Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට ඇති කෙටිම මග- නවසීවථික භාවනාව ගැන දතයුතු දෑ (24)

$
0
0
නවසීවථික භාවනාව ගැන දතයුතු දේ.
01)විදර්ශනා භාවනා අතරින් ඉතාමත් සීඝ්‍රලෙස ප්‍රතිඵල ලද හැකි භාවනාවක් ලෙස මෙම නවසීවථික භවනාව හැදින්විය හැක.

02)භාවනාව තුලින්ම කාමය-රාගය ආදිය යටපත්වන බැවින් මේ භාවනාව වැඩීමේදී ප්‍රතිඵල වඩාත් වේගවත් වේ.

03)මෙම භාවනාව වැඩීමට අමුසොහොන් යොය සොයා යෑමට අවශ්‍ය නොව්. කුණුවුන මළමිණියක් ලඟට යෑමට අවශ්‍ය නොවේ. ඡායාරූප නොතිබූ,‍ ශරිරඅභ්‍යන්තර ඉන්ද්‍රීයන් පිළිබඳව මිනිසුන්ට වූ දැනුම සුලභ නොවූ හා වීඩියෝ පට ආදිය නොමැති වූ භාග්‍යවතුන්වහන්සේවැඩසිටි කාලයේ මෙම භාවනාව වැඩීමට මළ මිනියක් දැක එය නිරීක්ෂණය කිරීම හැර අන් විකල්පයක් නොතිබුනා විය යුතුය. නමුත් සැබෑවට ඔබේ ඇසින් දැකිනා සත්‍ය මළමිණියක් හා ඡායාරූපයකින් හෝ වීඩියෝපටයකින් දකිනාමළමිනියක් අතර කිසිදු වෙසක් නැත. එකම වෙනස ගඳ සුවඳ නොදැනීම පමණි.

04)එබැවින් මෙම භාවනාව කීරීමට කැමති වන යොගාවචරයා පළමුව සීවතික 09 නැතහොත් මළ මිනී 09 පිළිබඳව ඡායාරූප ආදිය දැක අධ්‍යනය කල යුතුය. ශරීරය පත්වන එම ස්වභාවයන් වටහාගත යුතුය. මෙහි පහතින් පළකර ඇති ඡායාරූප හැරුනු කොට අන්තර්ජාලයෙන්මේ සමිබන්ධ බොහෝ ඡායාරූප සොයාගත හැක. ඒවා දැක තිබීම ශරිරය පත්වන එම ස්වරූපයන් මනෝ නිර්මාණය කර ගැනිමට වඩාත් පහසුවක් වනු ඇත.

05)මෙම භවනාව වඩනා සෑම විටම තමා මේ මොහොත් මරණයට පත්වී තමාගේ ශරිරය මෙබදු තත්වයකට පත්වන බව සිතින් දකිමින් භාවනා කල යුතුය. තම ශරීරයම හෝ තම ශරිරයේ ප්‍රථිබිමිබය මේ සදහා භාවිතා කල හැක.

06)මෙහි මළමිනියක් පැවතිය හැකි ස්වභාවයන් 09 ක් විස්තර වේ. අතීතයේ අමුසොහොනකට ගොස් බැලූ විට මෙබදු තත්වයන්ට පත්වූ මළමිනී දක්නට ලැබෙන්නට ඇත. කිනම් මළමිනියක් හමුවුව ද එය දෙස බලා භාවනා කල හැකිවීමට මෙසේ මෙම සීවථික නවයේ අචිචුව නිසා හැකියාව ඇත.

07)මෙහි මුලින්ම දක්වා ඇති සීවථිකය තව විස්තරාත්මක වශයෙන් වර්ධනය කර බලමින් ඔබට භාවනා කල හැක. නැතහොත් පුද්ගලික රචිකත්වයන් විවිධ විය හැකි බැවින් තමාට වඩාත් රුචිවන්නාවූ සීවතිකයක් සිතින් දකිමින් භාවනාවේ යෙදීම සුදුසු වන්නේය. උදාහරණ ලෙස පණුවන් විසින් කනු ලැබෙන මලමිණියක් දකිමින් භාවනා කරනවාට වඩා විවිධ සතුන් කෑලි කඩා කන මළමිනියක දකිමින් භාවනා කිරිමට යමෙකැමැති විය හැක.

08)තමාට වඩා රුචි පරිදි සුදුසු සීවතිකයක් තෝරාගත්තාට වරදක් නැත.



                            







Viewing all articles
Browse latest Browse all 168

Trending Articles