Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

පංඤ්ච ශීලය සමාදන් වීමෙන් ලද හැකි ආනිසංශයේ ප්‍රමාණය. (ii කොටස)

$
0
0

මින් පෙර ලිපියෙන් අප කථිකා කරනු ලබුයේ පංඤ්ච ශිලය සමාදාන වීම තුලින් ලද හැකි ආනිසංශයන් පිළිබඳවය. ඒ අනුව මෙම ලිපියෙන් එසේ ලද හැකි ආනිසංශයේ ප්‍රමාණය කෙතෙක් දැයි යමි පමණකට හෝ ඔබට නිමානය කර ගැනීමට හැකි වනු ඇත. මේ පිළිබඳව භාග්‍යවතුන්වහන්සේ වේලාම සූත්‍රයේ දේශනාකාට ඇත. එකල බෝධිසත්ත්ව වේලාම බ්‍රාහ්මණයා දුන් ආකාරයේ දානයක් කිසි කලකත් මෙවන් යුගයක පුද්ගලයෙක් වශයෙන් ඔබට නොදියහැකි වූවත්, ඒ මහා දානය පරයමින් එයටත් වඩා කුසලයක් රැස්කර ගැනීමට කිසිදු වෙහෙය මහන්සි වීමකින් තොරව පංචශිලය සමාදාන වී එය රක්ෂා කිරීම තුලින් හැකිවන බවට පහත සූත්‍ර දේශනාව කියවීමේන් පහසුවෙන්ම අවභෝධ කරගත හැක. 

මින් පෙර ලිපියේ සඳහන් කල පංඤ්ච ශිල සමාදානිය ථේරාපදානයට අනුව, පංඤ්ච ශිලය රක්ෂා කිරීම තුලින්, බෝග සමිපත්තිය, ප්‍රඥා සමිපත්තිය හා ආයුශය ඇතිවන බැවි ඔබ දැනටමත් දන්නා කරුනක්. එබැවින් එසේ ලද හැකි බෝග සමිපත්තියේ ප්‍රමාණය කෙතෙක් විය හැකිද යන්න ඔබට මෙම වේලාම සුත්‍රය පරිහරණය කිරීම තුලින් අවභෝධ කර ගත හැක.

මහා වෙහෙසක්, නොදරා පහසුවෙන්ම රක්ෂාකරගත හැකි පන්සිල් පද 05 රක්ෂා කරගැනීමෙන් අත්කරගත හැකි සැපතක තරම කෙතරමි නමි ආශ්චර්‍යජනකද?

 වේලාම සූත්‍රය
පෙර එක් කලකවේලාමනමිබ්‍රාහ්මණයෙක්විය. හෙතෙමමෙබඳුවූමහත්දානයක්දුන්නේය. 

  • රිදියෙන්පිරුණුරන්තලිඅසූහාරදාහක්දුන්නේය.
  • රනින්පිරුණුරිදීතලිඅසූහාරදාහක්දුන්නේය.
  • අමුරන්පිරුණුකස්තලිඅසූහාරදාහක්දුන්නේය.
  • ස්වර්ණලංකාරඇති, ස්වර්ණද්වජඇති, රන්දැලින්ගැවසුනාවූඇතුන්අසූහාරදාහක්දුන්නේය. සිංහසමිපිරිවරණලද, ව්යාඝ්‍ර සමින්පිරවරණලද, (අවුරණලද) දිවිසමින්අවුරණලද, පඩුවන්කමිබිලිවලින්අවුරණලද, රුවනින්අලංකාරකරණලද, ස්වර්ණධජඇති, රන්දැලින්ගැවසීගත්තාවූ, සුවාසූදහස්රථදුන්නේය.
  • දුහුල්සංදර්ශනඇති, රිදීමයකිරිබඳුන්ඇති, සුවාසූදහසක්දෙනුන්දුන්නේය.
  • පැළඳගත්මිණිකොඩොල්ඇති, සුවාසූදහසක්කන්යාවන්දුන්නේය.
  • කොඳුපලසින්අතුරණලද්දාවූද, මෘදිසුදුඑඵලොමිඇතිරියෙන්අතුරණලද්දාවූද, ඝනපුප්ඇතිරියෙන්අතුරණලද්දාවූද, කෙහෙල්මුවන්ගේසමින්කරණලද, උතුමිවූපසතුරුණින්අතුරණලද, උඩුවියන්සහිතවූ, දෙපසින්තබනලදරතු කොටිටඇති, සුවාසූදහසක්පර්‍යකයන්දුන්නේය. සියුමිකොමුය, සියුමිකෝසය, සියුමිකමිබිලිය, සියුමිකපුය, යනමොවුන්පිළිබඳවස්ත්‍ර කෝටිසහස්‍රයක්දුන්නේය.
  • ආහාරය, පානවර්ගය, ඛාදය්‍ය, භොජ්යය, ලෙය්යය, පෙය්යය, යනමොවුන්ගැනකියනුම? කියනු කවරේද? එය ගලාබසින්නාවූගගක්මෙන්දන් දිනි.

ගෘහපතිය, ඔබටඔහුපිළිබඳව මෙවැනිඅදහසක්වන්නේය. එනමිකාලයෙහිඒකාන්තයෙන්වේලාමබ්‍රාහ්මණයාඅනිකෙක්වූයේයකියායි. බ්‍රාහ්මණය එසේ නොසිතිය යුතුය. මමකාලයෙහිවේලාමබ්‍රාහ්මණයාවීමි. මමමහාදානයදුන්නෙමි.  නමුත් ගෘහපතිය, පිරිසිදු කිරීමට සමත්කිසිදුදකෂිණාර්භයෙක්නොවූයේය. (අවම වශයෙන් ශීලවන්තයෙක්) එබැවින් කිසිවෙක්දකෂිණාවවිශොධනය, නොකරන ලදි.


  • ගෘහපතිය, වේලාමබ්‍රාහ්මණතෙමයමිමහාදානයක්දුන්නේද, යමෙක්එක්සෝවාන්වූවෙකුවළඳවන්නේද, මෙයඑයටවඩාඅතිශයින්මහත්ඵලවන්නේය.
  • යමෙක්සෝවාන් පුද්ගලයන්සියයක්වළඳවන්නේද,එයට වඩා යමෙක්එක්සකෘදාගාමීපුද්ගලයෙක්වළඳවන්නේද, මෙයඅතිශයින්මහත්ඵලවන්නේය.
  • යමෙක් සකෘදාගාමීපුද්ගලයන්සියයක්වළඳවන්නේද, එයට වඩාඑක්අනාගාමීපුද්ගලයෙකු වළඳවන්නේද, එයඅතිශයින්මහත්ඵලවන්නේය.
  • යමෙක්අනාගාමීපුද්ගලයන්සියගණනක්වළඳවන්නේද, මෙයටවඩා යමෙක්එක්රහත්පුද්ගලයෙකු වළඳවන්නේද, මෙයවඩාමහත්ඵලවන්නේය.
  • යමෙක්සියගණන්රහතුන්වහන්සේලාවළඳවන්නේද, මෙයටවඩාඅතිශයින්මහත්ඵල වන්නේඑක්පසේබුදුන්වහන්සේනමක්වැළඳවීමයි.
  • යමෙක්සියගණන්පසේබුදුන්වහන්සේලාවළඳවන්නේද, මෙයටවඩාඅතිශයින්යමෙක්තථාගතවූ, අරහත්වූසම්යක්සමිබුදුන්වහන්සේනමක්වළඳවන්නේද, එයමහත්ඵලවන්නේය. යමෙක්බුද්ධප්‍රමුඛභිකෂුසංඝයාවළඳවන්නේද, මෙය එයටවඩාඅතිශයින්මහත්ඵලවන්නේය. යමෙක්සතරදිගින්වඩිනසංඝයාඋදෙසා විහාරයක්කරවන්නේද, මෙයඑයටවඩාඅතිශයින්මහත්ඵලවන්නේය.
  • යමකේපහන්සිත්ඇතිව, බුදුන්ද, ධර්මයද, සංඝයාද, සරණකොටයන්නේද, මෙයඑයටවඩාඅතිශයින්මහත්ඵලවන්නේය.
  • යමෙක්පහන්සිත්ඇතිවප්‍රාණඝාතයෙන්වැළකීම, නුදුන්දෙයගැනීමෙන්වැළකීම, කාමයන්හිවරදවාහැසිරීමෙන්වැළකිම, බොරුකීමෙන්වැළකීම, පමාවටකරුණුවූරහමෙරමත්ද්‍රව්‍ය පානයෙන්වැළකීම, යනශිකෂාපදයන්සමාදන්වන්නේද, මෙයඑයටවඩාඅතිශයින්මහත්ඵලවන්නේය.(සංශේප කොට ඇත)

(අංගුත්තර නිඛාය/නවක නිපාතය/ සීහනාද වග්ගය/ වේලාම සූත්‍රය)

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles