Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ධ්‍යාන හා ධ්‍යාන අංග.

$
0
0
මින් පෙර ලිපියෙන් සඳහන් කරන්නට යෙදුනේ මෙම ලිපියෙන් ධ්‍යාන හා ධ්‍යානංග පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන බවයි. ඒ අනුව මෛත්‍රීය පාදක කර ධ්‍යානයක් ලැබීමට බලාපොරොත්තු වන තැනැත්තා පළමුව ධ්‍යානයක් යනු කුමක්ද යන්න පිළිබඳව දල අදහසක් ලබාතිබිය යුතුය. 

ලෞකික වශයෙන් ඉපදවිය හැකි ධ්‍යාන 08 ක් බුදු දහමේ විස්තර කර දෙනු ලබයි. එනම්;
ප්‍රථම ධ්‍යානය,
ද්වීතියික ධ්‍යානය,
තෙවන ධ්‍යානය.
චාතුර්ථක ධ්‍යානය
පංචම ධ්‍යානය නැතහොත් ආකාසානඤ්ඤායතනය.
විඤ්ඥානඤ්ඤායතනය.
ආකිඤ්ඤන්නායතනය
නේවසංඥානාසංඥායතනය වශයෙනි.

පාද සතරක් හා ඒ මත ලෑල්ලක් පිහිටුවා සාදන ලද ඇටවුමකට සරලව මේසය යැයි ව්‍යවහාර කරන්නා මෙන් ධ්‍යානයක් යන්න ගොඩ නැගී ඇත්තේ ධ්‍යාන අංග මතිනි. ධ්‍යාන අංග නොලබා ධ්‍යානයක් උපදවිය නොහැකි අතර ධ්‍යානයක් ඇත්නම් එහි ධ්‍යාන අංගයන්ද ඇත.

ඒ අනුව ප්‍රථම ධ්‍යානය වශයෙන් හඳුන්වනු ලබන ධ්‍යාන මට්ටමේ;
විතක්කය -අරමුණට නැවත නැවත සිත පමුණුවන ස්වරූපය
විචාරය - භාවනා අරමුණ මනාලෙස වටහාගන්නා ස්වරූපය
ප්‍රීතිය - ප්‍රීති සහගත බව
සුඛය - සුඛ සහගත බව
ඒකග්ගතාව - භාවනා අරමුණ නොසෙල්වී තදින් ගන්නා ස්වරූපය

ප්‍රථම ධ්‍යානයයේ මෙම ධ්‍යාන අංග 05 ම ඇති අතර, යමෙකුට ප්‍රථම ධ්‍යානය ඇත්නම් මෙම ධ්‍යාන අංග 05 වෙන් වශයෙන් එම ධ්‍යානය තුල ඉතා පැහැදිලිව දැක ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.

මෙහිදී කිව යුතු වැදගත් කරුණ වන්නේ මෙම ධ්‍යාන අංග 05 ඉතා පැහැදිලි ආකාරයෙන් භාවනාමය අත්දැකීම් වශයෙන් අත්දැකීමට හැකි බවය. ඒ අත්දැකීම් පිළිබඳව මෙහි කියා නැත. උදාහරණයක් ගතහොත්. අම්මා යන වදනේ අර්ථය නොදන්නා අයෙක් “අම්මා“ යනු කවරේදැයි ඔබෙන් විමසන්නේ යැයි සිතමු. ඔබට දිය හැකි වඩා නිවැරදිම හා සරලම පිළිතුර වන්නේ අම්මා යනු ඔබව කුසතුල මාස 9 ½ක කාලයක් දරමින් මෙලොවට බිහිකල තැනැත්තිය යන්නයි.

එසේ නොකියා. “අම්මා“ යනු කවරෙක්දැයි යමෙක් ඔබෙන් විමසූ විට ඔබට මෙබදු පිළිතුරද දිය හැක.
අම්මා යනු ස්ත්‍රීයකි.
අම්මා ඔබේ පියාගේ බිරිඳ විය හැක.
අම්මා යනු ඔබට වඩාත් හිතවත් තැනැත්තියකි.
මේ ආදී වශයෙන් බොහෝ දෑ කිව හැකි අතර ඒවාද නිවැරදි බව ඔබ වටහාගත යුතුය. නමුත් ඒ එක් ප්‍රකාශයකින් වත් අම්මා පිළිබඳව වඩා උචිතම අර්ථ නිරූපනය දක්වා නැති බවත් ඔබ වටහාගත යුතුය.

ඒ අනුව ඔබට කීමට අවශ්‍ය වූයේ ධ්‍යානංග පිළිබඳව මේ කියන ලද ස්වරූපයන්ද නිවැරදි නමුත් ඒවායේ  යථා ස්වරූපය භාවනා කර අත්දැකීම් ලද අයෙකුටම විස්තර කල හැකි අතර ඒවා මෙහි කියා නැති බවය.

ඒ අනුව මෛත්‍රීය පාදක කර ගනිමින් ප්‍රථම ධ්‍යානය උපදවීමට බලාපොරොත්තු වන තැනැත්තා දත යුතු තවත් කරුණු කිහිපයක් ඇත. සාම්ප්‍රදායික ලෙස පිරිත්පොතේ ඇති ආකාරයෙන් පද ගනනක් භාවිතා කරමින් මෛත්‍රී භාවනාව යැයි මනසිකාර කිරීමක් සමාජයේ මුල්බැස ඇත. එය කුඩා ළදරුවෙකුට “අ“ ආ“ නොකියවා රචනාවක් ලියන්නට කීවා හා සමාන ක්‍රියාවකි. එයින් ප්‍රථිපලයක් ලැබීමට නොහැකි බව ඔබට පැහැදිලි විය යුතුය. එම ක්‍රමය ඵලදායී ක්‍රමයක් නම් සතර පෝයටම සිල් ගන්නා මෙත්තා චේතෝ විමුක්තියම කියව කියවා සිටිනා උපාසක මව්වරු, පියවරු සියල්ලන්ටම ධ්‍යාන ඇතිවිය යුතුය. එසේ නොවන්නේ ක්‍රමවේදයේ ඇති දෝශයක් නිසා බැවි වටහාගත යුතුය. නමුත් එම ක්‍රමයේද වරදක් නැත. මහා පාරමිතාවක් ඇත්තෙකුට නම් එයින්ද ධ්‍යානයක් ඉපදවීම එතරම් කරුණක් නොවේ.

මෙසේ පද ගණනාවක් භාවිතා කරමින් කරන්නාවූ මෛත්‍රීය මෙත්තා චේතෝ විමුක්තිය වන අතර එය වැඩීමට පළමුව මෛත්‍රී ධ්‍යානයක් උපදවාගෙන සිටිය යුතුය.  මෛත්‍රීය තිදොරින්ම වැඩිය හැක. එනම් මෛත්‍රී කාය කර්ම, වචී කර්ම හා මනෝ කර්ම වශයෙනි.

මෛත්‍රී කාය කර්ම යනු කය වෙහෙසවා අය වෙනුවෙන් මෛත්‍රීය පාදක කරගනිමින් කරණු ලබන ක්‍රියාය. ගිලනුන්ට උපස්ථාන කිරීම, අසරණයන්ට පිහිට වීම ආදී උදාහරණ බොහෝමයකි. මෛත්‍රී වචීකර්ම යනු. වචනය තුලින් මෛත්‍රීය පැතිරවීමයි. ඔබ වන්දනාකල විට පුරුද්දක් වශයෙන් පැවිද්දන් පවසන සුවපත් වේවා යන වදන මෛත්‍රී වචී කර්මයකි. යමෙකුගේ මානසික අසහනය දුරුකිරීමට කියනා වචන, සත්ත්වයන්ට ධර්මය අවබෝධ කිරීමට කියනා යහපත් වචන ආදිය මෛත්‍රී වචී කර්මයන්ය. මෛත්‍රී මනෝ කර්ම යනු මනසින් වඩන්නාවූ මෛත්‍රීයයි. ධ්‍යානයක් උපදවීමට අවශ්‍ය වන්නේ මෛත්‍රී මනෝ කර්මයන්ය. ඒ අනුව බලනා විට. පන්සලේ පොයදින කියව කියවා සිටින මෙත්තෝ චේතෝ විමුක්තිය අයත් වන්නේ මෛත්‍රී වචීකර්මයන් තුලටය. එයත් එතරම් ඵලදායී නොවන ආකාරයටය. එම පාඨට මෛත්‍රී මනෝකර්මයක් වශයෙන් භාවිතා කලද දිග වැඩි බැවින් සිත විවිධ අරමුණු වක විසිරී යන නිසා සමාදියට උපයෝගී වීම අඩුය. මෙත්තා චේතෝ විමුක්තිය වඩනා ආකාරය මෙම ලිපි පෙලේ පසු ලිපියක දැක්වීමට අදහස් කරමි ඒතාක් සාමිප්‍රදායික මෙත්තා චේතෝ විමුක්තිය පහතින් දක්වා ඇත.

මෙත්තා චේතෝ විමුක්තිය.
අහංඅවේරෝහෝමිමමවෛරනැත්තෙක්වෙම්වා.
අබ්යාපජ්ඣෝහෝමිතරහනැත්තෙක්වෙම්වා.
අනීඝෝහෝමිදුක්පීඩානැත්තෙක්වෙම්වා.
සුඛීඅත්තානංපරිහරාමිසුවසේජීවත්වෙම්වා.

අහංවියමය්හංමාමෙන්මාගේ,
ආචරිඋපජ්ඣායාආචාර්යඋපාධ්යායන්වහන්සේලා,
මාතාපිතරෝමව්පියවරු,
හිතසත්තාහිතවත්සත්වයෝ,
මජ්ඣත්තිකසත්තාමැදහත්සත්වයෝ,
වේරීසත්තාවෛරීසත්වයෝ,

අවේරාහොන්තුවෛරනැත්තෝවෙත්වා,
අබ්යාපජ්ඣාහොන්තුතරහනැත්තෝවෙත්වා.
අනීඝාහොන්තුදුක්පීඩානැත්තෝවෙත්වා.
සුඛීඅත්තානංපරිහරන්තුසුවසේජීවත්වෙත්වා.
දුක්ඛාමුච්චන්තුදුකින්මිදෙත්වා.
යථාලද්ධසම්පත්තිතෝමාවිගච්ඡන්තුලදසම්පත්වලින්නොපිරිහෙත්වා.
කම්මස්සකාකර්මයස්වකීයදෙයකරගෙනඇත්තාහු.

ඉමස්මිංවිහාරේමේවිහාරයේසිටින,
ඉමස්මිංගෝචරගාමේමේගොදුරුගමෙහිසිටින,
ඉමස්මිංනගරේමේනගරයේසිටින,
ඉමස්මිංලංකාදීපේමේලංකාදීපයේසිටින,
ඉමස්මිංජම්බුදීපේමේදඹදිව්තලයේසිටින,
ඉමස්මිංචක්කවාළේමේසක්වලෙහිසිටින,

ඉස්සරජනාඅධිපතිජනයෝ,
සීමට්ඨකදේවතාසීමාවාසීදෙවිවරු,
සබ්බේසත්තාසියලුසත්වයෝ,

අවේරාහොන්තුවෛරනැත්තෝවෙත්වා,
අබ්යාපජ්ඣාහොන්තතරහනැත්තෝවෙත්වා.
අනීඝාහොන්තුදුක්පීඩානැත්තෝවෙත්වා.
සුඛීඅත්තානංපරිහරන්තුසුවසේජීවත්වෙත්වා.
දුක්ඛාමුච්චන්තුදුකින්මිදෙත්වා.
යථාලද්ධසම්පත්තිතෝමාවිගච්ඡන්තුලදසම්පත්වලින්නොපිරිහෙත්වා.
කම්මස්සකාකර්මයස්වකීයදෙයකරගෙනඇත්තාහු.

පුරත්ථිමායදිසායනැගෙනහිරදිශාවේසිටින,
දක්ඛිණායදිසායදකුණුදිශාවේසිටින,
පච්ඡිමායදිසායබටහිරදිශාවේසිටින,
උත්තරායදිසායඋතුරුදිශාවේසිටින,
පුරත්ථිමායඅනුදිසායනැගෙනහිරඅනුදිශාවේසිටින,
දක්ඛිණායඅනුදිසායදකුණුඅනුදිශාවේසිටින,
පච්ඡිමායඅනුදිසායබටහිරඅනුදිශාවේසිටින,
උත්තරායඅනුදිසායඋතුරුඅනුදිශාවේසිටින,
හෙට්ඨිමායදිසායයටදිසාවේසිටින,
උපරිමායදිසායඋඩදිසාවේසිටින,

සබ්බේසත්තාසියලුසත්වයෝ,
සබ්බේපාණාසියලුප්රාණීන්,
සබ්බේභූතාසියලුභූතයෝ,
සබ්බේපුග්ගලාසියලුපුද්ගලයෝ,
සබ්බේඅත්තභාවපරියාපණ්ණාජීවිතයක්ලබාගත්සියලුසත්වයෝ,
සබ්බාඉත්ථියෝසියලුස්ත්රීන්,
සබ්බේපුරිසාසියලුපුරුෂයෝ,
සබ්බේඅරියාසියලුආර්යයෝ,
සබ්බේඅනරියාසියලුඅනාර්යයෝ,
සබ්බේදේවාසියලුදෙවියෝ,
සබ්බේමනුස්සාසියලුමනුෂ්යයෝ,
සබ්බේඅමනුස්සාසියලුඅමනුෂ්යයෝ,
සබ්බේවිනිපාතිකාසියලුඅපායවාසීසත්වයෝ,

අවේරාහොන්තුවෛරනැත්තෝවෙත්වා,
අබ්යාපජ්ඣාහොන්තුතරහනැත්තෝවෙත්වා.
අනීඝාහොන්තුදුක්පීඩානැත්තෝවෙත්වා.
සුඛීඅත්තානංපරිහරන්තුසුවසේජීවත්වෙත්වා.
දුක්ඛාමුච්චන්තුදුකින්මිදෙත්වා.
යථාලද්ධසම්පත්තිතෝමාවිගච්ඡන්තුලදසම්පත්වලින්නොපිරිහෙත්වා.
කම්මස්සකාකර්මයස්වකීයදෙයකරගෙනඇත්තාහු.


මෙම මෙත්තා චේතෝ විමුක්තිය ත්‍රිපිටකයේ මෛත්‍රී කථා සාවතිථි නිදානයේ හී දක්වා ඇත. මෛත්‍රී ධ්‍යානයක් උපදවීමට බලාපොරොත්තු වන්නා පළමුව තමා තුල සැබෑ මෛත්‍රීයක් ඇතිකර ගතයුතුය. සත්ත්වයින්ට තමා මෛත්‍රී කල යුත්තේ ඇයි. මාගේ මෛත්‍රීයෙන් සත්ත්වයින්ට ඇති වැඩය කුමක්ද. මම මෛත්‍රී භාවනාව කරනවා කියා වචන කිය කියා සිටියාට එයින් සත්ත්වයිට ඇතිවන ඵලක් තියේද? යනාදී වශයෙන් මෛත්‍රීය පිළිබඳව බොහෝ දෙනාට විවිධාකර ප්‍රශ්න ඇත. මෙවන් ප්‍රශ්න නගා බොහො දෙනෙක් “ඔබ ඔය පසකට වී තව අයෙකුට මෛත්‍රීය පතුරමින් සිටියාව වන වැඩක් තිබේද?“ යනුවෙන් අසන ලද අවස්ථා මා විසින්ම අත්දැක ඇත. සැබවින්ම මන් පෙර ලිපියේ මෛත්‍රී භාවනාවේ ආනිසංශ දක්වා ඇති අතර භාග්‍යවතුන්වහන්සේ මෛත්‍රීය මෙතරම් ඉහලින් අගය කර ඇත්තේ ඇයි? 


මෙම ප්‍රශ්ණයන්ට පිළිතුරු ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles