සුඤ්ඤතෝ
පඤ්චස්කන්ධය කාරනපාලකවිරහිතහෙයින්හාහිස්හෙයින්සුඤ්ඤ වන්නේය.
ශුන්‍ය යනු හිස් බැවින් යුතු දෙය යන්නයි. යමක් ඇති බැවි පෙනී ගියද එය විමර්ශණය කර බැලීමෙදී එහි ඇති බවක් නැති නමි, එය ශුන්‍ය වූ ධර්මයක් යැයි සැලකිය හැක. (මජ්ජිම නිකාය චූල සුඤ්ඤත/ මහා සුඤ්ඤත සූත්‍රය ආදිය කියවා තේරුමි ගත යුතුය) උදාහරණයක් වශයෙන් බුදු පිළිමයක් ඇතැයි සිතමු. බැලූ බැල්මට එය කළුගලින් නිමවා ඇති සෙයක් පෙනනෙන්ට ඇතැයි සිතමු. යමි අවස්ථාවකදී යමෙක් එය විමර්ශණය කොට එහි මැද හිස් අවකාශයක් ඇති බව හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යකන් නිමවා ඇති බැවි සොයාගනිත් නමි, කළුගල් යන්න එහි ඇති දෙයක් නොව ඇසට පෙනෙන රූපය මත අප විසින් ඇතිකරගත්තාවූ වැරදි සංඥාවක් මත එලබුනු නිගමණයක් බව පැහැදිලි වෙයි. එබැවින් ඒ පිළිමය කළුගල් යන නයින් සුඤ්ඤ වූ ධර්මයකි.
මේ පඤ්චස්කන්ධ ධර්මයන් සුඤ්ඤ ධර්මයන් වන්නේ දැයි විමර්ශණය කර බැලිය යුතුය. මෙහිදී ඈදෑ ගැනීමට සිදුවනුයේ සමිමුති පරමාර්ථ කථාවය. මේ පිළිබඳව හොඳ විස්තරයක් අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළ් සමිමුතිය හා පරමාර්ථය යන මැය යටතේ දක්වා ඇත. ඒ අනුව පළමුව රූපස්කන්ධය සලකා බලමු.
අපගේ මේ ශරිරය සමිමුතියක් වශයෙන් ගැහැණියක් හෝ පිරිමියෙක් වශයෙන් සැලකිය හැක. යමෙක් විමර්ශණය කිරිම් වශයෙන් මේ ගැහැණු ශරිරයත් පිරිමි ශරිරයත් යන දෙකෙහිම කෙස්, ලොමි නිය, දත් ආදී වශයෙන් ශරිරාවයව සියල්ල ගලවා කෙස් වෙනම මත්, ලොමි, වෙනම මත්, නිය, දත් ආදිය වෙනම මත් ලෙස ගොඩකලේ නමි, එහි තවදුරටත් ස්ත්‍රී හෝ පරුෂ බවක් නැති අතර, සත්‍ය වශයෙන්ම ඇත්තේ ශරිරාවයව යන ධර්මතාවය වේ. ඒ අනුව ස්ත්‍රී බව පුරුෂ බව යන්න නැතිවී ගොස් නැතහොත් සුඤ්ඤවී ගොස් අවයව නව සමිමුතික සංඥාවක් ඔබ තුල ඇතිවී ඇත. දැන් ඒ සංඥාව විමර්ශනය කිරීම් වශයෙන්, ඒ එක් එක් අවයවයන්හි පඨවි බව, ආපෝ බව, තෝජෝ, බව හා වායෝ බව වෙන් කලහොත් එහි වූ අවයව යන සංඥාවට තවදුරටත් පැවතීමට ඉඩක් නැතිවී යන අතර, එහි පිහිටන නව සංඥාව වනුයේ පඨවි ආදී ධාතු කොටස් 04 ක් ඇත යන්නයි. එසේනමි මේ පඨවි ආදී ධාතු කොටස් 04 ගෙන සලකා බැලුවහොත්,
මාර්ග-ඵල ලැබීම
පඨවි වශයෙන් සංඥාවක් යොදා ඔබ හදුන්වනු ලබන්නාවූ ඒ ධර්මයට ඔබ පඨවි කීවද, තද දේ කීවද, ඝණ දේ කීවද එසේ නොමැතිව; හින්දි බසින් හෝ ඉංගිලිසි බසින් හෝ වෙන කිනමි බසකින් කිනමි වදනක් කීවද ඒ ධාතුව ඔබ ප්‍රකාශ කරනා දෙයට අනුකූල බවක් හෝ අනනුකූල බවක් දක්වන්නේ නැත. ඔබ කුමක් කීවද එම ධර්මය එම ධර්මයේ පාඩුවේ පවතින, ඇවන -පවතින- නැතිවන දර්මයක් විනා අන් කිසිවක් නොවේ. එසේ නමි පඨවි යන සංඥා නාමය එයට ව්‍යවහාර කලේ ඔබ මිස අන්කිසිවෙක් නොවේ. එය ඇත්තේ ඔබේ සිෙත් මිස පඨවි ධාතුව තුල නොවේ. ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව යන ධර්මයන්ගේ තත්වය වන්නේද මෙයයි. මේ ආකාරයට පඨවි ධාතුව ආදී සංඥා නාමයන් තමාගේ සිතින් ජනිත කරගන්නා ලද නාම ධර්මයන් පමණක් බව අවබෝධයයෙන් දකින්නාට පඨවි ධාතුවත්, ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවක් ශුන්‍යවී යන ආකාරය අත් දැකිය හැක. ඕලාරික වශයෙන් රූපස්කන්ධය නිරුද්ධ වී යාම තුලින් අත් දකිනා රූප නිරොධ තත්වය නැතහොත් සුඤ්ඤතාවය වන්නේ මෙයයි.
මෙබදු තත්වයකට සිත පත්කල හැකි තැනැත්තාට රුපස්කන්ධය පුර්ණ වශයෙන් ඔහුගේ සිතන් අතහැරී නිරුද්ධවී ගොස් සුඤ්ඤ වී ඇති ආකාරය අත් දැකිය හැක. එවන් ඔහු තුල රූපස්කන්ධය නිරුද්ධවී ඇති බව හැඟී ගියද, තවදුරටත් නාම ධර්ම පවතින බැවි අත්දැකිය හැක. නාම ධර්ම වන්නේ වේදනාව, සංඥාව, විඥාන හා සංඛාර යන මේවාය. එවන් ඔහු තමාගේ නාම ධර්ම පොදිය තුල ප්‍රකටව පෙනී යන්නාවූ වේදනාක් දැකීමට උත්සුක විය යුතුය. එසේ දකින්නාවූ වේදනාව අනිත්‍ය වශයෙන් හා අනාත්ම වශයෙන් දැක එය සිතික් අත්හැරිය යුතු වන්නේය. එබදු පුද්ගලයාට වේදනාස්කන්ධය නැතිවී සුඤ්ඤ වී යන ආකාරය අත්දැකිය හැක. මේ ආකරයට සංඥා ස්කන්ධයත්, විඥාන ස්කන්ධ නමි දැනීමත්, මෙතෙක් භාවනා කර්මය කිරීම වශයෙන් ජනිත කරන ලද චිත්ත සංස්කාර නමි වන ස්ඛාර ස්කන්ධයත් අත්හරිනා ඔහුට ඒ ඒ ධර්මයන් වෙන් වෙනම ම නිරුද්ධ වී සුඤ්ඤවී පඤ්චස්කන්ධයම සුඤ්ඤවී යාම තුලින් අත්දකිනා සුඤ්ඤතාවයට සිත පත්කල හැක. එවන් ඔහු ඒ සුඤ්ඤතාවයෙත් ඇති බවක් පවතින බව දැක. නොපැවතීමම සුඛ බවත්, ශාන්ත බවත් දැක ඒ සුඤ්ඤතාවත් අනිත්‍ය අනාත්ම වශයෙන් දැකීමේදී සිත මාර්ග- ඵල තත්වයන්ට පත් කිරීමට හැකි වනු ඇත.සුඤ්ඤතාවයේ ඉක්මවා යෑම වන්නේ එයයි.
ඊලඟ ලිපියෙන් මහා විදර්ශනා භාවනාව වඩනා ආකාරය