Quantcast
Viewing all articles
Browse latest Browse all 168

මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර

Image may be NSFW.
Clik here to view.
මින් පෙර ලිපිය කියවූ ඔබ මනෝ නිර්මාණකරන භාවනාව සමිබන්ධව යමි පමණක අවභෝධයක් ලබා ඇත. මෙම ලිපියෙන් මනෝ නිර්මාණකරණ භාවනාව ආරමිභ කිරීම සඳහා උපදෙස් සපයා ඇත.

මනෝ නිර්මාණ කරන භාවනාව සඳහා උපදෙස්.
  • මනෝ නිර්මාණ කරන භාවනාව කිරීමට කැමැත්තෝ පළමුව සුදුසු ඉරියවිවකින් හිඳ මනස සංසුන් කරගත යුතුය.
     
  • අනතුරුව මනසින් සරල හැඩතලයක් නිර්මාණය කිරීමට උත්සුක විය යුතුය.
  • එය වෘත්තයක්, සම චතුරශ්‍රයක්, ත්‍රිකෝණයක්, ශඩාශ්‍රයක් බදු කුමන හෝ හැඩතලයක් විය හැකිය.
     
  • එම හැඩතලය තමාගේ මනසට හොදින් දර්ශණය වන ආකාරයෙන් දැකීමට උත්සුක විය යුතුය.
     
  • මෙසේ දක්නට උත්සාහ කරන්නාවූ හැඩයන් පළමුව ද්විමානව තල ස්වරූපයෙන් හෝ රේඛාමය ස්වරූපයෙන් දකින්ට උත්සහ කල යුතුය.
  • දෙවනුව එකී තල ස්වරූපයේ දකින්නාවූ රූපයන් ඝණ ස්වරූපයෙන් ත්‍රිමාණව දැකීමට උත්සහ කල යුතුය.
  • මේ ආකාරයෙන් දැකිය හැකි ප්‍රවීනතාවයක් ලද කලෙක දෙවන පියවර වෙත යොමුවිය යුතුය.

මනෝ නිර්මාණ කරණය 02 වන පියවර
මේ ආකාරයට සරල හැඩතලයක් මනසින් දකින්ට තරමි මනස ඒකාග්‍ර වූ විට දෙවනුව ඔබ ඇසින් දකිනා කිනමි හෝ කුඩා වස්තුවක් මනසින් මනෝ නිර්මාණය කර දැකීමට උත්සුක විය යුතුය.

උදාහරණයක් ලෙස කාසියක් ගතහොත් එම කාසියේ වර්ණය, කාසියේ දෙපස මුහුනත ස්වභාවය, එහි සඳහන් ඉලක්කමි හැඩ තල ආදිය පියවි අසින් දකින්නාක් මෙන් දකින්නට උත්සුක විය යුතුය.

මේ ආකාරයට තමා කැමති කුඩා මලක් වැනි යමක් හෝ කිනමි හෝ තමා ප්‍රිය කරනා කුඩා රූපයක් පළමුව නෙතින් බලා එහි ස්වභාවය අධ්‍යනය කල යුතුය. දෙවනුව එය මනසින් මනෝ නිර්මාණය කිරීමට උත්සාහ කල යුතුය.

මෙසේ ඉතාමත් පැහැදිලිව කුඩා වස්තුන් මනසින් මනෝ නිර්මාණය කරන්නට හැකි වූ අවස්ථාවකදී යමි වස්තුවක් පියවි ඇසින් දකිනා ආකාරයෙන්ම මනසින් දැකිය හැකි පරිදි මනෝ නිර්මාණය කිරිම දක්ව එය දියුණු කරගත හැක.

Image may be NSFW.
Clik here to view.
මූලික වශයෙන් මෙම අභ්‍යාස ලද පසු ඔබ කැමති බුදුරුවක් හෝ බොසත් රුවක් හෝ දේවියෙකුගේ රූපයක් පළමුව හොඳින් ඇසින් බලා නිරික්ෂණය කල යුතුය. ඔබ මනෝ නිර්මාණය සඳහා බුදු රුවක් උපයෝගී කර ගන්නේ නමි එය බුද්ධානුස්සති භාවනාවකි. බෝසත් රුවක් උපයෝගී කරගන්නේ නමි එය සංඝානුස්සති භාවනාවකි හෝ දේවතානුස්සති භාවනාවකි. ඔබ දේවියෙකුගේ රුවක් උපයෝගී කර ගන්නේ නමි එය දේවතානුස්සති භාවනාවකි. මේ වදන් තුන මෙහිලා සඳහන් කලේ බොසත් රුව, දෙවි රුව ආදිය භාවනාව සඳහා යොදාගැනීම සමහර අයෙකුට ප්‍රශ්ණයක් විය හැකි බැවිනි.

යමෙකුට බුදු රුවකට වඩා යමි දෙවියෙකුගේ රුවක් මවා ගැණිම වඩාත් පහසු විය හැක. තවත් සමහරෙකුට වෙනත් කිනමි හෝ රුවක් මවා ගැණිම හසු විය හැක. කුමක් වුවද අපගේ අවශ්‍යතාවය වන්නේ භාවනාව දියුණු කර ගැනිම වන නිසා ඒ සඳහා පහසුම ප්‍රතිපදාව අනුගමනය කිරිම ප්‍රඥාගොචර වනු ඇත

නමුත් මෙහිදී මනෝ නිර්මාණය කිරිමට යොදාගන්නා රූපය ඔබට රාගයක්, ද්වේශයක් ඇති නොකරන්නාවූ රූපයක් වන බවට සහතික විය යුතුය. එසේ නැතහොත් ඒ තුලින් අකුසල කර්ම ජනිතවීම පමණක් නොව, කාමචිඡන්දය, ව්‍යාපාදය ආදී නීවරණ ධර්මයන්ට යටපත් වී යෑම පවා සිදුවිය හැක.

රූපයන් මවා ගැණිමට අපහසු අයෙකුට බෝධියක් මනෝ නිර්මාණය කර ගැණිම හෝ රුවන් මැලි මහා සෑය වැනි සෑයක් මනෝ නිර්මාණය කර ගැණිම කල හැක.

මේතාක් ලිපි පෙළගැස්ම
  1. ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
  2. ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) 
  3. සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) 
  4. නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය 
  5. හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා 
  6. රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා 
  7. කසින භාවනා 
  8. මනෝ නිර්මාණකරණ භාවනාව. 

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles