මේ තාක් පල කල ලිපි වලින් සාකචිඡා කිරීමට යෙදුනේ, සිල්වත් වීම නිර්වාණය සඳහා හේතු වන්නේ කෙසේද යන කරුනත්, ශීලය රුකිය යුතු ආකාරය සහ, සීලයේ ප්‍රභේධයන් මොනවාද යන්න පිළිබඳවත්වය. මෙතැන් සිට එක් එක් සිල් පදයන් වෙන වෙනම ම ගෙන සාකචිඡා කිරීමට බලාපොරොත්තු වන අතරම, එම ශීලයන් සමාදාන වීමේ ආනිසංශයන් හා, එම ශීලයන් සමාදාන විය යුත්තේ කෙසේද යන කරුණත්, සමාජීය වශයෙන් ශිලය රක්ෂා කිරීමේදී උත්ගත වන ප්‍රායෝගික ගැටලුකාරී තත්වයන් මොනවාද යන්න පිළිබඳවත් මෙහිදී විමසීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව මුලින්ම බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංඤ්ච ශීලය පිළිබඳව සලකා බලමු.
පංඤ්ච ශීලය.
කුඩාකල සිටම අපි සමාදන් වන්නාවූ පඤ්ච ශීලය නැතිනමි පන්සිල් යනු මොනවාද?
- පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි. (පරපණ නැසීමෙන් වෙන්වීම නැමති සික පදය සමාදන් වෙමි.)
- අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි. (අන්සතු දෑ සොරකමි කිරීමෙන් වෙන්වීම නැමති සික පදය සමාදන් වෙමි.)
- කාමේසු මිචිචාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි. (කාමයේහි වරදවා හැසිරීමෙන් වෙන්වීම නැමති සික පදය සමාදන් වෙමි.)
- මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි. (බොරු කීමෙන් වෙන්වීම නැමති සික පදය සමාදන් වෙමි.)
- සුරාමේරය මජ්ජපමාදටිඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි. (රහමෙර පානය කිරීමෙන් වෙන්වීම නැමති සික පදය සමාදන් වෙමි.)
යනාදී වශයෙන් සිල්පද කීමෙන් මෙම ශීලය සමාදන් වනු ලබයි. මෙම එක් එක් සිල් පදයක් වෙන වෙනම ගෙන සලකා බැලීමට මත්තෙන් පංසිල් සමාදන් වීමේ අනිසංශ මොනවාද යන්න විමසා සිටිමු.
පංඤ්චසීල සමාදානීය ථෙරාපදානය
එකල්හි මම චන්ද්‍රවතී නගරයෙහි බැලයෙක් (බැලයට මෙහෙකරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදිනාවූ මා පැවිද්ද නොලැබීමි.
මහත්වූ මොහාන‍්ධකාරයෙන් වසන ලදී. (රාග, ද්වේශ, මොහ) යන ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නමිඋපායයකින් භව දුකින් වෙන්වුයෙක් වන්නෙමිද?
මා ළඟ දිය යුතු දෙයක් (දාන වස්තුවක්) ද නැත. මම දුක්ඛිතවූ බැලයෙක්මි. මම සමිපූර්ණවූ පංඤ්චශීලය රකින්නෙමිනමිඉතා යෙහෙකියි සිතීමි.
අනවමදර්ශී (අනොම දස්සී) බුදුරජාණන් වහන්සේගේ නිසභ නමිශ්‍රාවකයෙක් විය. මම උන්වහන්සේ වෙත එළඹ පංඤ්ච ශිකෂාපද (පන්සිල්) ගතිමි.
එකල්හි අවුරුදු ලකෂයක් ආයුෂ විද්‍යමානවේ. එපමණ කලක් සමිපූර්ණකොට පන්සිල් රැකීමි.
මැරෙණ කල පැමිණි කල්හි; නිදුකාණෙනි,ඔබට වෙනුවෙන් මේදහසක් අසුන් යෙදු රථය පැමිණ සිටියේය. එහි නැගගත මැනවයි දෙවියෝ මා අස්වසත්.
අන්තිම චුති චිත්තය පවත්නා කල්හි මාගේ පංඤ්ච ශීලය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද ඒ කුසල කර්මය හේතුකොටගෙන මම තවිතිසා දෙවිලොව ඉපදුනෙමි.
ශක්‍ර දේවේන්ද්‍රව තිස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරනා ලදුව දිව සුව අනුභව කෙළෙමි.
මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. ලබන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් මෙපමණයයි ගිණිය නොහැක.
කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙවිලොවින් චුතව,වේශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේය.
බුදු සසුන බබලද්දී,වස් එළඹෙන කාලයෙහි මගේ මවිතොමෝද,පිය තෙමේද,පන්සිල් ගත්තාහුය.
එය ඇසීම හා සමගම මගේ ශීලය ද මම මෙනෙහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට ද පැමිණියෙමි.
උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම මාගේ පමණ දැන මා උපසපන් කරවීය.
මම සමිපූර්ණ කොට පන්සිල් රුක,මින් අපරිමෙය්‍ය කල්පයෙහි සිට දුගතියකට නොගියෙමි.
එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි. එම යසස් කල්ප කෝටියක් මුඵල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය.
මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි. කවර නමිඅනුසස් තුනක්ද යත්
· මම දීර්ඝායු ඇත්තේ වෙමි.
· මහත්වූ භෝග සමිපත් ඇත්තේ වෙමි.
· තීක‍්ෂණ ප්‍රඥා ඇත්තේ ද වෙමි.
අප්‍රමාණවූ ශීලයන්හි රැකීමිවශයෙන් පවත්නා බුද්ධ ශාවක තෙමේඉදින් භවයන්හි රැඳෙන්නේ නමිවිපාකය කෙබඳුවන්නේ ද?
විශේෂ දැකුමිඇති බැලයෙක්වූ මා විසින් පන්සිල් මැනවින් රැස් කරණ ලදී. මම එම ශීලය කරණ කොට ගෙන අද සියඵ භව බනධනයෙන් මිදුනෙමි.
මින් අපරිමෙය්‍ය කල්පයෙහි පන්සිල් රැක්කෙමි. ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මේපන්සිල් රැකීමේවිපාකයයි.
මේසිවිපිළිසිඹියාවෝද,අෂ්ට විමොකෂයෝද,ෂඩභිඥාවෝද සාක‍්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේඅයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාලිය/ථේර අපදාන/ සුභූති වග්ගය/ පංඤ්චසීල සමාදානීය ථෙරාපදානය.)