨික භාවනාව නමි භාවනා ක්‍රමයක් ඇත. එය බදු දහමේ ලද හැකි විශිෂ්ඨ ප්‍රථිපල දක්වා ම සිත දියුණු කල හැකි භවනා ක්‍රමයකි.
දැනගත යුතු කරුණු හා භවනාව ක්‍රමය
01)මෙහිදී සිත පිහිටුවනු ලබන්නේ මේ ශරිරයන් තුල සත්ත්වයෙකු පුද්ගලයෙක් නැත ඇටකටු නැතහොත් අස්ථි පංඤ්ජරයක් පමණක් ඇත යන සංඥව තුලය.
02)මෙම භාවනාව කිරීමට සතුටු වන්නෝ පළමුව මිනිස් සිරුරක අස්ථි පංඤ්ජක් ගෙන එය ශරිරයේ භාහිර සවරූපය හා සසදා බැලිය යුතුය.
03)ශරිරයේ ඒ ඒ ස්ථානයන් හි අස්ථි පිහිටා ඇති ආකාරය හොදින් අවභෝධ කර ගත යුතුය.
04)අනතුරුව අස්ථි පංඤ්ජරය සිතින් දැක ඒ ඒ අස්ථින් හි මස් පිරී ඇති අවස්ථාවේ ශරිරය කොටසින් කොටස මෙනෙහි කිරීමට නැතහොත් මනෝ නිර්මාණය කිරීමට උත්සුක විය යුතුය.
05)මේ ආකාරයට කලක් භාවනාවේ යෙදෙනා යෝගාවචරයාට ටික කලිකන්ම අස්ථි පඤ්ජරය මසින් පුරවා බැලියහැකි වනු ඇත.
06)එවන් විටක ඔහු ක්‍රමයෙන් ශරිරයේ මස් ඉවත් කරමින් අස්ථි පඤ්ජරය මතුකර බැලීම උත්සාහ කල යුතුය.
07)මෙය පහසුවෙන්ම කල හැකි කටයුත්තකි.
08)යමි අවස්ථාවකදී මේ භාවනාව ප්‍රගුණ වූ විට කිසිදු ආයාසයකින් තොරව ඕනෑම අයෙකුගේ ශරිරය විනිවිද ඇටකටු පිහිටා ඇති ආකාරය සිතින් දැකගැණිමට හැකියාව ඇත.
09)බස් රථයේ, කාර්‍යාලයේ, ගමන් බිමන් යන අවස්ථාවක ඇසට හමුවන සෑම මිනිස් රුවක්ම අස්ථි පඤ්ජරයක් ලෙස පමණක් දැකීමේ ප්‍රවීණතාවය කෙටි කලිකින්ම එවන් ඔහුට ලබාගත හැකිවනු ඇත.
10)එය වඩ වඩාත් වර්ධනය කල විට හමුවන සෑම පුද්ගලයෙකුම ඇට සැකිල්ලක් පමණක් වන බව හිතට විද්‍යාමාන වනු ඇත. ස්ත්‍රී පුරුෂ, ලස්සන, කැත, බාල, මහලු, තරුණ ආදී වශයෙන් ඇතිවන සියළු සංඥා යටපත්වී අස්ථි සංඥාවම ප්‍රමුඛ වී එනු ඇත.
11)එවන් අස්ථාවක තමාගේ ශරිරය ද මෙබදුම ස්වභාවයෙන් යුක්තවන බව අවභෝධයෙන් දැක තමාගේ අස්ථි පඤ්ජරය සිතින් විසිරුවා හැරිය යුතුය. නැතහොත් සිද බිද දැමිය යුතුය. නැතහොත් සිතින්ම කුඩු කර පසට එක් කල යතුය. නැතහොත් සිතට නෙපෙනෙන ඈත මාණයකට විසිකර දැමිය යුතුය.
12)එවන් විටක මගේ කියා ගන්නට ඇත්තේ කුමක්දැයි කියා සිතින් ප්‍රශ්ණ කල යුතුය.
13)රාගය වැඩි අයෙක් වේ නමි මෙම භාවනාව රාගය පාලනය කිරිමට ඔසුවක් බදුය. ප්‍රධාන භාවනාව කුමක් වුවද, එකී සෑම භාවනාවක් සමඟම පරිපූරක භාවනාවක් වශයෙන්ද මෙම භාවිතා කල හැක.