Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

35 වන දවස ජාතිධමිමතෝ

$
0
0

ජාතිධමිමතෝ,
මේපඤ්චස්කන්ධධර්මයන්නැවතනැවතඋපදිනස්වභාවයෙන්යුක්තය.

මේපඤ්චස්කන්ධධර්මයන්නැවතඋපදිනස්වභාවයෙන්යුතුධර්මයන්වන්නේකෙසේද?



ඇස, කණ, නාසය, දිවශරීරයයනපඤ්ච ඉන්ද්රියන්ටභාහිරලෝකයේඇතිරූප, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ස්පර්ශ වූ විටදී එයින් වේදනාවක් ජනිතවේ. මේ ඇතිවන්නාවූ වේදනාව කෙරේ ඇලුමි කිරීම හෝ මෙම වේදනාව කෙරේ ද්වේශ කිරීම් වශයෙන් ඔහුට තෘශ්ණාවක් ජනිත වේ. මෙම තෘශ්ණාවන් නැවත නැවත ජනිත වීම නිසා ඒවා වඩාත් වර්ධනය වීමෙන් උපාදානයන් ජනිතවේ. මෙම උපාදානයන් ඇති කල්හි එම උපාදානයන් වලින් මෙහෙයවන්නා කය, සිත, වචනය මෙහෙයවා කරනු ලබන්නාවූ විවිධ ක්‍රියා හේතුවෙන් කර්ම භවය රුස්කර ගනු ලබයි. මෙසේ කර්ම භවය ඇති කල්හි, දිව්‍ය, මනුශ්‍ය, තිරිසන්, නේරයික, ප්‍රේත, අසුර ආදී වශයෙන් ජාතිය අතිවෙයි. මෙසේ ජාතිය ඇති කල්හි, ජරාව, මරණය, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සමිපයෝග, කැමැති දෑ නොලැබී යාම ආදී සකල දුක්ඛ සත්‍යයේ ජනිතවීම සිදුවෙයි. මෙසේ දුක් උපන් කල්හි අවිද්‍යාවේ වෙලී සිටින්නාවූ සත්ත්වයා එකී දුක සැබැ දුකක් වශයෙන් නොදකිම්න්, දුක්ඛ සත්‍යය නොදකිමින්, එයට පිළියමි වශයෙන් විවිධ සංස්කාරයන් ජනිත කරගනු ලබයි, මෙසේ ජනිතකර ගන්නාවූ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාරයන් නිසා නැවතත් තෘශ්ණා ඇතිකර ගනියි දුක ඇතිවීමේ හේතුව මෙය යැයි  දුක්ඛ සමුදය සත්‍යය නොදකියි. දුක ඇතිවීමේ හේතුවක් ඇති බව නොදකින සත්ත්වයා දුකෙන් මිදීමක් ඇති බවත් නොදකියි. දුකින් මිදීමේ මාර්ගයක් ඇති බවට නොදකිනා තැනැත්තා දුකින් මිදීමේ නියම මාර්ගය වන මාර්ග සත්‍යය නොදකියි, ආර්‍ය අංශ්ඨාගික මාර්ගයේ ගමන් නොකරයි.  එවන් තැනැත්තාගේ සංස්කාරයන් අතොරක් නැතිව භවගාමීව, භවගාමී විභවයක් ඇතිව ගලායනු ලබයි. ඒවායින් විඥානයන් ජනිතවෙයි. මෙසේ ජනිතවන චක්ඛු විඥාණ ආදී විඥාණයන් නිසා අභිනව නාම-රූපයන්ගේ ජනිතවීම සිදුවෙයි. මේ නාමරූප පරමිපරාව වැඩී ආයතන 06 පහල වෙයි. මෙම ආයතනයන් ඇතිවිට ස්පර්ශයන් සිදුවෙයි. ස්පර්ශයන් නිසා වේදනාවන් ඇතිවෙයි. නැවතත් එම ක්‍රියාවලියම සිදුවෙයි.



මේ ආකාරයෙන් පටිචිච සමුප්පාද චක්‍රරය කැරකැවෙමින් භවයෙන් භවයට ගමන් ගනියි. එබැවින් මෙම පඤ්චස්කන්ධ ධර්මයෝ ජාතිය ඇතිකරන ධර්මයන් වන්නේය. යමිකලෙක යමෙක් අවිද්‍යා‍වෙන් තොරවෙයිද ඔහු දුක්ඛ සත්‍ය දකියි. එවන් අවිද්‍යාවෙන් තොරවූ තැනැත්තා දුක ඇතිවීමට හේතුව මේ තෘශ්ණාව බව දැක දුක්ඛ සමුදය සත්‍යය දකියි. මෙම දුක්ඛ සමුදය සත්‍යයෙන් මිදීමේ මාර්ගය මෙය යැයි සමථ විදර්ශනා වශයෙන් මාර්ග සත්‍යය ද දකියි. එවන් ඔහු දුකින් මිදීම නම්වු පඤ්චස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය නමිවූ නිවන දකියි. එම නිවනම ශාන්ත වන්නේය. එම නිවනම ක්ෂේම වන්නේය. එම නිවනම පරම සැනසීම වන්නේය.


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles