මින් පෙර ලිපියෙන් යමෙක් මාර්ග-ඵලයකට පත්ව ඇත්ද නැත්ද යන්න සොයා ගන්නා ආකාරය විස්තර කරනා බව ප්‍රකාශ කලෙමි. එම ලිපියේ මාර්ග-ඵල සංයුක්ත නවලොකොත්තර ධර්මය පිළිබඳව යමි පමණක විස්තරයක් දක්වා ඇත.
අද සමාජයේ යමි යමි ගිහියන් හා පැවිද්දන් තමා මාර්ග-ඵල ලබා ඇති බව ප්‍රකාශ කරනු දක්නට, අස්නට ලැබෙයි. යමෙක් එසේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නම් එසේ ප්‍රකාශ කිරීමේ වරදක් නැත. ඒ ගිහියන් සම්බන්ධවය. නමුත් පැවිද්දන් සම්බන්ධයෙන් තත්වය වෙනස් වේ. යම් පැවිද්දේක් තමා දැන දැන උත්තරී මනුශ්‍ය ධර්ම ඇති බවට එනම්; මාර්ග 4 ඵල 4 හෝ ධ්‍යාන අශ්ඨකය අතරින් යමක් හෝ, සිවි වන පරාජිකා සික්ෂාවේ දක්වා ඇති තත්වයන් තමා ලබා ඇති බවට දැන දැන බොරු කියයි නමි ඔහු පරාජිකාපත්තියට පත්වෙයි.
නමුත් යම් පැවිද්දේක් තමා අධිමානයට පත්වීම නිසා තමා එකී උත්තර මනුශ්‍ය ධර්මයන්ට පත්ව ඇතැයි රුවටී එය ප්‍රකාශ කරයි නම් ඔහු පරාජිකා පත්තියට පත්නොවෙයි.
ඒ අනුව මෙම ලිපියේ සඳහන් කරන්නට යෙදෙනුයේ තමා මාර්ගයක්- ඵලයක් ලබා ඇත්ද නැත්ද යන කාරණාව සොයා ගන්නා ආකාරය පිළිබඳවය. එයිනුත් සොවාන් මාර්ගය හා ඵලය සමිබන්ධයෙන් පමණි. නමුත් මෙම ලිපියේ කිසිදු ප්‍රායෝගික තත්වයක් සඳහන් කර නැති අතර හුදෙක් මඟ පෙන්වීමක් පමණක් දක්වා ඇත. ප්‍රායෝගික තත්වයන් ගුරුන් ඇසුරෙන් විමසා පරීක්ෂා කරගත යුතුය.
උදාහරණ වශයෙන් කොකාකෝලා වලට මෙන්ටොස් දැමුවිට ප්‍රතික්‍රියාවක් සිදුවන බව පමණක් දක්වා ඇත. එම පරීක්ෂණය කෙසේ කල යුතුද, මෙන්ටොස් කෙසේද, කෙකාකොලා කෙසේද? සිදුවන්නේ කිනම් ප්‍රතික්‍රියාවක්ද, එය සිදුවන විට ස්වභාවය කුමක්ද යන්න මෙහි පහදා නැත. පරීක්ෂණය සත්‍ය වශයෙන්ම අතහදා බලා ඇති තැනැත්තා කොකා කෝලා යනු මොනාවාද, මෙන්ටොස් යනු මොනාවාද? ප්‍රතික්‍රියා කරවීමට මෙන්ටොස් වලට කොකාකෝලා දැමිය යුතුද, නැතහොත් කොකා කෝලාවලට මෙන්ටොස් දැමිය යුතුද, එවිට පිපිරීමක් ඇතිවේද, නැතහොත් කුමක් වේද යන කාරනාව දනියි. නොදන්නෝ පරීක්ෂණය පමණක් දන්නා බැවින් අත්හදා බලාම එය දත යුතු බැවින් ප්‍රායෝගික තත්වයන් කිසිවක් මෙහි කියා නැත.
ප්‍රසිද්ධ ප්‍රශ්ණ
මාර්ග-ඵල ලාභින් තමා මාර්ග-ඵල ලැබූ බව නොකියන්නේ ඇයි?
මාර්ග-ඵල අතරින් ප්‍රථම මාර්ගය හා ඵලය වන්නේ සොවාන් මාර්ග-ඵල තත්වයයි. සොවාන් වීමට යමෙක් සක්කාය දිටිඨිය දුරු කල යුතුය. සැබවින්ම සොවාන් වීම යනු සක්කාය දිටිඨිය දුරුවන අවස්ථාවේදී ඇතිවන තත්වයකි. එය හැදින්වීමට යොදන නම වන්නේ සොවාන් නැතහොත් මාර්ගයට පැමිණි තැනැත්තා යන්නයි. සක්කාය දිටිඨිය දුරුවන අවස්ථාවේදී එබඳු පුද්ගලයෙකු තුල විචිකිඡ්චාව නැතහොත් බුද්ධාදී අටතැන් පිළිබඳව වන සැකය දුරුවේ. එසේම ඉන්පසු එබදු සැකයක් ඔහුට නැති නිසා සසර නිමා කරනා තෙක් ඔහුට වෙනත් සාස්තෘවරයෙක් ගේ පිහිටක් නැතිබවට ප්‍රත්‍යක්ෂ වන බැවින් බුදු සසුනෙන් පිට වෘත සමාදාන වීම තුලින් විමුක්තිය ලද හැකිය යන සිලබිබත පරාමාසයද දුරුවී යයි. එවන් පුද්ගලයා කිසි කලෙකත් නිවන් මඟින් පිට පැන වෙන මංමුලා වූ මාර්ගයක ගමන් නොකරනා බැවින් ඔහුට සොවාන් නැතහොත් මාර්ගයට පැමිණි තැනැත්තා යැයි කියනු ලබයි. සක්කාය දිටිඨිය යනු මේ සංස්කාරයන් තුල එනම් පංචස්කන්ධය තුල මම මගේ කියා ගන්නට කිසිවක් නැති බවට වන අවභෝධයයි. මෙවැනි අවභෝධයක් ඇති නැතැත්තා තමා ලද මාර්ග-ඵලයද මම මගේ කියා ගන්නෙක් නොවේ. එවන් අයෙකුට තමා සොවාන්වුයේ යැයි කියමින් උදන් ඇනීමට අවශතාවයක් නැත. සොවාන් අයෙකු සමිබන්ධයෙන් තත්වය එසේ වන විට අන් මාර්ග-ඵල ලාභීන් සම්බන්ධයෙන් කවර කාථාද?
නමුත් යම් අවස්ථාවකදී තමා මාර්ග-ඵල ලබා ඇති බව යමකුට ඇඟවුයේ නැතිනම් එම තැනැත්තා ආර්‍ය උපවාද කර්මයන් සිදු කරගැනීම නිසා අපාගත වන්නට ඉඩ ඇතිබව යම් ආර්‍යෙයකුට හැඟේ නම් හා යම් හේතු සම්පත් ඇති අයෙකුට උපකාර කිරීම සඳහා තමාගේ ආර්‍යත්වය හෙලි කිරීම උචිත යැයි හැඟෙන අවස්ථාවක ආර්‍යයෝ තමාගේ ආර්‍යත්වය හෙලි කිරීමට මැලි වන්නේ ද නැත.
තවත් කිව යුතු විශේෂ කරුණක් ඇත. මෙහිලා මුලින් බුද්ධ කාලීන තොරතුරක් ගෙන එම වඩා සුදුසු යැයි සිතමි. භාග්‍යවතුන්වහන්සේගේ අග්‍ර උපස්ථාක වන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ බුද්ධ පරිණිර්වානය වන තෙක්ම සිටියේ සොවාන් මාර්ග-ඵල පමණක් සාක්ෂාත් කිරීමෙනි. මෙහිදී මහා පරිණිර්වාණ සූත්‍රයේ සඳහන් වන පරිදි චාපාල චේතියේ බුදු රජාණන්වහන්සේ උන්වහන්සේගේ ආයු සංස්කාරය අත් හරිනා විට දී ආනන්ද ථෙරනුන්ට තමන්වහන්සේට කපක් ( පරමායුශ 120) ආයු වැළඳීමට හැකියාව ඇති බව අවස්ථා ගනනකදී සැල කල නමුත් ඒ එක් අවස්ථාවක දී හෝ බුද්ධ ධර්මතාවය පරිදි අග්‍ර උපස්ථායක විසින් කල යුතු “භාග්‍යවතුන් වහන්ස ලොක සත්ත්වයා වෙත කරුණවෙන් කපක් වැඩ සිටින සේක්වා ලෙස“ ආනන්නද තෙරුන් ආරාධනා නොකිරීමට දක්වා ඇති හේතුව පිළිබඳව අවධානය යොමු කල යුතුය. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඒ අවස්ථාවන් හී දී ආනන්ද ථෙරනුන් මාර පීඩාවට නැතහොත් මාරාවේශයට පත්ව සිටීම යන්නයි.
ඵල ඇති රුකට ගල් වැදෙන්නා සේ. පලකට නැති පුහුදුන් මිනිසුන්ට වඩා මාර්ග-ඵල ලාභින්ට අමනුශ්‍ය උපද්‍රව බොහොය. ඒ අතරින් මාර පීඩාවන් මූලික තැනක් ගනු ඇත. මෙවන් යුගයක එම තත්වයන් බොහෝ බරපතලය. එබැවින් සැබවින්ම මාර්ග-ඵල ලාභින් පවා තමාගේ පමණට නුසුදුසු අයුරෙන් හැසිරීම් පෙන්වීමට ඉඩ ඇත. එවන් අයෙකු තමා ලද මාර්ග-ඵලය එසේ ලද බව නොසැලකිලිමත් ආකාරයෙන් ප්‍රකාශ කරනවා වන්නටද පුළුවන. අන් අතට මාර්ග-ඵල ලාභින් හා නොලාභින් අතර භාහිරට පෙනෙනා කිසිදු වෙනසක් නැති බැවින් විවේචනය කරන්නන් ප්‍රෙව්ශමි විය යුතුය.
සොවාන් වූවන්ගේ පන්සිල් පද 05 නොබිදේද?
සොවාන් වූවන්ගේ පන්සිල් පද 05 නොබිඳෙන බවට ත්‍රිපිටකයේ කොතැනක හෝ සඳහනක් නැත. එය සමාජයේ මුල්බැසගෙන ඇති මිත්‍යාවකි. සොවාන් වුවෙකු සතු ගුණංග මොනවාද යන්න සංයුක්ත නිකායේ සොතාපත්ති සංයුක්තයේ හා තවත් සූත්‍ර ගණනාවක ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව සොවාන් වූවෙකු සතුවන ශිලය ආර්‍යකාන්ත ශිලය නැතහොත් ආර්‍යන් කැමති ශිලය වන බවත්, එය නොබිදෙන බවත් දක්වා ඇත.
මෙම ගැටළුව ඇතිවී ඇත්තේ මෙම ආර්‍යකාන්ත ශීලය යන්න වැරදියට අර්ථ දක්වා සමහර පිරිස් කරන ලද දේශනාවන්ය. ශිලය පිළිබඳව මෙම බිලොගයේ ශිල මංජරී ලිපි පෙලේ දක්වා ඇත. ත්‍රිපිටකය පුරා ශිලය යනු කුමක්දැයි දක්වා ඇති ස්ථාන රාශියකි. මෙයින් පන්සිල්, දස සිල්, අට සිල් ආදී උපොසොථ ශිල ප්‍රතිපත්තිමය ශිලයන් වෙයි. එනම් යමෙක් සමාදාන වී ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී රකින ශිලයන් වෙයි. පැවිදි ශිලය පවා එබදු ශිලයකි. නමුත් ශිලය යන්නේ අර්ථය මෙයින් වෙනස් වෙයි. සැබවින්ම ශිලය යන්නෙහි ඇත්තේ පුළුල් පරාසයකි. භාග්‍යවතුන්වහන්සේ දේශනාකරනා ආකාරයෙන් ප්‍රථම ධ්‍යානය ආදී වශයෙන් ඇත්තාවූ ධ්‍යාන 08 ටද ශිලයකි. මාර්ග-ඵලයන්ද ශිලයකි. එබැවින් මෙහි සඳහන් වන ආර්‍යකාන්ත ශිලය යනු පන්සිල් පද 05 නොව මාර්ග-ඵල බව දත යුතුය. එයිනුත් ඵල සිත ප්‍රමුඛ බව දත යුතුය.
සොවාන් වූවන්ගේ පවා සිල් පද බිඳෙනා බවට ත්‍රිපිටකයේ ඇති සරකානිගේ කථා පුවත ගෙන හැර දැක්විය හැක. සරකානී අධික ලෙස මත්පැනට ලොල් වූ අයෙකි නමුත් සොවන් වූ අයෙකි. ඔහු සොවාන්ව සිටිය දීම මත්පැන් පානය කරයි. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් මෙම කරුණ සැලකර ඔහු අපාගත වන්නේදැයි විමසා සිටි අවස්ථාවේදී එසේ පැවසීම සුදුසු නොවන බවත්, සොවාන් වූ අයෙකු කුමක් කලද (මව මැරිම පියා මැරීම ආදී අභව්‍ය යැයි බුදු පියාණන් වදාල කරුණු හැර) සතර අපායට කිසි දිනක පත් නොවන බවත් වදාලා ඇත. එසේම ඔහු අතින් කිසි දිනක පඤ්චානන්තරීය පාපකර්ම කිසිවක් සිදු නොවේ.
සොවාන් වූ තැනැත්තා සොවාන් වන විට ඔහුගේ කට අගුළු නොවැටෙන බැවින් ඔහු කැමතිනම් බොරු කිව හැකිය. අකමැති නම් බොරු නොකිය හැක. අන් සිල් පද සම්බන්ධයෙන් තත්වයද එසේමය. නමුත් කුමක් රකින්නේද කුමක් කඩන්නේද එහි විපාකය කුමක්ද ක්‍රියාවේ ඵලය කුමක්ද යන්න පිළිබඳව ඔහුගේ දැණුම පෘතග්ජනයෙකු හා සම කල නොහැකි තරම් වන්නේය. වෙනස වන්නේ එයයි.
සොවාන් වූවන් ඉතා තැම්පත්ද?
යමක් සෝවාන් නම් ඉතා තැම්පත් විය යුතු යැයි හා, අත්භූත හා අමුතුම ආකාරයෙන් යුතු පුද්ගලයෙකු ආකාරයෙන් හැසිරිය යුතු යැයි හා පිටසක්වලින් පැමිණි අයෙකු මෙන් ඔහුගේ වෙස් පෙරලිය යුතු යැයි සමාජීමය අපේක්ෂාවක් ඇත. එය මිනිසුන්ගේ සිතේ ඇති අඥාන අදහසක් මිස සත්‍යක් නොවේ.
සැබවින්ම තතවය ඊට ඉතාමත් වෙනස්විය හැක. සොවාන් වූ අයෙකු සමාජීමය අපේක්ෂාවට සරිලන පරිදි ඉතා තැම්පත් අයෙකු වීමට හෝ එසේත් නැතහොත් ඊට හාත්පසින් වෙනස් සරාගී අයෙක්, නැතහොත්, කලහකාරී අයෙක්, සරකානී මෙන් බීමත් අයෙක් යනාදී වශයෙන් කුමන හෝ චරිතයක් ඇති අයෙක් විය හැකිය. බුද්ධ කාලීන සමාජීය උදාහරණයක් ගෙන බලන්නේ නම් විශාකා මහෝපාසිකාව සොවාන් වූ බුදු සසුනේ අග්‍ර උපාසිකාවියයි. ඇයට දරුවන් 20 ක් හා මුණුබුරන්- මිනිබිරියන් අටදහස් හාරසිය විස්සක් වූ බව සඳහන් වෙයි. ඇයට දරුවන් 20 ලැබුනේ සොවාන් ඵලයට පත්ව සිටිනා විටදීමය. සමාජය සිතනා ආකාරයෙන් විශාකා උපාසිකාව සිටියේ නම් ඇයට දැරුවන් වැඳීමට නොව තෙරණි අරමකට ගොස් ජීවත් වීමට සිදුවනු ඇත.
මාර්ග-ඵල ලාභින් සුලභ නැති අද වැනි කාලයක, මෙබදු තත්වයන් සිහින සිතුවිලි වල සිට අපෙක්ෂා කිරීම සාධාණ වුවත් මදක් බුද්ධිමත්ව සිතිය යුතුය. එදා බුද්ධ කාලීන භාරතීය සමාජයේ හා මහින්දාගමනයෙන් පසු ශ්‍රීලාකිය සමාජයේ මාර්ග-ඵල ලාභී ගිහියන් භික්ෂුන්ට වඩා වැඩි විය. ඔවුන් දරු මුණුබුරන් තනමින් තම තම කාර්‍යන්ගේ නියැලෙමින් සතුටින් ජීවිකාව ගෙන යන ලදි. එබැවින් මාර්ග ඵල ලාභි බව යනු අරුම පුදුම සහගත තතවයක් නොවේ. එබදු අයෙකු ලද සැනසීම ඇත්තේ ඔහු තුලය. එය පිටතට නොපෙනෙයි. ලොක සත්ත්වයා වසර ගනන්, භව ගනන් විඳවමින් තැවෙනා දුක් ඔහුගෙන් පැය ගණනකින්, මිනිත්තු ගණනකින් මැකී යයි. ජන්ම ගනන් ගෙන යන බද්ධ වෛර ඔහු තුල නැත. ලොක සත්ත්වයාගේ ඇණකෙහෙලි කම් ඔහු ගේ සිත තුලට වැද පැමිණි විට, නෙළුම්පතට වැඩි ජල බිඳු මෙන් ඒවා ලිස්සා යයි. අන් ලොක සත්ත්වයාට නොදැනෙන ගමිභිර ධර්මයන් වචන ඇසූ පමණින් ඔහු වටහා ගනියි. නිවන් මඟ ඔහු කිසි දිනක පැකිලීමක් නැත. අනමතග්ග වූ සංසාරයේ උපරිම වශයෙන් ඇත්තේ ඔහුට භව 07 ක් පමණි. ඔහු තමා කිසි කලෙක සතර අපා දුකට නොවැටෙන බව දන්නා අයෙකි. පංචානන්තරීය අකුසල කර්ම කිසි කලෙකත් ඔහුගෙන් සිදු නොවෙයි. ලොව යාථාර්ථය සැම විටම දකිනා කිසිවක් නිත්‍ය වශයෙන් නොදකිනා ඔහු අහසේ සරනා පක්ෂියෙක් මෙන් සැහැල්ලු වූ අයෙකි. තමා හෝ අන් කිසිවෙක් හෝ මගේ යැයි හෝ මම යැයි හෝ උපාදාන කිරීමක් ඔහු තුල නැත. උපන් සියල්ල නැසෙනා බවට වන සම්‍යක් දෘශ්ඨිය ඔහු තුල ඇත.
එයටත් වඩා පරම වූ සුඛය වන නිර්වාණය ස්වපාදිශේෂ නිර්වාණධාතුවට සම වැදී ස්පර්ශකිරීමේ හැකියාව ඔහුට ඇත. ලොව සියළු සුඛ පරයන උපරිම සුඛයක් ඇති මෙබදු තැනැත්තෙක් කෙතරම් ප්‍රීතිමත් අයෙක් විය යුතුදැයි ඔබට මොහොතකට හෝ සිතාගත හැකිද? එය ඔබ සිතා සිටින ප්‍රථිරූපයට වඩා හාත්පසින් වෙනස් වූ එකක් බව වටහාගත යුතුය.
මාර්ගය කුමක්ද - ඵලය කුමක්ද
මේ පිළිබඳව කෙටියෙන් යමක් පවසන්නේ නම් මාර්ගය යනු විදර්ශනාමය ධ්‍යාන තත්වයක් වශයෙන් අත්දැකිය හැකි තත්වයකි. ඵලය යනු එම ධ්‍යාන සිත සමඟ උපදින අනන්‍ය වූ වෙනත් තත්වයක් වශයෙන් දැක්විය හැකිය. මාර්ග-ඵල ලාභියෙකුට තමා ලද මාර්ග ඵලයන් වෙන් වෙන්ව අත්දැකිය හැකි අතර, ඵල අවස්ථවේදී නිවන අත්දැකිය හැකිය.
සොවාන් මාර්ගය යනු ආර්‍ය අශ්ඨාංගික මාර්ගයද?
ත්‍රිපිටකය තබා බුදු බණ පදයක අර්ථය හෝ නොදන්නා සමර අඥාන ශ්‍රමණ වේශධාරියන් හා ගිහියන් මෙසේ පවසනු ඇසී තිබේ. යමෙක් ඔය පවසන ආකාරයට යම් කිසි අයෙකු ආජීවක අඨටමක ශිලය රක්ෂා කරයි නම්, (එසේ එක සිල් පදයක් වත් නොකැඩී රක්ෂා කරනා පිරිස් ඇත.) ආජීවක අටිඨමක ශිලය ආර්‍ය අශ්ඨාංගික මාර්ගයට අනුරූප බැවින් ඔහු සොවාන් හෝ කුමක් හෝ මාර්ග ඵලයක් ලද අයෙක් විය යුතුය. මේ ආකාරයට බලනා විට කෝමා තත්වයට පත්ව ඇඳක් මත සිටිනා අයෙක් කයෙන් හා වචනයෙක් කිසිවක් නොකරනා බැවින් ඔහු මාර්ග-ඵලයකට ආසන්න වූ අයෙක් විය යුතු අතර මළ මිණියක සිතින් වන වැරදිත් නැති බැවින් එය මාර්ග ඵල ලාභී වූ මළ මිණියක් විය යුතුය. සමාජය වෙලී ඇත්තේ කෙතරම් මුලාවකද? මාර්ග-ඵල ශිලය හා සමපාත කල කීමට කිසිසේත්ම හැකියාවක් නැත. එසේ කිව හැකි නම් උතුම්ම ශිලය වන පැවිදි ශිලය රකිනා භික්ෂුන්වහන්සේලා සියළු දෙනාම රහතුන් වහන්සේලා විය යුතුය. එබැවින් සොවාන් මාර්ගය යනු, ආර්‍ය අශ්ඨාංගික මාර්ගය යැයි කීම වැරදි කරුණකි.
නමුත් සොවාන් වූ පුද්ගලයා ආර්‍ය අශ්ඨාංගික මාර්ගයට නොපෙරලෙන සේ පැමිණි තැනැත්තෙකි. නොපෙරලීම යනු දිනෙන් දින පිරිහීමකින් තොරව එම මාර්ගය දියුණු කරගන්නා නැතැන්තෙකි. ආර්‍යශ්ඨාංගික මාර්ගය සම්පුර්ණ වන්නේ අරහත් ඵලයෙනි. අන් සැමගේ ආර්‍ය අශ්ඨංගික මාර්ගයේ සිදුරු ඇත. පළුදු ඇත. එයට හේතුව තවමත් එය වැඩෙමින් යන බැවිනි. සොවාන් වූ අයෙක් එම මාර්ගය හෙලි කරමින් එම මාර්ගයේ කෙලවර තෙක්ම ගමන් ගනියි. කෙලවර ඇත්තේ අරහත් ඵල සංඛ්‍යාත අමාමහා නිවණයි.
පෘතග්ජනයාගේ තතවය මෙයට වඩා වෙනස්ය. ඔහුට ආර්‍යංශ්ඨාංගික මාර්ගයේ නියතියක් නැත. ඔහු කලෙකට එහි ගමන් කරයි. කලකට පිට පණියි. එක් භවයක එම මාර්ගය පිරුවද තවත් භවයක වෙනත් මාර්ගයක යෑමට ඉඩ ඇත.
සැබවින්ම සොවාන් මාර්ගය යනු සක්කාය දිටිඨිය නැත්තටම නැතිවී ගිය පසු, මුල් වරට අත්දකිනා තත්වයකි. එය නැවත නැවත අත්දැකිය හැකි භාවනාමය අත්දැකීමකි.
සොවාන් වූවන්ට ලිංගික හැඟීම් නැතිද? ආශාවන් නැතිද?
මෙයත් සම්පුර්ණ අසත්‍ය මන්ද බුද්ධික විශ්වාසයකි. මෙහිලා නැවතත් කීමට ඇත්තේ විශාකාවගේ කථා පුවතය. තවත් මේ හා බැඳි අටුවා කථා රාශියක්ද ඇත. කාම-රාග නැත්තටම නැතිවී යන්නේ අනාගාමී වූ අයෙකු තුල පමණි. නමුත් මෙහිලා වෙනසක් දැක්විය යුතුය. සොවාන් වූ අයෙකු තුල අපාය ගාමී අකුසල කර්ම නැති බැවින් හා නැවත කිසි කලෙක ඇති නොවනා බැවින්, ජවන තත්වයට පත්වන්නාවූ අපාය ගාමී කාමයක් ඔහු තුල උපදින්නේ නැත. එබැවින් සමහර පෘතග්ජනයන්ට තිරිසනුන්ට මෙන් ඇතිවන්නාවූ අධික ලොභ ද්වේශ, මොහ සහිත කාමයන් හා ආසාවන් ඔවුන්ට කිසි කලෙකත් ඇති නොවේ. මහා ලොදිය හැලියක බැස ගන්නවාට වඩා උණු දියෙන් පිලිස්සීම සැනසීමක් නොවේද? කුමන ආකාරයෙන් පිළිස්සුනද පිලිස්සීම පිළිස්සීම ම මිස එහි වෙනසක් නැත.
මාර්ග-ඵල ලාභීන් ධ්‍යාන ලාබීන් මේ කාලයේ නැතිද?
මෙහිලා කිව යුතු කරුණ නමි භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය යම්තාක් කල් පවතීද මාර්ග-ඵල ලාභීන්ද එපමණම කාලයක් සිටිනා බවයි. යමි කලෙක මාර්ග-ඵල ලාබී බව නම්වන ප්‍රතිවේද සාසනය පිරිහෙයිද එකල ප්‍රතිපත්ති සාසනය නම් වන පැවදි බව හා ධම්ම ප්‍රතිපදාවත් පිරිහෙයි. ප්‍රඥප්ති සාසන නම් වන ත්‍රිපිටක ධර්මයත් පිරිහෙයි.
මින් ස්වල්ප කාලයකට පෙර එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී දේශනා පවත්වන මන්ද බුද්ධික ශ්‍රමණ වේශධාරියෙකු භාග්‍යවතුන් වහන්සේගේම සිවුර දරමින් උන්වහන්සේ නිසාම ලබන සිවිපසය ලබමින්, මාර්ග-ඵල මේ කාලයේ ලද නොහැකි බවත්, ධ්‍යාන ලැබුවෝ කිසිවෙක් නැති බවත් යනාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ නවලොකොත්තර ධර්මය අවලංගු කරමින් දේශනා පැවැත්වූ අතර උන්වහන්සේගේ නමක් හෝ දැන් අසන්නට නැත.
මේ ආකාරයට කලින් කලට විවිධ සාසන පාළුවන් විසින් සසුන විකෘති කිරීමට උත්සාහ දැරුවත් ධර්මය රකින්නා ධර්මය විසින්ම රකින්නා සේම ධර්මය වනසන්නා ධර්මය විසින්ම වනසාලනු ලබයි. ලොව බුදුවරයෙකු උපත ලබන්නේ දීර්ඝ කාලයකිනි. එයත් කල්ප ගණනකිනි. අල්ප ආයුශ්ක වූ මෙවන් යුගයක උපන් බුදුවරයානන්වහන්සේ කෙනෙකුගේ ධර්මය පහසුවෙන් අවසන් වන්නේ නැත. මේ බුද්ධ සාසනයේ අවබෝධය ලැබීමට පාරමිතා පුරා ඇති පිරිස අවසන් වන තෙක් එය නිමා නොවේ. මිනිස් ලොව එය වසර 5000 ක් බවට පුරාණ මතයක් මුඛ පරම්පරාවෙන් පැවත එයි. බුදු පියානන් වහන්සේ ධර්මය දේශනා කලේ මිනිස් ලොව මිනිසුන්ට පමණක් නොවේ. බුද්ධ සාසනය තුල වැඩි ප්‍රමාණයක් මාර්ග ඵල ලැබුවේ මිනිසුන් නොව දෙවි බ්‍රහ්මයන්ය. ඔවුන්ගේ ආයුශය හා සලකා බැලීමේදී තව ගනන් කිව නොහැකි කාලයක් ගෞතම සම්බද්ධ සාසනයට ආයුශ ඇත.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සත්ත්වයින් සංසාරයෙන් එතෙර කිරීමට බුදුවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කරන්නාවූ බුදු පියානන්වහන්සේගේම චීවරය දරන්නාවූ ශ්‍රමණ වේශ ධාරින්ගේ සිවුරු හර උපවැදි කල යුතුය.
අන් කරුණ වන්නේ මෙයයි. ලොව මිනිසුන්ගේ පාරමිතාවන් විවිධා කාරය. යමෙකුට වැටහෙන්නාවූ කරුණ තවත් අයෙකුට ඔහුගේ මුලු ජීවිත කාලම අධ්‍යනය කලද වටහාගත නොහැක. එය එබදු තැනැත්තා තුල පවතින දෝශයක් බව ඔවුහු වටහා නොගනී. එබදු තැනැත්තන් අන්‍යන්ද තමාගේ පමණින්ම මනිති. එසේ මැන මති මතාන්තර පල කරති. ඒවා නිවැරදි නොවන බව බුද්ධිමතුන් අවභෝධ කරගත යුතුය.
නිවන සාක්ෂාත් කරනුයේ බණ කථා ඇසීමෙන් හෝ, පන්සල් යෑමෙන් හෝ බෝධි පුජා පැවැත්වීමෙන් නොවේ. එවාද කුසල කර්මයන් වන අතර ඒවා නිවනට උපකාරී කරගත හැක. නිවන සාක්ෂාත් කල හැකි වන්නේ ආයතන, ධාතු, පටිචිච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍ය, පංචස්කන්ධය ආදී ධර්ම කරුණු අධ්‍යයනය හා විනිවිද දැකීම තුලින් ඇතිකර ගන්නාවූ ප්‍රඥාවෙනි. ඒ ප්‍රඥාව විනිවිද දකිනා ක්‍රමය වන්නේ භාවනාවයි. භාවනාව වඩන්නා තුල සතිය සමාධිය ඇතිවෙයි. සති, සමාධිය, ප්‍රඥාව ඇත්තාට නිවන ලඟාකරගත හැක. මෙබදු තත්වයක් බෝධි පුජාවකින් ලද නොහැකි බව ඔබ බුද්ධිමතෙක් නම් ඔබට වැටහිය යුතුය. එබැවින් බෝධි පුජා ආදිය තබමින් කල යුතු දේ නොකරමින් වෙන කරුණක් කරමින් වෙනත් ප්‍රථිපලයක් බලාපොරොත්තු වීම පය බරවාවට පිටිකර බෙහෙත් බැඳ රෝග සුවය බලාපොරොත්තු වනවා වැනි මොඩ ක්‍රියාවකි.
තමන් මාර්ග-ඵල ලබා ඇති බවට වාද විවාද පැවැත්විය යුතුද?
තමන් මාර්ග-ඵල ලබා ඇති බවට වාද විවාද පවත්වන්නට අඩගසනා ස්වාමීන් වහන්සේලා වර්ථමාන සමාජයේ ඇත. මේ ලොව කිසිවෙකුගේ කර්මයක් තවකෙකු හා සමිබන්ධ නැත. තමුන් මාර්ග-ඵල ලබා ඇත්නම් එයින් අන් අයෙකුට ඇති වැඩක් නැත්තේමය. එහි වැඩය ඇත්තේ තමන්ටම පමණකි. තමා මාර්ග ඵලයක් ලැබුයේ නම් තමා එය ලැබුවේ, මේ සංසාර දුක්ඛය, අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් දැක එයින් මිදීමේ අභිලාශයෙනි. ඒ උතුම් අභිලාශය තුල ප්‍රසිද්ධය ලැබීම, වාද විවාද පැවැත්වීම හෝ කථිකාවක් නැත.
තමා මාර්ග-ඵල ලබා ඇත්නම් ඒ ලබා ඇති මාර්ග-ඵලය තවෙකුට දීමට හැකි නම් ඒ ගැන වාද විවාද පැවැත්වුවාට කමක් නැත. කුඩා ලදරුවන්ට යම් යම් දෑ ලැබුන විට තමාට ඒ දේ ඇති බවත් අන්‍යන්ට ඒ දේවල් නැති බවත් අඟවමින් කටයුතු කරනා ආකාරයත්, කෙලිකවට කම් කරනා ආකාරයත් ඔබ දැක ඇත. එයත් මෙබදු වාද විවාද වලත් වෙනසක් නැත.
ඔබට රෝගයක් ඇතිවීම හා ඒ රෝගයෙන් සුවවීම ගැන තව අයෙකුට ඇති වැඩක් නැත. රෝගය ඇතිවීම හා ඒ රෝගයෙන් නැගී සිටිමේ පහසුව හා සහනය ඇත්තේ තමන්ට පමණි. එසේ රෝගය සුවකරගත් අයෙකුට එබදුම රෝගයකින් පෙළෙනා අයෙකුට කෑ යුතු බෙහෙත කුමක්ද යන්න කියා දීමට හැකියාවක්නම් ඇත. එය කලාට කම් නැත.
සොවාන් වීම යනු කුමක්ද?
මෙහි සරලම අර්ථය සක්කායදිටිඨිය නිරුද්ධවීමයන්නය. සක්කාය දිටිඨිය නිරුද්ධ වූ තැනැත්තාට තමාගේ ජීවිතය නවමු කොනයකින්දැකිය හැක. මේ නවමු කොනයකින් ලොවදැකීම නම්වන චින්තන විපර්‍යාසය පමණක් සොවාන් වීම නොවේ. සමහර පිරිස් තමා සොවාන් වී ඇති බව දැක්වීමට නැතහොත් තමාගේ මම මගේ යැයි ගැනීමක් නැති බව දැක්වීමට මම කියා තමාට අමතන්නේ නැත. මම යන්නට අපි කියා අමතති. තමාට නාම රූප පරිච්ඡේද ඥානය ඇති බව පෙන්වීමට උත්සුක වෙති. එසේනම් යමෙකුට භාෂාව වෙනස්කර සොවාන් වීමට හැකි අතර එසේ වූ පිරිස්ද සාමාජයේ සිටිති.
සැබවින්ම සොවාන් වූ අයෙකුට;
01) තමා ගේ ඵල සිතට සම වැදීමට හැකිය
02) මාර්ග සිතට සමවැදිය හැක
03) නිවන යනු කුමක්දැයි සඟවා කියා ඇති පොත් පත් වල කරුණු නොව ප්‍රායෝගිකව වචන කිහිපයකින් නිවන යනු කුමක් දැයි විස්තර කිරීමට හැකියාවක් ඇත.
04) එය අත්දකිනා ආකාරය විස්තර කල හැක.
05) විදර්ශනාමය ධ්‍යාන සිත් උපදවිය හැක.
06) හේතු සම්පත් ඇති උත්සාහවන්තයන්ට ලෞකික ධ්‍යාන උපදවිය හැක.
07) ඵල සිත් හා ධ්‍යාන සිත් සංස්න්දනය කර බැලීමේ හැකියාවක් ඇත.
08) තමාතුල සක්කාය දිටිඨිය නිර්ද්ධ වී ගිය ආකාරය ඉතාමත් නිවැරදිව විස්තර කල හැකිය.
09) ලොව කිනම් විදර්ශනා භාවනාවක් තුලින් වුවද තමා ලද මාර්ග-ඵලයන්ට සමවැදිය හැක.
10) ලොව කිනම් විදර්ශනා භාවනාවක් තුලින් වුවද සක්කාය දිටිඨිය නිරුද්ධ වී ගිය ආකාරය අත්දැකිය හැක.
11) කැමති නම් තමා ලත් ඵල සිත ප්‍රතික්ෂේප කර ඉහල මාර්ග-ඵලයකට සිත පත් කල හැක.
මේ ආකාරයට මේ සියල්ල භාවනා අත්දැකීම් වන අතර, සොවාන් පුද්ගලයන් සැමගේ මෙම අත්දැකීම් හි ලක්ෂණ ආසන්නව සම වන්නේය. මේ ආකාරයට තමා සොවාන් වී ඇත්ද නැද්ද යන්න යමෙකුට තමා විසින්ම ස්වසං ඇගයීමකට ලක්කල හැක.
මාර්ග සිත්-ඵල සිත් නැතිව සොවාන් වීමට නොහැකි බව මෙහිලා පැවසිය යුතු අතර යමෙක් එසේ ප්‍රකාශ කරන්නේ නම් ඔහුට බුද්ධ දේශනය පිළිබඳව සරල අවබෝධයක් හෝ නැති බව පැවසිය යුතුය.
මෙම ලිපිය ලියා සකස් කිරීමට අභිලාශයක් නොවුනත් යම් යම් මන්බුද්ධික ස්වාම්න් වහන්සේලාගේ හා ගිහියන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් මෙය සම්පාදනය කිරීම කාලොචිත යැයි සිතීමි. මෙහි කිසිදු භාවනා අත්දැකීමක් විස්තර කර නැති බැවින් කිසිඳු සාසන හානියක් සිදු කර නැත.
බුදු දහමේ අග්‍රතම ඵලය ගැන ලියු මේ ලිපියෙන් රුස්වන කුසල ශක්තිය අළුත්නුවර දැඩිමුණ්ඩ දෙවි රජුන් ප්‍රමුඛ සියළු සම්‍යක්දෘශ්ඨික දේවි දේවතාවුන් වහන්සේලා අනුමොදනා කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි.