Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

මෛත්‍රී භාවනාවේ ආනිසංශ (ධ්‍යාන මාර්ගය)

$
0
0
මේතාක් ලිපි පෙළගැස්ම
  1. ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
  2. ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) 
  3. සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) 
  4. නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය 
  5. හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා 
  6. රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා 
  7. කසින භාවනා 
  8. මනෝ නිර්මාණකරණ භාවනාව. 
  9. මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර 
  10. මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව  

    ධ්‍යාන මාර්ගය
    මේතාක් ලිපි පෙළින්ඉදිරිපත් කල කරුණු භාවනාව පහලම අඩියේ සිට ආරමිභ කරන්නෙකුට සිත භාවනාව සඳහා හුරු පුරුදු කිරීම සඳහා උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන ලදි. එම ලිපි අනුව පිළිපදීම තුලින්, යමි දක්ෂ සතුන් ධමනය කරන්නෙක් කුලෑටි අසෙකු ධමනය කරන්නේ යමි සේද, එපරිද්දෙන්ම  ධමනය කිරීමට හැකිවිය යුතුය. මේතාක් ලිපි පෙළ ඉදිරිපත් කිරීමේ අරමුණ වුයේ මෙමත්‍රී භාවනාව වැඩීම සඳහා ඔබගේ සිතට පුර්ව අභ්‍යාසයක් ලබා දීමයි. එසේනමි මෛත්‍රී භාවනාව වඩනා ආකාරය පිළිබඳව දැන ගැන්මට මත්තෙන් මෛත්‍රී භාවනවේ අනුසස් පිළිබඳව යමි අවභෝධයක් ලබා තිබීම වැදගත් වනු ඇත.

    (01)
    මහණෙනි, ඉදින් යමි භික‍ෂුවක් අසුරු සතක් ගසන පමණ කාලයකදී මෛත්‍රී චිත්තය පුරුදු කෙරේද,/ අසුරක් ගසන කාලයක්  මෛත්‍රී චිත්තය වඩාද / මෛත්‍රී චිත්තය මෙනෙහි කෙරේද මහණෙනි, ඒ භික‍්ෂුතෙම හිස් නොවූ ධ්‍යාන ඇත්තෙක්ව ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම් පිළිපදිමින් අවවාදය මනාකොට රකිමින් වාසය කෙරෙයි. රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ අනුභව කෙරේයැයි ද කියනු ලැබේ. යමෙක් ඒ මෙත් සිත බහුල කෙරෙත් නමි එහි අනුසස් කියනුම කවරේද? (මෙත්තාසෙවන සූතය./ මෙත්තාභාවනා සූතය/ මෙත්තාමනසිකාර සූතය/ අංගුත්තර නිකාය ඒක නිපාතය/පභස්සර වර්ගය)

    (02)
    මහණෙනි, යමිසේ මෛත්‍රී සහගතව මිදුනු සිත නිසා නූපන් ක්‍රෝධය නූපදීද, උපන්නාවූ ක්‍රෝධය විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකදු මම නොම දකිමි. මහණෙනි, මෛත්‍රී සහගතව මිදුනු සිත නුවණින් මෙණෙහි කරන්නා තුළ නූපන් ක්‍රෝධයත් නූපදන්නේය. උපන් ක්‍රෝධයත් විනාසයට යන්නේය.
    (අංගුත්තර නිකාය/ඒක නිපාතය/නීවරණ වර්ගය/ ව්‍යාපාදප්පහාණ සූතය)

    (03)
    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, මහණෙනිකියා භික‍්ෂූන්ට ආමන්තණය කළ සේක. ඒ භික‍ෂූහු, - භාග්‍යවතුන් වහන්සැ- යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදින්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ ගොඩගැසූදෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරමිභකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

    ඒ කිනමි ආනිශංස අටක්ද?
    01)  සැපසේ නිදයි.
    02)  සැපසේ අවදිවෙයි.
    03)  නපුරු සීන නොදකියි.
    04)  මිනිසුන්ට ප්‍රිය වෙයි.
    05)  අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි.
    06)  දෙවියෝ රකිත්.
    07)  ඔහුට ගින්නක් හෝ විසක් හෝ ආයුධයක් හෝ නොවදී.
    08)  මෛත්‍රී භාවනාවෙන් රහත් බව ලබන්නට නොහැකිවීනමි මරණින් මතු බඹ ලොව උපදී.

    යමෙක් අප්‍රමාණ සතුන් වෙත මෛත්‍රීය සිහියෙන් යුක්තව වඩාද, විදර්ශනාවෙන් කෙළෙස් නැති කිරීමයයි කියන ලද රහත් බවට පැමිණියහුගේ දශ සංයෝජනයෝ තුනී වෙත්.

    ඉදින් එකදු සත්ත‍වයෙක්ට වුවද දුශ්‍යනුවූ සිත් ඇතිව මෛත්‍රී කෙරේද, එය කරණකොට ගෙන බොහෝ කුසල් රැස් වෙයි. සියලු ප්‍රාණීන් කෙරෙහිම සිතින් අනුකමිපා කරන්නාවූ ආර්‍යතෙම බොහෝ පින් රැස් කරයි.

    යම් කෙනෙක් සත්ත්වයන්ගෙන් පිරුණාවූ පොළොව ජයගෙන තාපසයන් මෙන් දැහැමි රජවරුව දන් දෙමින් හැසුරුණහුද, අෂ්ව මෙධය, පුරුෂ මෙධය, සමිමාපාසය, වාචපෙය්‍යය, නිරග්ගලයයි යමි යාග පසක් වෙද්ද, ඒ මහා යාගයෝද මනාකොට වඩන ලද මෛත්‍රී සිතෙහි දහසයවන කලාවටද නොපැමිණෙත්. එය වන්ද්‍රයාගේ රෂ්මිය ඇතිවිට තාරකාවන්ගේ රශ්මිය නැත්තාක් මෙනි.

    යමෙක් සතුන් නොමරාද, අනුන් ලවාත් නොමරවාද, අනුන් නොපරදවාද, වෙන කෙනෙක් ලවාත් අනුන් නොපරදවාද, හෙතෙම සියලු සත්ත‍වයන් කෙරෙහි මෛත්‍රී පිණ්ඩයක් වෙ. ඔහු කෙරෙහි කිසිවෙක්ගේ වෛරයක් නැත්තේය.
    (අංගුත්තර නිකාය/අටිඨක නිපාතය/මෙත්තා වර්ගය/ අඨමෙත්තානිසංස සූතය)

    (04)
    මහණෙනි, මේ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්ම සයක් සංග්‍රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

    ඒ සය කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි භික‍්ෂුව ප්‍රකටව ද, අප්‍රකටව ද සබහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම/ මෛත්‍රී සහගත වාක් කර්ම/ මෛත්‍රී සහගත මනස් කර්මඑළඹ සිටියේ වෙද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංගහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්. (සංශිප්තකොට ඇත.)
    (අංගුත්තර නිකාය/සාරණිය වර්ගය/ඡක්ක නිපාතය/ පියකරණධමිම සූතය)

    (05)
    පෙර වේලාම නම්  විය. හෙතෙම මෙබඳුවූ මහත් දානයක් දුන්නේය.
    රිදියෙන් පිරුණු රන්තලි අසූහාර දාහක් දුන්නේය. රනින් පිරුණු රිදීතලි අසූහාර දාහක් දුන්නේය. අමුරන් පිරුණු කස්තලි අසූහාර දාහක් දුන්නේය. ස්වර්ණලංකාර ඇති, ස්වර්ණධජ ඇති, රන් දැලින් ගැවසුනාවූ ඇතුන් අසූ හාර දාහක් දුන්නේය. සිංහ සම්පිරිවරණ ලද, ව්‍යාඝ්‍ර සමින් පිරවරණ ලද, (අවුරණ ලද) දිවිසමින් අවුරණ ලද, පඩුවන් කම්බිලිවලින් අවුරණ ලද, රුවනින් අලංකාර කරණ ලද, ස්වර්ණධජ ඇති, රන් දැලින් ගැවසී ගත්තාවූ, සුවාසූ දහස් රථ දුන්නේය. දුහුල් සංදර්ශන ඇති, රිදීමය කිරි බඳුන් ඇති, සුවාසූ දහසක් දෙනුන් දුන්නේය. 

    පැළඳගත් මිණි ආභරණ ඇති, සුවාසූ දහසක් කන්‍යාවන් පින් පිණිස දුන්නේය. කොඳ පලසින් අතුරණ ලද්දාවූද, මෘදු සුදු එළු ලොම්ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, ඝනපුප් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, කෙහෙල් මුවන්ගේ (ඉන්දියවේ වෙසෙන මුව වර්ගයකි) සමින් කරණ ලද, උතුම්වූ පසතුරුණින් අතුරණ ලද, උඩුවියන් සහිතවූ, දෙපසින් තබන ලද රතු කොට්ට ඇති, සුවාසූ දහසක් පර්‍යංකයන් දුන්නේය.

    සියුම්කොමුය, සියුම්හඳනය, සියුම්කම්බිලිය, සියුම්කපුය, යන මොවුන් පිළිබඳ වස්ත්‍ර කෝටිසහස්‍රයන් දුන්නේය. ආහාරය, පානවර්ගය, ඛාදයය, භොජ්‍යය, ලෙය්‍යය, පෙය්‍යය, යන මොවුන් ගැන කියනුම කවරේද? එය ගලා බසින්නාවූ ගඟක් මෙන් දුනෙමි. ගෘහපතිය, තට ඔහු පිළිබඳ මෙවැනි අදහසක් වන්නේය. එනම්ඒ කාලයෙහි ඒකාන්තයෙක් වේලාම බ්‍රාහ්මණයා අනිකෙක් වූයේය කියායි. මම ඒ කාලයෙහි වේලාම බ්‍රාහ්මණයා වීමි. මම ඒ මහා දානය දින්නෙමි. ගෘහපතිය, ඒ දානයෙහි වනාහි කිසියම්දක‍ෂිණාර්භයෙක් නොවූයේය. කිසිවෙක් ඒ දක‍ෂිණාව විශොධනයට, පිරිසිදු බනොකරන ලදි.

    ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම්ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නවූ සෝවාන්වූවෙකුවළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම්ඒ මහා දානයක් දුන්නේද, යමෙක් සෝවාන් පුද්ගලයන් සියයක් වළඳවන්නේද, එයට වඩා එක් සකෘදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. 

    යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, එයටත් වඩා අතිශයින් මහත්ඵල වන්නේ එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, මෙයයි. යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. 

    යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් තථාගතවූ, අරහත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. මෙක් බුද්ධ ප්‍රමුඛ භික‍ෂු සංඝයා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සතර දිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය.

    යමක් පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත්ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන ශික‍ෂා පදයන් සමාදන් වන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. 

    යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් දෑඟුලෙන් ගෙන ඉසීම්පමණකුදු මෙත් සිත වඩන්නේද, (මෛත්‍රී ධ්‍යානයකට සමවදින්නේද) මෙය එයට වඩා මහත් ඵලතරය.  (අංගුත්තර නිඛාය සිංහනාද වර්ගයර/වේලාම සූත්‍රය- සංශේප කර ඇත.)

    ඊලඟ ලිපියෙන් ධ්‍යාන හා ධ්‍යානංග


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles