භොජනෙඅමත්තඤ්ඤුතා
මෙයින් අදහස් වන්නේ භෝජන වශයෙන් ගන්නා ආහාරයේ ප්‍රමාණය නොදැනීමයි. භෝජනය ලබාගත යුත්තේ කවර ආකාරයකින්ද යන්න භාග්‍යවතුන් වහන්සේ බොහෝ ස්ථානයන්හි දක්වා ඇත. ඒ අනුව;
“භෝජනයෙහි පමණ දැනීමක් ඇත, පමණ නොදැනීමක් ඇත. එහිලා භෝජනයෙහි පමණ නොදැනීම කවරේද යත්; යමෙක් නුවණින් නොබලා, නුනුවණින්, ක්‍රීඩා පිණිස, තරුණ මදය පිණිස, සැරසීම පිණිස ආහාරය අනුභව කරයි ද. යම් ලද භෝජනයෙහි ලද දෙයින් අසතුටුවීමක් ඇද්ද, පමණ නොදැනීමක් ඇද්ද, නුනුවණින් කල්පනා කිරීමක් ඇද්ද, මෙය භෝජනයෙහි පමණ නොදැනීමයයි කියනු ලැබෙ.
යමෙක් නුවණින් යුතුව, ක්‍රීඩා පිණිස නොව, තරුණ මදය පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාරය පිණිස නොව, යම් පමණකින් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩ සා දුක හරණ පිණිස, බඹසරට පිහිට පිණිස, ආහාරය අනුභව කරයි ද. ඔහු මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි. අළුත් දුක් වේදනාවන් නූපදවන්නෙමි. මාගේ සතර ඉරියවෙහි පැවැත්මද, නිවරද බැව්ද, යෙහෙන් විසීමද වන්නේයයි යැයි සිතා ඒ භෝජනයෙහි ලද දෙයින් සතුටු බවක්, පමණ දැනීමක්, නුවණින් කල්පනා කිරීමක් ඇද්ද, මෙය භෝජනයෙහි පමණ දැනීමයයි කියනු ලැබෙ.”
භෝජනයේ පමණ නොදන්නා අයට එහි පමණ දැණිම පිණිස අනුගමනය කල හැකි ක්‍රියාමාර්ගයක් ගණනාවක් බුදු දහමේ පෙන්වා දෙනු ලබයි.
01) සිහි නුවන දියුණු කිරීමේ ක්‍රමය “භෝජනයෙහි පමණ දැනීමක් ඇත, පමණ නොදැනීමක් ඇත. එහිලා භෝජනයෙහි පමණ නොදැනීම කවරේද යත්; යමෙක් නුවණින් නොබලා, නුනුවණින්, ක්‍රීඩා පිණිස, තරුණ මදය පිණිස, සැරසීම පිණිස ආහාරය අනුභව කරයි ද. යම් ලද භෝජනයෙහි ලද දෙයින් අසතුටුවීමක් ඇද්ද, පමණ නොදැනීමක් ඇද්ද, නුනුවණින් කල්පනා කිරීමක් ඇද්ද, මෙය භෝජනයෙහි පමණ නොදැනීමයයි කියනු ලැබෙ.
යමෙක් නුවණින් යුතුව, ක්‍රීඩා පිණිස නොව, තරුණ මදය පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාරය පිණිස නොව, යම් පමණකින් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩ සා දුක හරණ පිණිස, බඹසරට පිහිට පිණිස, ආහාරය අනුභව කරයි ද. ඔහු මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි. අළුත් දුක් වේදනාවන් නූපදවන්නෙමි. මාගේ සතර ඉරියවෙහි පැවැත්මද, නිවරද බැව්ද, යෙහෙන් විසීමද වන්නේයයි යැයි සිතා ඒ භෝජනයෙහි ලද දෙයින් සතුටු බවක්, පමණ දැනීමක්, නුවණින් කල්පනා කිරීමක් ඇද්ද, මෙය භෝජනයෙහි පමණ දැනීමයයි කියනු ලැබෙ.”
භෝජනයේ පමණ නොදන්නා අයට එහි පමණ දැණිම පිණිස අනුගමනය කල හැකි ක්‍රියාමාර්ගයක් ගණනාවක් බුදු දහමේ පෙන්වා දෙනු ලබයි.
02) ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය
03) ආහාරයේ පිළිකුල් සංඥාව උපදවීමේ ක්‍රමය.
04)ධාතු මනසිකාර ක්‍රමය යනාදී වශයෙන් වන්නාවූ විදර්ශනාමය ප්‍රඥාව වැඩෙනා ක්‍රමයන් අනුගමනය කිරීම
05) නැතහොත් ධූතාංගයන් සමාදාන වීම
06) උපෝසථ සිල් සමාදාන වීම වැනි අදිශ්ඨානය, වීර්‍ය වැඩෙනා ක්‍රමයක් භාවිතා කිරීම යමෙකුට කල හැක.
ඒවා ප්‍රායෝගික වශයෙන් කල හැකි ආකාරය කෑදරකමට කාලාමහත්වුන අයට දින 14 කින්කෙට්ටුවිය හැකි ක්‍රමයක් යන මින් පෙර සම්පාදිත ලිපියේ සවිස්තරාත්මකව දක්වා ඇත. එම ලිපිය කියවා ඒ අනුව පිළිපැදීම තුලින් නියත වශයෙන්ම ඔබට භෝජනයේ පමණ දැන ආහාර ගැනීමට හැකිවනු ඇත.