සංසග්ගාරාමතා යනුවෙන් හදුන්වනු ලබන්නේ එකතුවීමෙන් යුතුව වාසය කිරීමයි. මෙම සංසග්ගය නොහොත් සංසර්ගය විවිධාකාරය. ඇසේ සංසර්ගයක් ඇත. ඇසේ සංසර්ගය ඇත්තේ එහි අරමුණ වන රූප කෙරෙහිය. මේ ආකාරයට පිළිවලින් කණ, නාසය, දිව, ශරිරය හා මනසේ සංසර්ගයන් ශබිධ, ඝණ්ධ, රස, ස්පර්ශ හා ධම්ම නැතහොත් සිතුවිලි කෙරෙහි සිදුවනු ඇත.
මෙකී කරුණ වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නමි මෙයින් අදහස් කරනුයේ ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනස පිනවමින් එහි ඇලී ගැලී වාසය කිරීම යන්නයි. මෙසේ ඇලී ගැලී වාසය කරන්නා සංසාර චක්‍රරයේ ඉදිරියට ඇදී යයි. ඔහුගේ භවය වැඩෙයි. නිවනින් බොහෝ ඈතට ඔහු විසිවී යයි. තෘශ්නා, මාන, දටිඨි ආදී ප්‍රපංච ධර්මයන්ට හසුවී ඔහු සංසාර මඩ ගොහොරුවේ ගිලී යයි.
ඇසක් ඇති කල්හි හා එහි අරමුණ වන රූපය ඇති කල්හි ඇස හා රූපය යන ධර්මයන් දෙකම අනාත්ම වන බැවින් ඇසත් රූපයත් ගැටීම නිසා සිදුවන ස්පර්ශය වැලැක්වීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැත. මෙසේ ඇතිවන ගැටීම නිසා ඇතිවන වේදනාව සුඛාස්වාද - දුක්ඛාස්වාද වශයෙන් ගැනීම තුලින් ඇතිවන සංසර්ගය යමෙකුට පාලනය කිරීමට හැකියාව ඇති අතර නිවන් මඟ මාර්ග-ඵල ලබමින් ගමන් ගන්නා අවසන් පියවර වන අරහත් ඵලයේදී මෙම සංසර්ගය නැත්තටම නැතිවී යනු ඇත. ඒතාක් මෙම සංසග්ගාරාමතාව නම් වන ඉඳුරන් පිනවීමේ ඇලී ගැලී සිටිම පාලනය කල යුතු වැලකිය යුතු ධර්මයක් වන්නේය.
එය කල හැකි ආකාරය පිළිබඳව සමිපාදිත පහත ලිපි කියවා බලන්න.