Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

36 වන දවස පරතෝ

$
0
0
පරතෝ
මාගේපඤ්චස්කන්ධය  මාගේවසඟයේපැවැත්වියනොහැකිපරබවකින්යුක්තය. 
මටරූපදැකියහැකිඇසක්ඇත, මටශබිදඇසෙනාකණක්ඇත, මටඝඳසුවඳදැනෙනා නාසයක්ද, රසදැනෙනාදිවක්හාවිවිධමනෝධර්මයන්උපදවනසිතක්දඇත. මීටඅමතරවබාහිරලෝකයේරූප, ශබිධ, ඝන්ධ, රසයන්හාස්පර්ශයන්දඇත. 

යමිඅවස්ථාවකමාගේඇසනිරෝගීනමිඑයටරූපදැකීමේශක්තියඇතිනමි, මාකැමතිවුවදමාඅකැමැතිවුවද, මාප්‍රිකරන්නාවූත්ප්‍රිකරන්නාවූත්සෑමරූපයක්මඑයටපෙනෙයි. මේරූපයමටප්‍රිබැවින්මෙයමටනොපෙනේවාකියාඑමරූපයනොදැකසිටීමේහැකියාවක්මාසතුවනැත. සැබැවින්මඇසමාවසඟයේඇතිවස්තුවක්නමිමාකැමතිරූපබැලීමටත්මාඅකැමැතිරූපනොබැලීමටත්මටහැකිවියයුතුය. නමුත්කවරකරුණක්නිසාවත්මටඑයකලනොහැකිය. ඇසඅපටපෙන්වන්නේඇසටඅවශ්‍යදෙයමිසමටඅවශ්‍යදෙයනොවේ. එබැවින්ඇසමාගේවසඟයේඇතිවස්තුවක්නොවේපරවස්තුවකි. කණනාසය, දිව, ශරිරයයනඉන්ද්‍රින්ගේස්වභවය දමෙයටවෙනස්නැත. 
මාගේමේශරිරයනිරන්තරයෙන්කුසගින්නෙන්දැවෙයි, පිපාසාවෙන්දැවෙයි, වේදනාවන්වලින්දැවෙයි, නිදිමතඇතිවෙයි, මළමුත්‍රවලින්පිරීඅපිරිසිදුවෙයි, මේශරිරයටවෙහෙසදැනෙයි, මේශරිරයටවිවිධාකාරලෙඩරෝගයන්වැලදෙයි. සැබවින්මමේශරිරයමාගේවසඟයේඇතිමාසතුවස්තුවක්නමි, අන් සතුවූ වස්තුවන් වැනිපරවස්තුවක්නොවන්නේනමිමේශරිරයමාකියනාඅයුරෙන්පැවතියයුතුය. කුසගිනි, පිපාසා, ලෙඩදුක්ආදීකිසිවකටමමප්‍රියනොවෙමි. “මේකිසිවක්මාවෙතනොපැමිනේවා!!කියාමාකියූපමණින්මේශරිරයමාගේවසඟයේඇතිවස්තුවක්නමිසියල්ලනැතිවීයායුතුය. නමුත්එසේකලහැකිනොවේ. නැතහොත් එසේකලකිසිවෙකුහෝනොමැත. ශරිරයපවතිනුයේශරිරයටඅවශ්‍යපරිදිමිසමාගේඕනෑඑපාකමිවලටඅනුරූපවනොවේ.ශරීරයේ පාඩුවේ පවතින ශරිරය මට අවශ්‍ය පරිදි පවතින්නේ යැයි යමෙක් සිතන්නේ නමි එය ඔහුගේ අඥාන සිතුවිල්ලක් මිස අන් කිසිවක් නොවේ.

මේශරිරයමාගේවසඟයේපවතිනමාසතුවන්නක්නමි, ව්‍යාධය, ජරාව, මරණයමාවෙතනොපැමිනේවාකියාමාකියූපමණින්,ඒවා  මාකෙරෙන්පහවියයුතුය. නමුත්ව්‍යාධියටපත්වනස්වභාවයෙන්යුතුමේශරිරයකෙතෙක්ව්‍යාධිනොවේවාකියූව දව්‍යාධියටපත්වෙයි, ජරාවටපත්වනස්වභාවයෙන්යුතුමේශරිරයමා කෙතෙක්ජරාවටපත්නොවේවාකියාකීවදජරාවටපත්වෙයි, මරණයටපත්වීමස්වභාවකරඇතිමේශරිරයමාකැමතිවුවත්අකැමැතිවුවත්මරණයටපත්වෙයි. කොටින්මමටමේමොහොතේමියයන්ටවුවමනාවුවදම්ශරිරයමරණයටපත්වන්නේනැත. නමුත් මටජීවත්විමටඅවශ්‍යවනමොහොතකමේශරිරයමරණයටපත්වීමට ඉඩ ඇත. 

මේආකාරයෙන්මෙමරූපස්කන්ධයමාගේපාලන‍යෙන්සමිපුර්ණයෙන්මබාහිරවපවතින්නාවූතමාගේඅනන්‍යපැවැත්මක්ඇතිඅන්‍යධර්මයක්වන්නේය. කිසිදිනමටඅවැසිආකාරයටනොපවතින්නාවූ, මාගේඔනෑඑපාකමිඉටු නොකරන්නාවූ,මේ ශරිරයේපැවැත්මටඅනුකූලවමාපවතිනවාමිස,මටමේශරිරයේඅධිපතියාවීමටනොහැක. යමෙක්මේශරිරයමා සතුවස්තුවක්ය, මට අවැසි පරිදි පවතින වස්තුවක් යැයිසිතන්නේනමිඑයඔහුපත්වඇතිමහත්මමුලාවක්වන්නේය. යමක්මගේයැයිකීමටපැවතියයුතුඑකදුගුණංගයක්හෝමේශරිරයේඇත්තේනැත. එබැවින්මේශරිරය  පරධර්මයක්වන්නේය. 

මේශරිරයපමණක්නොවමාගේනාමස්කන්ධය දපරධර්මයක්වන්නේය.මාසිතන්නේමටසිතීමටඅවශ්‍යදේයැයිඔබටසිතෙන්නටපුළුවන. නමුත්එයසත්‍යක්ද? සැබැවින්මමෙහිඔබසිතනාකිසිවක්ඇත්තේනැත.මෙහි ඇත්තේ හේතු ඵල චක්‍රයකි.ඇසටරූපයක්අරමුණුවූවිටඔබේකැමැත්තතිබුන දඔබේඅකැමැත්තතිබුන දරූපයපිළිබදවවිඤාණ, වේදනා, සංඥාහාසංස්කාරයන්ජනිතවීමසිදුවන්නේය. මේසියල්ලඔබේකැමැත්තෙන්සිදුවන්නාවූදෑනොවේ. එසේවන්නේ නමිඔබටපරමඅපවිත්‍රවූදුඟදහමනඅසූචිපිඩක්දුටුවිටපිළිබඳව; මේයඉතාප්‍රසන්නවූත්, මධුරවූත්ආහාරයක්යැයිසිතීමටහැකිවියයුතුය. ඔබගේනාමස්කන්ධයඔබගේවසඟයේපවත්නනාවූධර්මයක්වන්නේනමි, නාමස්කන්ධයමඟින්ඔබටඇතිකරදෙන්නාවූසිතුවිලිනොවවෙනසිතුවිල්ලක්ඔබවිසින්ඇතිකරගැනීමටහැකිවියයුතුය. නමුත්කිසිවක්ආකාරයෙන්පැවැත්වීමට ඔබටහැකියාවක්නැත. නාමස්කන්ධයවිසින්ඇතිකරදෙන්නාවූවිවිධාකානාමධර්මතාවන්පිළිබඳවවැරදි මතයක් අවිද්‍යාව නිසා ඇතිකරගන්නා ඔබ, හේතු-ඵල වශයෙන් ඇතිවන්නාවූ පරමාර්ථමය ක්‍රියාවලිය මා විසින් කරන්නේය. මා විසින් පවත්වන්නේය. මම කරනු ලැබේ. මම කරනු ලබන දෙය, ආදී වශයෙන්  අවිද්‍යා සංකල්පනා ජනිතකර ගනු ලබයි.

සැබැවින්ම මෙහි කරන්නෙක් හෝ කරවනු ලබන්නෙක් හෝ නැත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන සංඛ්‍යාත පඤ්චස්කන්ධ ධර්මයන් ජනිත වීමට අවැසි වන්නාවූ අවිද්‍යා, තෘශ්ණා, කර්ම සංඛායාත හේතුන් ඇති විට, එයින් පඤ්චස්කන්ධයන් නැවත නැවත ජනිත වීම සිදුවයි. එකී හේතුන් යමි කලෙක නිරුද්ධ වී යයි ද, එහිදී පඤ්චස්කන්ධයන් ඉපදීමට ඉඩක් ඇත්තේ ද නැත. හේතුන් මත ඇතිවෙමින් නැතිවෙමින් එක් පසක ස්වායත්තව පවතින්නාවූ ධර්මයක් ඔබගේ සිතින් ඔබ අල්ලාගන මම, මගේ, මට අයත්දේ, මා කරනු ලබන දෙය, මම දකියි, මම අසයි, ආදී වශයෙන් ද මම සිතයි ආදී වශයෙන් සලකාගෙන සිටිය ද එය අවිද්‍යාවක් මිස සත්‍යනොවේ. පර බවින් යුතු මේ පඤ්චස්කන්ධයේ ස්ව බවක් කිසි කලෙක ලැබියනොහැකිමය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles