Quantcast
Channel: බුද්ධ රශ්මි

නිවන තෙක් වැඩ පිළිවල සම්පුර්ණ ලිපි පෙළ

$
0
0
නිවන තෙක් වැඩ පිළිවල
මෙම ලිපි පෙළ ආධුනිකයෙකු වශයෙන් භාවනාවට ප්‍රෙවේශ වන්නාවූ නිර්වාණය පසක් කිරීමට අභිලාශයක් ඇත්තාවූ යමෙක් වේ නම්; ඔහුගේ ගමන් මඟ පහසුවෙන් පුර්ණය කර ගැනීමට අවශ්‍ය වන්නවූ ලිපි වලින් සංයුක්තය. ඒ අනුව එවැනි අභිලාශයක් ඇති අයෙක් මෙම ලිපි පෙළ මුල පටන් කියවා ගත යුතු අතර එහි සඳහන් කරුණු සිත්හි ධාරණය කර ගැනීමත් අවබෝධයෙන් යුතුව එකී ධර්ම කරුණු භාවනාවට නඞ්වා අත් දැකීමටත් උත්සුක විය යුතුය.

ආධුනිකයකුවශයන්භාවනාවටපිවිසිඔබ;
පළමුව                                                                             අබෞද්ධයෙකුටබුදු දහම ලිපි පෙළ කියවා බෞද්ධ දර්ශනය පිළිබඳව හා එහි විස්තර කර දෙනු ලබන, සමිමුතිය, පරමාර්ථය, චතුරාර්‍ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආයතන, ධාතු, නිවන, මාර්ග-ඵල ආදිය පිළිබඳවහොඳ අවබෝධයක් ලබාගත යුතුය. නිවන් මඟ ත්‍රිවිද්‍යාවේ මූලික අඞ්ගයක් වන ප්‍රඥාව වර්ධනය කිරීමට අවශ්‍ය වන්නාවූ කරුණු පාදක කරගනිමින් සකස් කර ඇති එම ලිපි පෙළ පහතින් කියවා ගත හැක.
ලිපි පෙළකියවන්න.
  1. අබෞද්ධයෙකුට බුදු දහම හැදින්වීම
  2. බෞද්ධයාගේ චින්තනයදහමක අවශ්‍යතාව,බුදු දහමේ වෙනස  
  3. බුදු දහමේ ඇති විශේෂත්වයසමිමුතිය පරමාර්ථය
  4. නාමකාය රූපකාට,පරමාර්ථය,මළමිනිය,සමිමුතිය 
  5. මහා භූතරූප 
  6. අධ්‍යත්මික හා භාහිර ධාතු අතර සමිබන්ධතාවයජලචක්‍රය ආදිය
    රූපස්කන්ධය
  7. පඤ්චස්කන්ධය  
  8. නාමස්කන්ධය, අරමුණු, ෂඩායතනය 
  9. විඥාන, සංඥා, වේදනා, සංඛාර 
  10. ත්‍රිලක්ෂණය 
  11. දුක්ඛලක්ෂණය,ප්‍රියජාතික සූත්‍රය
  12. අනිත්‍ය ලක්ෂණය i
  13. අනිත්‍ය ලක්ෂණය ii
  14. අනිත්‍ය ලක්ෂණය iii 
  15. අනාත්ම ලක්ෂණය 
  16. පටිචිච සමුප්පාදය 
  17. හේතුව හා ඵලය
  18. හේතුව හා ඵලය ii 
  19. හේතුව හා ඵලය iii 
  20. ශාස්වත වාද උචිේද වාද
  21. අවිද්‍යාව  
  22. සංඛාර 
  23. විඥාන i  
  24. විඥාන ii සත්ත්වයින් උපත ලබන ආකාරය 
  25. නාම-රූපය හා සළායතනය 
  26. ස්පර්ශය හාේදනාව 
  27. තණ්හාවහා උපාදානය 
  28. භවය හා ජාතිය 
  29. ජරාව- මරණය  
  30. චතුරාර්‍ය සත්‍ය
  31. දුක්ඛසත්‍ය i කොටස 
  32. දුක්ඛ සත්‍ය ii කොටස 
  33. දුක්ඛ සමුදය අර්‍ය සත්‍ය (තෘශ්ණාව) i කොටස 
  34. දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය (තෘශ්ණාව) ii කොටස 
  35. දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය (තෘශ්ණාව) iii කොටස 
  36. දුක නැති කරන මග i කොටස (යහපත් දැක්ම) 
  37. දස වස්තුක සමිමා දිටිඨි‍ය (දුක නැති කරන මඟ ii කොටස) 
  38. දුන් දෙයි විපාක ඇත. (දුක නැති කිරීමේ මඟ iii කොටස) 
  39. පූජාව, කමිම ඵලය, මෙලොව හා පරලොව (දුක නැති කිරීමේ මග iv) 
  40. මවට කරන දෙයි පියාට කරන දෙයි විපාක (දුක නැති කිරීමේ මග v) 
  41. බුදු දහමේ ඉගැන්වෙන සෘධි ප්‍රාතිහාර්‍යය. (දුක නැතිකිරීමේ මග vi)  
  42. දෙවියන් කියා පිරිසක් සිටිනවාද? (දුක නැති කිරීමේ මඟvii)
  43. සමිමා සංකල්පනා (දුක නැති කිරීමේ මඟ viii කොටස)
  44. සමිමා කමිමන්ත, සමිමා වාචාව (දුක නැති කිරීමේ මඟ ix)
  45. සමිමා ආජීවය, සමිමා වායාමය (දුක නැති කිරීමේ මඟ x)
  46. සමිමා සතිය (දුක නැති කිරීමේ මඟ xi කොටස)
  47. භාවනාව (දුක නැති කිරීමේ මඟ xii කොටස)
  48. සමිමා සමාධිය හා නවසීවථිකය 
  49. දුක්ඛ නිරෝධ සත්‍ය
  50. මාර්ග-ඵල හා නිවන
  51. පංච නීවරණ ධර්ම
  52. බෝජ්ජංග ධර්ම
  53. පාරමිතාව හා සෑම අයෙකුම නිවන් අවෝධනොකරන්නේ ඇයි?
  54. බුද්ධ රත්නය
  55. ධමිම රත්නය
  56. සංඝ රත්නය
  57. අවසන් කොටස සරණාගමනය.
දෙවනුව 
ඔබ භවයෙන්මිදිම් වශයෙන් සමථ - විදසුන් වැඩීම සඳහා ආරමිභයක් ලෙස භාවනා අත්පොත ලිපි පෙළ කියවාභාවනාව සඳහා සුදුසු පරිසරයක් සකස් කර ගත යුතුය. භාවනාව තුලින් සිදුකරනුයේ බුද්ධ දර්ශනය පිළිබඳව ඔබ මින් පෙර ලිපි පෙළින් උගත් කරුණු ප්‍රායොගිකව අත්හදා බැලීමයි.
ලිපි පෙළකියවන්න.
  1. භාවනා කිරීමේ ඔබේ අරමුණ කුමක් විය යුතුද
  2. භාවනා කිරීම යනු කුමක්ද
  3. භාවනාව හා ආර්ය අශ්ඨාංගික මාර්ගය වැඩීම 
  4. සමථ භාවනාව, විදර්ශනා භාවනාව, යුගනන්ද භාවනාව 
  5. භාවනා කිරිමට පරිසරය සකස් කර ගැනීම,
  6. භාවනාව සඳහා සුදුසු ස්ථාන (ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්මුල්) 
  7. ඔබේ කාමරය ශුන්‍යාගාරයක් කර ගන්න. 
  8. ආලොකය හා සුවදවත් බව 
  9. මදුරු දැලක් භාවිතා කිරීම 
  10. භාවනා ආසනයක් සකසා ගැණිම 
  11. භාවනාව සඳහා සුදුසුම ඉරියවිව 
  12. ශරිරය පවත්වාගත යුතු ආකාරය 
  13. දෑත තබාගත යුතු ආකාරය 
  14. භාවනා ස්ථානය පිරිත් කිරීම 
  15. භාවනාව සඳහා ඉතාමත් සුදුසු කාලය වෙන් කර ගැණිම. 
  16. භාවනා කල යුතු කාලය 
  17. අවිවේකි බව හා භාවනාව 
  18. භාවනා කාලය සටහන් තැබීම 
  19. යෝගාවචරයෙකුගේ දින චර්‍යාවට එක් කර ගත යුතු දෑ
  20. සතිය, සමාධිය, ප්‍රඥාව,
  21. සතිය දියුණු කිරීම
  22. පරිකමිම වචනය. 
  23. සක්මන් භාවනාව. 
  24. ප්‍රඥාව දියුණු කිරිම 
  25. බුද්ධ වන්දනාව 
  26. කුසල් ප්‍රත්‍යවේක්ෂා කිරීම
  27. අදිශ්ඨානය. 
  28. විදර්ශනා මනසිකාරය.
  29. සෑම මෙහොතක්ම නිවනට උපයෝගී කර ගන්න. 
  30. දෙමවිපියෝ. 
  31. යෝගාවචරයෙකු විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යුතු කරුණු.
  32.  කමටහන් ලබා ගැණිම.
  33. කමිමටිඨානාචාරීවරයා.
  34. කමිමටිඨානාචාරීවරයාට පැවසිය යුතු දෑ
  35. භාවනා අත්දැකිමි බෙදාගත යුත්තේ කා සමඟද?
  36. අන්‍ය අපවාද ආදියේ දී ක්‍රියා කල යුතු ආකාරය.
  37. යෝගාවචරයා.
  38. යෝගාවචරයා හා සමාජය.
  39. භාවනාව මානසික රෝග සඳහා හේතු වේද?
  40. භාවනාව හා කායික මානසිකි සංකූලතා.
  41. භාවනාව හා යුග දිවිය.
  42. භාවනාව නිසා කලකිරීමක් ඇතිවේද
  43. කාල කළමනාකරණය.
  44. මාර්ග-ඵල ලාභියා. (නව)
  45. අභිඤ්ඤා හා විශේෂ ශක්තීන්.
  46. භාවනා ප්‍රතිඵල ලැබීමට අපහසු වීම හා පාරමිතාව.
  47. භාවනාව තුලින් අත්දැකීමි ලැබීම.
  48. භාවනා කාලය තුල අතහැරීම.
  49. භාවනාව හා ආහාරය
  50. පිරිසිදු බව.
  51. පංච ශිලා දී ශීලයක් සමාදාන වීම.
  52. භාවනාව සඳහා සූදානමි වීම.
  53. සිල් සමාදන් විය යුතු ආකාරය.
  54. පුර්වකෘත්‍යය හා එහි අවශ්‍යතාවය.
  55. චතුර් ආරක්ෂක භාවනාව.
  56. චතුර් ආරකෂක භාවනාව සඳහා කාලය වෙන් කර ගැනීම.
  57. කායගතාසතිය.
  58. චතුර් ආරක්ෂක භාවනාව වැඩිය යුත්තේ ඇයි?
  59. බුද්ධානුස්සතිය.
  60. මෛත්‍රී භාවනාව.
  61. කායගතාසති භාවනාව.
  62. මරණානුස්ස්ති භාවනාව.
  63. පංච නීවරණ ධර්ම.     
  64. නීවරණ යටපත් කිරීම 
  65. භාවනාව තුල දී ඇතිව ශාරීරික වේදනා.  
  66. භාවනාව හා රෝග
  67. කමටහන් වලට පිටින් කටයුතු කිරීම. 
  68. භාවනා අත්දැකීම ලැබිම හා එහි දී මනස පිහිටුවීම. 
  69. ප්‍රධාන භාවනාව.
  70. පුණ්‍යානුමොදනාව.    
    1. සමසතලිස්භාවනාකමටහන්හාවිදසුන්භාවනාව 
    2.  ඔබේචරිතයහදුනාගන්න 
    3. භාවනාවටමූලිකඋපදෙස්  
    4. බුදුගුණභාවනාව  
    5. මෛත්‍රීභාවනාව  
    6. මරනානුස්සතිභාවනාව  
    7. පිළිකුල්භාවනාව 
තෙවනුව 
අපගේ අභිලාශය වනුයේ හැකි පහසුම පිළිවෙතින් නිවන පසක් කිරීම වන බැවින්. ඔබ මහාවිදර්ශනා භාවනාව නම් මෙම ලිපි පෙළ කියවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයසිත තුල පිහිටුවා ගත යුතුය. ත්‍රිලක්ෂණය, චතුරාර්‍ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආයතන, ධාතුපිළිබඳවහදාරමින් ප්‍රඥාව දියුණු කිරීමෙන් හා භාවනා ආරමිභ කිරීම් වශයෙන් සතිය දියුණු කිරීමට පියවර තබමින්මේතාක් ආ ගමන් මගේ සංදිස්ථානයක් වනුයේ ත්‍රිලක්ෂණය පිළිබඳව ඔබ ඇති කරගන්නා වූ දැනුමයි.
ලිපි පෙළකියවන්න.
  1. හැදින්වීම (1 කොටස)
  2. හැඳින්වීම (2 කොටස) පඤ්චස්කන්ධය
  3. පළමු දවස- විපරිනාම ධමිම
  4. දෙවන දවස - පභංගු
  5. තෙවන දවස - පෝකතෝ
  6. සිවි වන දවස - චලතෝ
  7. පස්වන දවස - අද්ධුවතෝ
  8. හය වන දවස - විභවතෝ
  9. හත්වන දවස -සංඛතෝ
  10. අටවන දවස මරණධමිමතෝ
  11. නව වන දවස  අනිචිචතෝ
  12. දහවන දවසෝගතෝ
  13. එකෝළොස්වන දවස ගණ්ඩතෝ
  14. ෝස්වන දවස සල්ලතෝ
  15. දහතුන්වන දවස අසරණතෝ
  16. දහ හතර වන දවස අේණතෝ
  17. පහලොස්වන දවසභයතෝ
  18. දහසය වන දවස ජරාධමිමතෝ
  19. දහහත් වන දවස ව්‍යාධිධමිමතෝ 
  20. දහ අට වන දවස- උපද්දවතෝ
  21. දහ වන වන දවස- සෝක ධමිමතෝ
  22. විසි වන දවස අඝතොයි  
  23. විසිඑක් වන දවස- ආබාධතෝ
  24. විසි දෙවන දවස ඊතිතෝ
  25. විසි තුන්වන දවස උපද්දවතෝ
  26. විසි හතර වන දවස- උපසග්ගතෝ
  27. විසිපස්වන දවස- අතානතෝ
  28. විසි හයවන දවස-ආදීනවතෝ
  29. විසි හත්වන දවස -අඝමූලතෝ
  30. විසිඅටවන දවස -වධකතෝ
  31. විසිනව වන දවස - සාසවතෝ
  32. තිස්වන දවස-මරාමිසතෝ
  33. තිස් එක් වන දවස සෝක ධම්මතෝ
  34. තිස් දෙවන දවස පරිදේව ධම්මතෝ
  35. තිස් තුන්වන දවස උපායාස ධම්මතෝ
  36. තිස් හතර වන දවස සංකිලේසික ධම්මතෝ
  37. තිස් පස් වන දවස ජාති ධම්මතෝ
  38. අනත්තානුපස්සනාව වැඩීමට උපදෙස්
  39. තිස් හයවන කොටස පරතො
  40. තිස් හත්වන දවස රිත්තතෝ
  41. තිස් අටවන දවස තුච්ඡතෝ
  42. තිස් නව වන දවස අසාරකතෝ
  43. හතලිස්වන දවස සුඤ්ඤතාවය හා මාර්ග-ඵල ලැබීම
සිව්වනුව 
යමි භාණ්ඩයක් සකස්කිරීමට සිතනා වඩුවෙන් ඒ සඳහා අවශ්‍ය ලෑලි, ආම්පන්න, ඇණ ආදිය සොයා ඒ කටයුතුත සිදු කිරීමට වටපිටාව සකස්කර ගන්නා සේ; ඔබ මුදුන් පමුනුවා ගැණිමට බලාපොරොත්තු අරමුණ වෙත පහසුවෙන් ලඟාවීමට අවහ්‍ය කරනා සියළු උපංග මේ වන විට ඔබ සතුව ඇත. එසේනම් මෙතැන් සිට ඔබ කල යුත්තේ වඩුවා ආමිපන්න භාවිතා කරමින් පුටුව සකස් කරන්නාක් මෙන් භාවනා කිරීම් වශයෙන් සතිය, සමාධිය ලබා එතුලින් ප්‍රායොගික ප්‍රඥාවක් ඇතිකර ගැනීමයි. 

ඒ සඳහා ඔබ විසින් අනුගමනය කල යුතු කායානු පස්සනා වැඩ පිළිවල මෙම ලිපි පෙලින් දක්වා ඇත. ඔබ කලයුත්තේ සතිපටිඨාන භාවනා ක්‍රමය යටතේ ඇති කායානුපස්සනා අතරින් කැමති භාවනාවක යෙදෙමින්සතිය සමාධිය දියුණු කරගනිමින් ඔබ ඇති කරගත් අනිත්‍යාදී ලක්ෂණ පිළිබඳ ප්‍රඥාවභාවනාව තුලින් ප්‍රායොගිකව අත්දැකීමට උත්සුක වීමයි. එහි කෙලවර වන්නේ මාර්ග-ඵලඅවබෝධය තුලින් නිර්වාණය සාක්ෂාත් කිරීමයි. එහි මුල් ලිපියේ එය වැඩීමට අවශ්‍යආකාරයත් දතයුතු කරුණු සියල්ලත් දක්වා ඇත.

කායානුපස්සනාලිපි පෙළ
  1. නිවනට කෙටිම මග- හැදින්වීමේ ලිපිය.
  2. සතිපටිඨාන භාවනාව සඳහා මූලික දැනුම- නාම-රූප
  3. ධාතු හා උත්සන්නතාවය
  4. උත්සන්නතාවය අනුව ධාතු බෙදා වෙන්කිරීම
  5. කායානුපස්සනාවට මූලික උපදෙස්
  6. සතිපටිඨානය යනු කුමක්ද - සූත්‍රය
  7. ආනාපානසති භාවනාව - සූත්‍රය
  8. ආනාපානසතියේ දී විශේෂ කරුණු
  9. ආනාපාන පරිකමිම හා ප්‍රධාන භාවනාව
  10. ඉරියාපථ පබ්බය - සූත්‍රය
  11. සක්මන් භාවනාව සැලකිලිමත්විය යුතු කරුණු
  12. සක්මන් භාවනාව පරිකමිම- ප්‍රධාන භාවනා
  13. සිහිය පිහිටුවීමේ භාවනාව-සූත්‍රය
  14. භාවනාව වැඩිය යුතු ආකාරය
  15. කායගතාසතිය- සූත්‍රය
  16. කයාගතාසතිය ගැනදතයුතුදේ
  17. කායගතාසති පරිකමිම භාවනාව
  18. කායගතාසති ප්‍රධාන භාවනාව
  19. අටිඨික භාවනාව
  20. ධාතු මනසිකාර භාවනාව-සූත්‍රය
  21. ධාතුමනසිකාරය ගැන දත යුතු දේ හා පරිකමිම භාවනාව
  22. ධාතුමනසිකාරය ප්‍රධාන භාවනාව
  23. නව සීවථික භාවනාව-සූත්‍රය
  24. නව සීවථික භාවනාව ගැන දතයුතු දේ.
  25. පළමු සීවථිකය
  26. දෙවන සීවථිකය
  27. නව සීවථිකය එකවර වැඩෙන භාවනාව
  28. සතිපටිඨාන ඵල- සූත්‍රය
  29. නිවන තෙක් විදර්ශනාව වැඩීමේ වැඩ පිළිවල
පස් වෙනුව 
මෙතොක් කරගෙන ආ වැඩ පිළිවෙල පිරිහීමකින් තොරව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය වන්නාවූ සාධකයන්ද ජීවිතයට එක් කර ගත යුතුය. ඒ සඳහා  නොපිරිහී නිවන් මඟ ගමන් ගැන්මට නම්; ලිපි පෙළේ සඳහන් ලිපි කියවා ඒහි සඳහහන් කරුණු ජීවිතයට එක් කර ගැනීමට උත්සුක විය යුතුය.

  1. නොපිහිරී නිවන්මඟ ගමන් ගැන්මට නම්;
  2. කමිමාරාමතාවය
  3. භස්සාරාමතාවය
  4. නිද්දාරාමතාවය
  5. භෝජනේඅමත්තඤ්ඤුතාවය
  6. ඉන්ද්‍රියේසුඅගුත්තද්වාරතා
  7. සඞ්ගණිකාරාමතා
  8. සඞ්සග්ගාරාමතා
  9. පපංඤ්චාරාමතා
  10. නිවනඅවභෝධ කිරීමට අවශ්‍යතා (කරණිය මෙත්ත සූත්‍රය)
  11. සෘජුබව හා මනා සේ සෘජු බව
  12. සුවචබව හා මහා මානයෙන් තොර බව
  13. ලදදෙයින් සතුටු වීම හා පහසුවෙන් පෝෂණය කල හැකි බව
  14. අල්පකටයුතු හා සැහැල්ලු පැවතුමි ඇති බව
  15. සන්සුන්ඉදුරන් ඇති බව, නුවනැති බව, නොසරුප් බව, කුලයන්ගේ නො ඇලීම
නිර්වාණය
නිවන යනු කුමක් දැයි නොදැන නිවන් යෑමට වඩා නිවන පිළිබඳව යමි අවබෝධයක් ඇතිවම නිවන් මඟ ගමන් ගැනීම ඵලදායි වන්නේය. එබැවින් මේ ලිපි ද්විත්වයෙන් ඔබට නිවන පිළිබඳව අවභොධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

  1. නිවනයනු කුමක්ද?
  2. මාර්ග-ඵලලද නොලද බව විමසා ගන්නා ආකාරය.

මෙම ලිපි පෙළ ලියා අවසන් කිරීම දිනකින් දෙකකින් සිදුකල කටයුත්තක් නොවේ. ඒ සඳහා වසර ගණනාවක් හා විශාල වෙහෙසක් කැපකිරීමක් සිදු කරන ලදි. ඒ මහත් වූ මෙත් සිතිනි. භවයෙන්මිදෙන්නට කැමැත්තන්ට උතුමි වූ නිර්වාණය සාක්ෂාත් වේවා යන්න මාගේ පරම පැතුමයි.තෙරුවන් සරණයි!

මේ මහා පුණ්‍යශක්තිය සමිබුද්ධ සාශනය රක්ෂා කරන්නාවූ දැඩිමුණ්ඩ දෙවිරජුන්, සුනියන් දෙවි රජුන් මුලික කොටත්, ශ්‍රීවිශ්ණු දෙවි රජුන්, පත්තිනි මෑණියන් දෙවැනි කොටත්  සරසවි දේවීන්, සමන් දෙවිදු ආදී සකල සම්‍යක් දෘෂ්ඨිකදෙවියනුත් සියළු සත්ත්වයනුත් අනුමෝදනා වෙත්වා. සිත්සේ ඔවුන්ගේ යහපත් පැතුමි ඉටුවෙත්වා.
සද්ධර්මය ලොවචිරාත් කලක් බැබළේවා!!
තීතිඥ තනූජ කේ. ජයසුන්දර

භොජනෙ අමත්‌තඤ්‌ඤුතා - 05 කොටස

$
0
0
භොජනෙඅමත්තඤ්ඤුතා
මෙයින් අදහස් වන්නේ භෝජන වශයෙන් ගන්නා ආහාරයේ ප්‍රමාණය නොදැනීමයි. භෝජනය ලබාගත යුත්තේ කවර ආකාරයකින්ද යන්න භාග්‍යවතුන් වහන්සේ බොහෝ ස්ථානයන්හි දක්වා ඇත. ඒ අනුව; 

භෝජනයෙහි පමණ දැනීමක් ඇතපමණ නොදැනීමක් ඇත.  එහිලා භෝජනයෙහි පමණ නොදැනීම කවරේද යත්; යමෙක් නුවණින් නොබලානුනුවණින්ක්‍රීඩා පිණිසතරුණ මදය පිණිසසැරසීම පිණිස ආහාරය අනුභව කරයි ද.   යම් ලද භෝජනයෙහි ලද දෙයින් අසතුටුවීමක් ඇද්දපමණ නොදැනීමක් ඇද්දනුනුවණින් කල්පනා කිරීමක් ඇද්දමෙය භෝජනයෙහි පමණ නොදැනීමයයි කියනු ලැබෙ.

යමෙක් නුවණින් යුතුවක්‍රීඩා පිණිස නොවතරුණ මදය පිණිස නොවසැරසීම පිණිස නොවඅලංකාරය පිණිස නොවයම් පමණකින් මේ ශරීරයාගේ පැවැත්ම පිණිසයැපීම පිණිසබඩ සා දුක හරණ පිණිසබඹසරට පිහිට පිණිසආහාරය අනුභව කරයි ද. ඔහු  මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි.   අළුත් දුක් වේදනාවන් නූපදවන්නෙමි.   මාගේ සතර ඉරියවෙහි පැවැත්මදනිවරද බැව්දයෙහෙන් විසීමද වන්නේයයි යැයි සිතා ඒ භෝජනයෙහි ලද දෙයින් සතුටු බවක්පමණ දැනීමක්නුවණින් කල්පනා කිරීමක් ඇද්දමෙය භෝජනයෙහි පමණ දැනීමයයි කියනු ලැබෙ. 

භෝජනයේ පමණ නොදන්නා අයට එහි පමණ දැණිම පිණිස අනුගමනය කල හැකි ක්‍රියාමාර්ගයක් ගණනාවක් බුදු දහමේ පෙන්වා දෙනු ලබයි.
01)  සිහි නුවන දියුණු කිරීමේ ක්‍රමය 
02)  ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය 
03)  ආහාරයේ පිළිකුල් සංඥාව උපදවීමේ ක්‍රමය. 
04)ධාතු මනසිකාර ක්‍රමය යනාදී වශයෙන් වන්නාවූ විදර්ශනාමය ප්‍රඥාව වැඩෙනා ක්‍රමයන් අනුගමනය කිරීම 
05)  නැතහොත් ධූතාංගයන් සමාදාන වීම 
06) උපෝසථ සිල් සමාදාන වීම වැනි අදිශ්ඨානය, වීර්‍ය වැඩෙනා ක්‍රමයක් භාවිතා කිරීම යමෙකුට කල හැක.

ඒවා ප්‍රායෝගික වශයෙන් කල හැකි ආකාරය කෑදරකමට කාලාමහත්වුන අයට දින 14 කින්කෙට්ටුවිය හැකි ක්‍රමයක් යන මින් පෙර සම්පාදිත ලිපියේ සවිස්තරාත්මකව දක්වා ඇත. එම ලිපිය කියවා ඒ අනුව පිළිපැදීම තුලින් නියත වශයෙන්ම ඔබට භෝජනයේ පමණ දැන ආහාර ගැනීමට හැකිවනු ඇත.

ඉන්‌ද්‍රිරියෙසු අගුත්‌තද්‌වාරතා - 06 කොටස

$
0
0

ඉන්ද්‍රිරියෙසුඅගුත්තද්වාරතා
මෙයින් අදහස් වන්නේ ඉන්ද්‍රියන්ගේ නොවසන ලද ද්වාරයන් ඇති බව යන්නයි. මෙසේ නොවසන ලඳ ඉඳුරන් ඇති තැනැත්තා නිවන් මඟින් පිරිහී යෑම නොවැලැක්විය හැකි කරුණකි. ඒ අනුව මෙහිලා පහදා ගතයුතු කරුණු කිහිපයක් ඇත. 

ඉන්ද්‍රියන් යනු මොනවාද? 
මෙහිදී ඉන්ද්‍රියන් යනු ඇස, කන, නාසය, දිව හා, ශරීරයයි. භාහිර ලොකයේ ඇති රූප, ශබිධ, ඝන්ධ, රසයන් හා ස්පර්ශයන් අධ්‍යාත්මික ඉන්ද්‍රියන් හා ස්පර්ශ වූ විට, විඤාණ, වේදනා ද ඒ වේදනා නිසා තණ්හාවන් ද, ඒ නිසා උපාදානයන් ද, ඒතුලින් භවය ද, ජාතිය ද, ජරා මරණ සොක පරිදේව ආදිය ද ඇතිවීම සිදුවෙයි. මෙකී ක්‍රියාවලිය නැතහොත් මෙම යාන්ත්‍රණය සිදුවීම සංසාර චක්‍රරය භ්‍රමණය වීම නැතහොත් සංසාරය තුල ඉදිරියට ගමන් ගැණිම යැයි කියනු ලැබෙයි. මෙම සංසාර මාර්ගයේ ඉදිරියට යෑම නවතා ලීමට ඇති එක් උපක්‍රමයක් වනුයේ මෙම ඉන්ද්‍රියන්ගේ වසන ලද දොරටු ඇතිව ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැණිමයි.

මෙය පහසුවෙන්ම කල හැකි ක්‍රමය වන්නේ ශිලයක් සමාදාන වීමේ ක්‍රමයයි. ශිලය තුලින් ඉන්ද්‍රියන්ගේ සංවරය ද, එතුලින් සතිය, සමාධිය වර්ධණය වීම ද සිදුවෙයි. මේ පිළිබඳව කිව යුතු සෑම කරුණක්ම පහත ලිපි ඔස්සේ සාකචිඡා කර ඇති බැවින් මෙහි එය පුනරුචිචාරණය කිරීම අවශ්‍ය නොවනු ඇත. එම ලිපි වල සබැඳි පහතින් දක්වා ඇත. 
  1. ශිලය තුලින් යමෙක් නිවන් මඟ ගමන් ගන්නා ආකාරය 
  2. මෙතරමි මිනිසුන් ඇති ලොව මිනිස් දිවිය දුර්ලඹ යැයිපවසන්නේ ඇයි?
  3. ඔබේ ගෘහය තනන්නේ වෙන අයකු නොව ඔබමය. 
  4. ශිලය සඳහා කර්මයේ පරිචය 

සඞ්‌ගණිකාරාමතා - 07 කොටස

$
0
0
සඞ්ගණිකාරාමතා
සඞ්ගණිකාරාමතාව යනුවෙන් හදුන්වනු ලබන්නේ කල්ලි ගැසී වාසය කිරීමයි. කල්ලි ගැසී වාසය කිරීමට නම් පිරිසක් අවශ්‍ය වනු ඇත. මෙම පිරිස පොදුවේ අප හදුන් වනු ලබන්නේ මිතුරන් වශයෙනි. බොහෝ දෙනා කල්ලි ගැසී වාසය කරනු ලබන්නේ මිතුරන් සමඟය. කල්ලි ගැසීමට සුදුසු මිතුරා කවරහුද යන්න සහ එසේ මිතුරෙකු නොලබනා අවස්ථාවේ දී පිළිපැදිය යුත්තේ කෙසේද යන්නත් භාග්‍යවතුන් වහන්සේ විස්තර කොට ඇත. 

ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූද, වසන්ට නිසිවූද, යහපත් හැසුරුම ඇති, පණ්ඩිතවූ, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ නම් සිහියෙන් යුක්තවූ පුද්ගලතෙමෙ ඔහු සමග සතුටු සිත් ඇතිව වාසය කරන්නේය.

තැනට නිසි නුවණැති, එකට හැසිරීමට සුදුසුවූ, මනා හැසුරුම් හා ධාරණ පුඥා ඇති, කල්‍යාණ මිත්‍රයකු ඉදින් නොලද්දේ නම් දිනාගත් රජය හැර, හුදකලාව වනයට වැද තපසට පැමිණි මහාජනක රජු මෙන්ද, හස්ති සමූහයා හැර මේ  වනයෙහි හුදකලාව හැසිරෙන පාරිලෙය්‍යක නම් ඇතු මෙන්ද සමූහයෙන් වෙන්ව හුදකලාව වාසය කරන්නේය.

දෙලෝ වැඩ නොදත් අඥානයා කෙරෙහි එකට විසීමක් නැතිවපිරිස් පාලනයෙහි උත්සා රහිතව උතුම් පාරිලෙය්‍යක ඇතු මෙන් හුදකලාව වසන්නේය. ස්වල්පමාත්‍ර වූද පව්කම් නොකරන්නේය. (උපක්ලේෂ සූත්‍රය/ කොටසක් පමණි) 

ඒ අනුව ආශ්‍රය සඳහා සුදුසු ප්‍රඥා, ශ්‍රද්ධා රහිත මිතුරකු නොමැති වන අවස්ථාව දී තම පිරිස අතහැර වනයේ හුඳකලාව හැසිරෙන පාරිල්‍යෙ ඇතු මෙන් හුදකලා විය යුතු බව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයයි.

එසේම භාග්‍යවතුන් වහන්සේ ධර්මාවබෝධය සඳහා භාවනා කරන බොහෝ පිරිසකට අවවාද කල සූත්‍ර දේශනා සලකා බැලීමේ දී නැවත නැවත ත්‍රිපිටකයේ සඳහන් වන දේශනාවක් වනුයේ හුදකලා වූයේ සමූහයාගෙන් වෙන්න අප්‍රමාදව කෙලෙස් තවන විර්‍යයෙන් යුතුව කටයුතුකලෝ උතුම් වූ නිවනින් නිවී සැනසුන බවයි. එබැවින් හුදකලා වීම සංගණිකාරාමයෙන් වෙන්වීම නිවන් මඟ නොපිරිහී ගමන් ගැන්මට හේතුවනු ඇත.



එසේම ආශ්‍රය කිරීමට සුදුසු මිතුරා කවුරුන් ද යන්න දැන ගැන්ම පිණිස පහත ලිපිය කියවා බලන්න.

සංසග්‌ගාරාමතා -08 කොටස

$
0
0
සංසග්ගාරාමතා
සංසග්ගාරාමතා යනුවෙන් හදුන්වනු ලබන්නේ එකතුවීමෙන් යුතුව වාසය කිරීමයි. මෙම සංසග්ගය නොහොත් සංසර්ගය විවිධාකාරය. ඇසේ සංසර්ගයක් ඇත. ඇසේ සංසර්ගය ඇත්තේ එහි අරමුණ වන රූප කෙරෙහිය. මේ ආකාරයට පිළිවලින් කණ, නාසය, දිව, ශරිරය හා මනසේ සංසර්ගයන් ශබිධ, ඝණ්ධ, රස, ස්පර්ශ හා ධම්ම නැතහොත් සිතුවිලි කෙරෙහි සිදුවනු ඇත. 

මෙකී කරුණ වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නමි මෙයින් අදහස් කරනුයේ ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනස පිනවමින් එහි ඇලී ගැලී වාසය කිරීම යන්නයි. මෙසේ ඇලී ගැලී වාසය කරන්නා සංසාර චක්‍රරයේ ඉදිරියට ඇදී යයි. ඔහුගේ භවය වැඩෙයි. නිවනින් බොහෝ ඈතට ඔහු විසිවී යයි. තෘශ්නා, මාන, දටිඨි ආදී ප්‍රපංච ධර්මයන්ට හසුවී ඔහු සංසාර මඩ ගොහොරුවේ ගිලී යයි.

ඇසක් ඇති කල්හි හා එහි අරමුණ වන රූපය ඇති කල්හි ඇස හා රූපය යන ධර්මයන් දෙකම අනාත්ම වන බැවින් ඇසත් රූපයත් ගැටීම නිසා සිදුවන ස්පර්ශය වැලැක්වීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැත. මෙසේ ඇතිවන ගැටීම නිසා ඇතිවන වේදනාව සුඛාස්වාද - දුක්ඛාස්වාද වශයෙන් ගැනීම තුලින් ඇතිවන සංසර්ගය යමෙකුට පාලනය කිරීමට හැකියාව ඇති අතර නිවන් මඟ මාර්ග-ඵල ලබමින් ගමන් ගන්නා අවසන් පියවර වන අරහත් ඵලයේදී මෙම සංසර්ගය නැත්තටම නැතිවී යනු ඇත. ඒතාක් මෙම සංසග්ගාරාමතාව නම් වන ඉඳුරන් පිනවීමේ ඇලී ගැලී සිටිම පාලනය කල යුතු වැලකිය යුතු ධර්මයක් වන්නේය.

එය කල හැකි ආකාරය පිළිබඳව සමිපාදිත පහත ලිපි කියවා බලන්න.



පපංචාරාමතා - 09 කොටස

$
0
0
පපංචාරාමතා
පපංචාරාමතාවය යනුවෙන් අදහස්කරනුයේ තෘශ්ණ‍‍ා, මාන, දිටිඨි සංඛ්‍යාත ප්‍රපඤ්ච ධර්මයන්ගේ ඇලී ගැලී වාසය කිරීමයි. තෘශ්ණා, මාන දිටිඨි සංඛ්‍යාත මේ ප්‍රපංච ධර්ම නැතහොත් සත්ත්වයා පිරිහීමට හේතුවන ධර්මයන්ගෙන් වෙන් වීමට අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මූලයන් වර්ධනය කල යුතුය. 

මේ සඳහා කල යුතු ක්‍රියාවලිය අබෞද්ධයෙකුට බුදු දහමලිපි පෙලේ ඉතා දීර්ඝව විස්තර කර ඇති අතර, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල යුතු ආකාරය විදර්ශනා භාවනාලිපි පෙළේ අන්තර්ගත කර ඇත. ප්‍රතිපත්තිමය වශයෙන් නිවන් මඟට යොමුවන පිණිස ශිලය පිළිබඳ දත යුතු අවභෝධයශිලමංජරී ලිපි පෙලේ දක්වා ඇත. 

එම ලිපි වලට අමතරව වඩාත් දැණුවත් බව සඳහ‍ා මෙම ලිපිත් කියවා බලන්න.





නිවන අවභෝධ කිරීමට අවශ්‍යතා.-10 කොටස (කරණිය මෙත්ත සූත්‍රය)

$
0
0
මේතාක් ලිපි පෙළේ විස්තර කරමින් පැමිණියේ නිවන් මඟ ගමන් ගන්නා පුද්ගලයෙකු විසින් එයින් නොපිරිහී ගමන් ගැනීම සඳහා ජීවිතයෙන් ඉවත් කල යුතු සේඛ පරිහානි ධර්මයන් පිබඳවය. මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කරණුයේ නිවන් දක්නට කැමැත්තෙන් පසුවන්නා ජීවිතයට එකතු කරගත යුතු ගුණංගයන් පිළිබදවය. මේ පිළිබඳව විමසනුයේ කරණිය මෙත්ත සූත්‍රය ඇසුරෙනි. 

ශාන්තිපද නිවන අවභෝධ කිරීමට කැමති පුද්ගලයා යමක් කල යුතු නම් ඔහු එය කිරීමේ දක්ෂයෙකු විය යුතුය.(01) සෘජු ගති ඇත්තෙක් විය යුතුය (02) බෙහෙවින් සෘජු විය යුතුය (03) සුවච විය යුතුය (04) මහා මානයෙන් යුතු අයෙකු නොවිය යුතුය (05) ලද දෙයින් සතුටු විය යුතුය (06) අනුන් විසින් පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු විය යුතුය (07) අල්ප කටයුතු ඇත්තෙක් විය යුතුය (08) සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුය (09) සන්සුන් ඉන්ද්‍රියන් ඇති අයෙකු විය යුතුය (10) නුවනැත්තෙක් විය යුතුය (11) නොසරුප් අයෙකු විය යුතුය (12) කුලයන්හි නොඇලුනෙකු විය යුතුය (13) යමි ක්‍රියාවන් නිසා නුවනැතියන් නින්දා කරත් නම් එබදු සුළු වරදක් හෝ නොකරන්නෙක් විය යුතුය (14) (ඛුද්දක නිකාය/ඛුද්දක පාඨ, මෙත්ත සූත්‍රය - කොටසක් පමණි) 

මේ එක් එක් කරුණක් ගෙන ජීවිතය ප්‍රායෝගිකව ජීවිතයට සමිබන්ධ වන්නේ කෙසේද යන්න සලකා බැලීම වැදගත් වනු ඇත. 

යමක් කල යුතු නම් එය කිරීමේ දක්ෂයෙකු විය යුතුය.මෙහිදී කලයුත්ත කුමක්ද යන්න පිළිබඳව පළමුව සලකා බැලිය යුතුය. බෞද්ධයන් වන කාගෙත් පැතුම නිවන වන නිසා. කල යුත්තේ හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන මෙන්, නිවන සඳහා කලයුතු යමිතාක් දෑ වේ නම් ඒ කටයුතු සම්පාදනය කර ගැනීමයි. නිවන් කැමති තැනැත්තා නිවන සඳහා අවශ්‍ය වන සති, සමාධි, ප්‍රඥා ආදී ධර්මයන් ජීවිතයට රුස් කරගැනීමේ දක්ෂයෙකු විය යුතුය. සතිය, සමාධිය, ප්‍රඥාව ආදී ගුණ ධර්මයන් දියුණු කරමින් සමාජයේ ගමනක් යෑමට සිතන්නාට එල්ල වෙන්නාවූ භාධක කම්කටළු බොහොමයකි. 

01)  ආර්ථික ප්‍රශ්ණ 
02)  සමාජීමය වශයෙන් ඇතිවන්නාවූ විවිධ ප්‍රශ්ණ 
03)  ගිහි ජීවිතය තුලින්ම හා, පැවිද්දෙක් නමි පැවිදි සංඝය තුලින්ම ඇතිවන්නාවු ප්‍රශ්ණ 
04)  මානසිකමය වශයෙන් ඇතිවන්නාවූ ප්‍රශ්න, 
05)  යුතුකමි වගකීමි ආදියත්, රුකි රක්ෂා කටයුතු කිරීම් වශයෙන් ඇතිවන්නාවූ ප්‍රශ්න, 
06)  හිත මිත්‍ර, ඥාතීන් ආදින්ගෙන් ඇතිවන්නාවූ ප්‍රශ්න 
07)  භෞතික සම්පත් ලැබීම් වශයෙන් ඇතිවන අවශ්‍යතාවයන් පිළිබඳ විවිධ ප්‍රශ්න

යනාදී වශයෙන් සාමාන්‍ය නිවන් නොකැමැති අයෙක් වේ නම් ඔහුට ඇති ප්‍රශ්ණ ඇරුනුකොට, නිවන් කැමති තැනැත්තාට තමාගේ ජීවිතය අමුතුම ආකාරයකට හැඩගස්වා ගැණිමට සිදුවීම නිසා සමාජීය ප්‍රවාහය තුලින් ඇතිවන්නාවූ යමි ප්‍රශ්ණයන් ද දැකිය හැකි වෙයි.

එබැවින් එබදු පුද්ගලයා එකී සියළු භාධාවන් මැඩපවත්වමින් තමාගේ නිවන් මග වැඩීමේ වැඩ පිළිවළ අධ්‍යෛර්‍ය වීමකින් තොරව කරගෙන යෑමට දක්ෂයෙකු විය යුතුය. එබැවින් ඔහු කල යුතු කටයුත්තේ දක්ෂයෙක් හා සමබරතාවයක් ඇති තැනැත්තෙක් විය යුතුම වන්නේය.

සෘජු බව හා මනා සේ සෘජු බව - 11 කොටස

$
0
0

සෘජු ගති ඇත්තෙක් විය යුතුය
සෘජු බව යන්න විවිධ අයුරෙන් අර්ථ දැක්විය හැක. නමුත් මෙහිදී අදහස් වන්නාවූ සෘජු බව ප්‍රතිපත්ති ගරුක බව, වචන වෙනස් නොකිරීම, එසේම කෙලෙස් ඉදිරියේ නොනැමෙන බව වශයෙන් දැක්වීමට හැකියාවක් ඇත. බොහෝ විට මෙය සමිබන්ධ කල හැකි වන්නේ ශිලය හා සමඟය. යමෙක් නිවන් මඟ ගමන් කිරීම් වශයෙන් යම් ශිලයක් සමාදාන වූයේ නම් එකී සමාදාන වූ සිල් පද පැමිනේනාවූ කෙලෙස් සතුරන් ඉදිරි‍යේ එකකදු පලුදු නොවී යමෙක්ට රුකිය හැකිවන්නේ නම්, දිවි පරුදුවට තබමින්, අඛන්ඩ, අඡිද්ද, අසබල, අකල්මාස යනාදී වශයෙන් ශිලයක පැවතිය යුතු අඛණ්ඩ බව, සිදුරු නොවූ බව, තැනින් තැන් නොකැඩුන බව යනාදී වශයෙන් පරිපුර්ණ වීම සෘජු බව වශයෙන් දැක්විය හැක. සංඝ රත්නයේ ගුණ දැක්වෙන ගාථාවේ පරිදි සෘජු පටිපන්නෝ යනුවෙන් සංඝයා වහන්සේ හදුන්වන්නේ උන්වහන්සේලා සෘජු වූ ශිල ප්‍රතිපදාවන් පුරනා බැවිනි. කොයි සංඝ රත්නය ගත්තද ඔවුන්ගේ ශිලය සම විය යුතුය. ඒ ශිලය පැනවූයේ භාග්‍යවතුන්වහන්සේ දිවමන්ව වැඩ සිටි කාලයේදීය.

ගිහි බෞද්ධයෙක් නමි පඤ්ච ශිලය නොබිඳ රැකිය යුතුය යුතුය. එවිට ඔහු සෘජු බවින් යුක්ත වන්නේය. සමාජය තුල පඤ්ච පාපකර්මයන්ගේ යෙදෙමින් තමෝ බොහෝ සිල්වතුන් බව පෙන්වන්නාවූ පිරිස් ඇත. ඔවුන්ගේ සෘජු බවක් ඇත්තේ නැත එහි ඇත්තේ වංක බවකි. යමි ආකාරයකින් ශිලය පළුදුවූයේ නම් පැවිද්දෙක් නමි ඒ දෝශය විනය කර්මයේදී හෙලිකර ඇවැත් උදෙසා ගැනීමට සෘජු විය යුතුය. ගිහියෙක් නමි නැවත තිසරණ සහිත පඤ්ච ශිලයේ සමාදාන වීමට සෘජු විය යුතුය. කී දේ කෙරුමත්, කල දේ කීමත් යන ගුණාංගයද මෙහි දී සෘජු බව වශයෙන් හැදින්විය හැක. 

බෙහෙවින් සෘජු විය යුතුය
මෙයින් අදහස් වන්නේ සෘජු වීම නැතහොත් ශිල ප්‍රතිපදාව වස්තුව, මිල මුදල්, ලාභ ප්‍රයෝජන හා අශ්ඨ ලෝක ධර්මය ඉදිරියේ නොසැලී යන්නාවූ ස්ථිර එකක් විය යුතු බවය. ගිහියෙක් නම් ඔහුගේ පඤ්ච ශිලය ජීවිත පරිතයාගයෙන් රුකිය යුතු ධර්මයක් වන්නේය. පැවිද්දෙක් නමි සිවි පරාජිකාවට පිළියමි නැති බැවින් දිවි හිමිකොට එම ශිලය රක්ෂා කර ගත යුතුය. එබැවින් ශිලය ප්‍රතිපදාවේ දී නියම නිවන් කැමති බෞද්ධයා, අධාර්මිශ්ඨ ජීවිතයකට වඩා ධාර්මික මරණයක් තොරාගැනීමට තරම් මනස දියුණු කල අයෙකු විය යුතුය. ක්‍රමිකව දියුණු වී බුද්ධත්වය පතන්නන් පරමත්ථ පාරමිතාව නැතහොත් ජීවිත පරිත්‍යාගයෙන් පුරන්නාවූ පාරමිතාවක් දක්වා දියුණු කරන්නේ මෙම සංකල්පනාවයි. එබැවින් ශිලය නිවන් මඟ ප්‍රමුඛ අංගයක් වන්නේය. සිල්වත් තැනැත්තා සෘජු අයෙක් වන අතර, වඩාත් සිල්වත් තැනැත්තා වඩාත් සෘජු අයෙක් වෙයි.


සුවච බව හා මහා මානයෙන් තොර වීම - 12 කොටස

$
0
0
සුවච විය යුතුය.
මෙයින් අදහස් වන්නේ කීකරු බව, නැණවතුන්ගේ නැණවත් වදන් ගරුකරනා බවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම චක්‍රරයට ගිහි පැවිදි කවුරුත් සුවච විය යුතුය. ත්‍රිපිටක ධර්මයට, සංඝයා වහන්සේගේ අනුශාසනා, ගුරුවරුන්, මවිපියන් ආදීන්ගේ නැනවත් දෙසුම් වලට නුවනැති සියල්ලෝ සුවච විය යුතුය. වරක් මළුව අමදිමින් සිටි සැරියුත් මහරහතුන් වහන්සේගේ සිවිරු කොනක් බිම වදිනා බව කුඩා රාහුල තෙරුන් පෙන්වා දුන් අවස්ථාවෙදී භාග්‍යවතුන් වහන්සේට පමණක් ප්‍රඥාවන් දෙවැනි වූ සැරියුත් තෙරනුන් වහන්සේ සුවච ව උන්වහන්සේගේ චීවරය සකසා ගත් බව ත්‍රිපිටකයේ සඳහන්ව ඇත. එබැවින් නිවන් කැමති තැනැත්තා පණ්ඩිතයන්ගේ අවවාද අනුසාශනා සෑම විටම ගරු කල යුතුය.


මහා මානයෙන් යුතු අයෙකු නොවිය යුතුය
යමෙක් තවත් අයෙකුගේ වදන් ඉවසා ඒවා ගරු කිරීමට නම් මානයෙන් තොරවූ අයෙකු විය යුතුය. සමාජය පිරිස්, ජාති, ආගමි, කුල, ගෝත්‍ර, වර්ණ භේධය වැනි විවිධ මුලාකරනවන සුලු සංඥාවන් ගෙන් වසඟව සිටිති. පැවිද්දෝ නිකායන් නිසා මානයෙන් සිටිති, ගිහියෝ සැපසම්පත් නිසා මානයට පත්ව සිටිති. මෙහිදී නිවන් කැමති තැනැත්තා බැලිය යුත්තේ වෙනත් කිසිදු සංඥාවක් පිළිබඳව නොවේ.පළමුව කී පරිදි යමක් කල යුතු නම් එහි දක්ෂ වූ තැනැත්තා අන්‍යන්ට ද ඇහුම් කන් දිය යුතුය. ඒවා බුද්ධිමත්ව සිතා බලා තර්ක කල යුතුය. එවිට සමාජයේ පණ්ඩිතයන් කවුරුන්ද මොඩයන් කවුරුන්ද යන්න වටහා ගැනීමේ හැකියාව ඔහුට ලැබෙණු ඇත. සෑම විටම පණ්ඩිතයන්ගේ අවවාද අනුශාසනා බුද්ධිමත්ව පිළිපැදීමෙන් යහපතක් වන බවත් අනුවනයන්ගේ වදන් පිළිපැදීමෙන් අයහපතක් වන බවත් දැක. තමාගේ යහපත සලකා උපදෙස් දෙන්නා භෞතික සමිපත් වලින් කෙතරම් තමාට පහත් වූවත්, වයසින්, ජාතියෙන්, කුලගෝත්‍රයෙන් කෙතරමි පහත් වූවත්, තමාගේ මානය පසෙකලා එකී අවවාද අනුසාසනා පිළිගත යුතු වන්නේය.

ලද දෙයින් සතුටු වීම හා පහසුවෙන් පෝෂණය කල හැකි බව - 13 කොටස

$
0
0
ලද දෙයින් සතුටු විය යුතුය
ලොව ඇස ආදී ආයතනයන්ට හමුවන්නාවූ රූපාදී අරමුණු අප්‍රමාණ ප්‍රමාණයක් ඇත. මෙකී අරමුනු තුලින් ඇතිකර දෙන්නාවූ අප්‍රමාණ වූ වේදනාස්ඛන්ධයට අනුරූපව මිනිසුන්ට ඇතිවන්නාවූ අවශ්‍යතාවයන්ගේ ද සීමාවක් නැත. ලද දෙයින් සතුටු නොවන්නාට මේ ලොව අසීමිතය. ලද දෙයින් සතුටු වන්නාට ඒ ලද දෙය තුල ලොවේ සීමාව පවතියි. පයින් යන්නට අකමැති යමෙක් වේ නම් ඔහුට පාපැදියක් ගැනීමේ අවහ්‍යතාවයක් ඇතිවිය හැක, පසුව එය යතුරු පැදියක් ද, යතුරු පැදිය ත්‍රීවිල් රථයක් ද, ත්‍රීවිල් රථය කාර් රථයක් ද, කාර්  රථ විවිධ මාදිලි හා විවිධ සුවපහසු තත්වයන් යටතේ ඇති නිසා ඒ විවිධ රථ සඳහා ද, එය ද මදිවන්නා නැවක් සඳහා ද, එයත් මදි වන තැනැත්තා ගුවන් යානයක් සඳහා ද කැමතිවිය හැක. මෙසේ ලොව කැමති විය හැකි අරමුණු අප්‍රමාණ සංඛාවක් ඇති නමුත්. මින් ඔබ සෑහීමට පත්වන්නේ කිනමි තැනකින්ද යන්න ඔබ තීරණය කල යුතුය. ලොව ඔබ කැමති වන්නාවූ කිසිවක් ඔබට ඉබේ පහල වන්නේ නැත. ඒ සඳහා ඔබගේ ගෙවීම වන්නේ දුඛ නැතහොත් දුක්ඛ සත්‍යයි. එබැවින් යමෙක් ලද දෙයින් සතුටු වන්නේ නම්, ඔහු දුඛ උපයන්නෙක් නොවේ. ඔහු නිවනට ඉතා ලඟය.

අනුන් විසින් පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු විය යුතුය
යමෙක් ලද දෙයින් සතුටු වන්නේ නම් ඔහු පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු ද ‍වෙයි. මේ ධර්ම දෙක තුල ඇත්තේ අනුලොම සමිබන්ධතාවයකි. ආරණ්‍යවාසී භික්ෂුවක් සැලකුවහොත් එවන් භින්ෂුවගේ අවශ්‍යතාවය වන්නේ තුන් සිවුර, පාත්‍රය, සිටින්ට තැනක්, දාන වේලක් හා පාවැසුමි යුවලක් හා තල් අත්තක් විය හැක. උන්වහන්සේ කවර දුගියෙකුට වුවද පෝෂණය කල හැක්කේ උන්වහන්සේ ලද දෙයින් සතුටු වන බැවිනි. එවන් උන්වහන්සේට නිවන හැර අන් අපේක්ෂාවන් නැත. අඥාන මිනිසුන් නිමක් නැති වස්තු රුස් කිරීමට අපතේ යවන්නාවූ කාලය උන්වහන්සේට භව නිස්සරණ සඳහා යෙදවිය හැක. එබැවින් නිවන් කැමැති තැනැත්තා පහසුවෙන් පෝෂණය කල හැකි අයෙකු විය යුතුම වන්නේය. ගිහියෙක් සමිබන්ධයෙන් වන විට අසීමිත ආසාවන් මත ලුහු බැඳ නොගොස් උපෙක්ෂාව පුරුදු පුහුණු කිරීම තුලින් මෙම ගුණාංගය ඔහුගේ ජීවිතයට එක් කරගත හැක. ඒ සඳහා කල හැකි පහසුම වැඩ පිළිවල වන්නේ සරල දිවි පෙවතකට හුරු වීමයි.

අල්ප කටයුතු හා සැහැල්ලු පැවතුම් ඇති බව - 14 කොටස

$
0
0
අල්ප කටයුතු ඇත්තෙක් විය යුතුය
ලද දෙයින් නොසතුටු වන්නාවූ, පහසුවෙන් පෝෂණය කල නොහැකි තැනැත්තාට කිරීමට ඇති කටයුතු වල ප්‍රමාණයක් නැත. කරන්නේ නම් කිරීමට ඇති කටයුතු ලොව කොතෙකුත් තිබේ. මෙයින් ඔබ කල යුත්තේ කුමන කටයුතු ද නොකල යුත්තේ කුමන කටයුතු ද යන්න ඔබ විසින් තොරා ‍බේරාගත යුතුය. සිතූ පැතූ සියළු සමිපත් ඇති මහා ධන කුවේරයන්ට කිරීමට සමාජ සේවා කටයුතු ඇත. නමුත් නිවන සදහා ඔවුන්ට කාලයක් නැත. ලොකයා රුවටීමට යමේක් සෘජු බවින් තොරව එබදු කාර්‍යන් කරයි නම් එහි පළක් නැත. නිකන් වැඩ කටයුතු බහුලවීමක් පමණක් එහි ඇත. සැබවින්ම ලොක සත්ත්වයා වෙනුවෙන් යහපතක් කරණු පිණිස එසේ කටයුතු කරන අයෙකු වේ නම් ඔහු එබදු කටයුතු ධර්ම මාර්ගයට සුදුසු ආකාරයෙන් සකසාගත යුතුය.

එසේ නොමැතිව එදා වේල පිරිමසා ගැණිමට අපමණ කටයුතු වල නියතු වන ජීවිත අරගලයක යෙදී සිටින යමෙක් වේ නම්, ඔහුගේ එම කටයුතුම විදර්ශණා වැඩීම් වශයෙන් නිවනට සමිබන්ධ කර ගත යුතුය. එවිට මුළු ජීවිතයම කුසලයක් කරගැණිමේ හැකියාව ඔහුට ලැබෙනු ඇත. දුකක් නොපෙනී දුකෙන් මිදීමක් ලැබීමේ හැකියාවන් නැත. එබැවින් දෙවිවරුන් පවා දුකින් මිදීමට මිනිසත් බව පතනා බව ත්‍රිපිටකයේ සදහන්ව ඇත. ඒ හැරුන කොට අනවශ්‍ය අවශ්‍යතාවයන් ඉවත දැමූ විට යමෙකුට ඇති කටයුතු ප්‍රමාණයද බොහෝ අඩුවනු ඇත. ඒ සඳහා මනස සංවර වූ අයෙකු විය යුතුය.


සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුය 
සැහැල්ලු පැවතුමි ඇතිවීමට නමි සංයමයකින් යුතු මනසක් පැවතිය යුතුය. රාග, ද්වේශ. මෝහ, ආදී ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදීමට වැලකීමට උත්සුක විය යුතුය, ධර්ම ශ්‍රවණය, භාවනාවන්හි නියුතු වීම, ශිල සංවරය ආදිය ජීවිතයට එක්කර ගත යුතුය. එබදු පුද්ගලයා සැහැල්ලු පැවතුමි ඇති අයෙකු බවට ක්‍රමයෙන් පත්වනු ඇත. ගෙවී ගිය අතීතයද, නොඑලඹි අනාගතයද, ක්ෂණයක් පාසා ගෙවී යන්නාවූ නිශ්ඵල වර්ථමානය ද ඔහු තෘශ්ණාවෙන් උපාදාන නොකරයි. එවන් ඔහු සැහැල්ලු පැවතුම් ඇති අයෙකු බවටත් සතුටින් යුතු පුද්ග‍ලයෙකු බවටත් පත්වනු ඇත.

සන්සුන් ඉදුරන් ඇති බව, නුවනැති බව, නොසරුප් බව, කුලයන්හි නොඇලෙන බව, වරදෙහි හැකිලෙන බව - 15 කොටස

$
0
0
සන්සුන් ඉන්ද්‍රියන් ඇති අයෙකු විය යුතුය
මෙසේ සැහැල්ලු මනසින් යුතු තැනැත්තා ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනු ලබයි. පඤ්චින්ද්‍රියන්ගෙන් අතොරක් නොමැතිව ගලා එන්නාවූ අප්‍රමාණ අරමුණු ඔහු තොරා බේරා පරිහරණය කරනු ලබයි. එවන් පුද්ගලයා තුල සංසුන් වූ ඉන්ද්‍රියයන් ඇතිවෙයි. ඔහු ඉන්ද්‍රිය සංවරයට පත්වෙයි.


නුවනැත්තෙක් විය යුතුය
මෙසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූ තැනැත්තා නුවනැත්තෙක් ද විය යුතුය. ශිලය නමි කුඹුර කොටා, එහි බීජයන් වපුරන්නේ නැතිව බල සිටින්නාවූ ආඥාණයෙක් නොවිය යුතුය. මේතාක් දුර ගෙවා පැමිණි ඔහු සමථ විදර්ශනා වැඩීමි වශයෙන් භාවනාවේ නියුතුවී ශිලය නම් කෙත අස්වැද්දීමට තරමි ප්‍රඥාවන්තයෙක් නුවනැත්තෙක් වි යුතුය. ඒ සදහා ඔහු කල යුත්තේ ප්‍රඤ්චින්ද්‍රියන්ගෙන් ගලා එන්නාවූ අප්‍රමාණ අරමුණු සදහා මනා නුවනඇති ද්වාර පාලකයකු වන සතිය පෙරට ගන එකී අරමුණු සමථ විදර්ශනා වශයෙන් භවනා කිරීමයි.

නොසරුප් අයෙකු විය යුතුය
එවන් ඔහු තුල, සතිය වර්ධණය වේ, සමාධිය වර්ධණය වේ සති සමාධි ඇති ඔහුට ලෝක සත්ත්වයා දුකේ ගිලී සිටින ආකාරය දැකිය හැකිවේ. එනම් ඔහු දුක්ඛ සත්‍ය මැනවින් දකියි. මෙසේ මේ දුක ඇතිවුයූ සෘජු බව නැතිවීමට හේතු වූ, මනා සෘජු බවක් නැතිවීමට හේතු වූ, සුවච නොවීමට හේතු වූ, මානාධික වීම හේතු වූ වැඩ කටයුතු අධික වීමට හේතු වූ, ලද දෙයින් නොසෑහීමට හේතු වූ, කටයුතු අධික වීමට, සැහැල්ලු පැවතුම් නැතිවීමට, අවිද්‍යාවට හේතු වූ තෘශ්ණාව හේතුවෙන් බව දකියි. මෙසේ ඔහු දුක්ඛ සමුදය සත්‍ය දකියි. මේ දුකින් මිදීමේ මාර්ගයක් ඇත කියා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නාවූ ඔහු නියත වශයෙන්ම මාර්ග සත්‍ය දකියි. එවන් ඔහු දුක නැති කිරීමි වශයෙන් දුක්ඛ නිරෝධ සත්‍ය වන නිවන දකියි. එවන් ඔහු ලෝකයා සමඟ නොසරුප් වෙයි. මඩේ පිපුණ නෙළුමක් යම් ආකාරයෙන් මඩින් උඩට විත් ජලයත් - මඩත් නොදරා සිටී ද එපරිද්දෙන්ම ලොක සන්නිවාසය හා නොඇලෙමින් නොගැටෙමින් වාසය කරයි.

කුලයන්හි නොඇලුනෙකු විය යුතුය
එවන් ඔහු කුලයේ නාඇලිය යුතුය. ඉදිරි මාර්ගය වැඩීමි වශයෙන් ඉදිරි මාර්ග ඵල අවභෝධයට කටයුතු කල යුතුය. ප්‍රහාණය කල යුතු ධර්මයන් ප්‍රහාණයට කටයුතු කල යුතුය. සිත නිවනට බරකල අයෙකු විය යුතුය. එවන් ඔහු යමි ක්‍රියාවන් නිසා නුවනැතියන් නින්දා කරත් නම් එබදු සුළු වරදක් හෝ නොකරන්නෙක් විය යුතුය.

එවන් තැනැත්තා සතර මාර්ගය, සතර ඵල කෙලවර අමෘත සංඛ්‍යාත අමාමහ නිවනට නියත වශ‍යෙන්ම පත්වන්නේය.

ප්‍රිය මිතුරනේ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සැබැවින්ම විශ්මය ජනකය. සැකවින් ලියා දැක්වූ කරණිය මෙත්ත සූත්‍රයේ මෙකී විවරණය පුළුල්ව විමසන්නේ නම් පිටු 1000 ක පමණ පොතක් ලිවීමට හැකියාවක් ඇත. එබැවින් මෙම සූත්‍රය තුල සමස්ථ බුද්ධ දේශනාවම අන්තර්ගතව පවතින ආකාරය දැක මා මවිත වුවා යැයි කිව හැක. ප්‍රඥාවන්ත ඔබ ද ඒසේ වනු නොඅනුමානය. මේතෙක් මේ ආකාරයෙන් කරණිය මෙත්ත සූත්‍රය විමසන ලද එකදු ග්‍රන්තයක් නොදක්නා ලදි. මෙය තව තවත් වර්ධනය කර යමෙකුට පුළුල් කල හැකිය.

ඉදිරි ලිපියෙන් නිවන යනු කුමක්ද?

නිවන කියන්නේ කුමක්ද?

$
0
0
අද ඉල් පොහෝ දිනයයි. වසර 04 ක කාලයක් මුළුල්ලේ බොහෝ කැප කිරීම් ආදිය කරමින් හා විවිධ බාධා මධ්‍යයේ ලියනා ලද ලිපි ලිපි පෙළක අවසන් ලිපිය මෙයැයි  කියා එක් පසකින් සතුටු විය හැකිය. එනම් මෙහි විදර්ශනා ලිපි පෙලේ මූලික ලිපි එකතුව මෙම ලිපියෙන් අවසන් වන හෙයිනි. මෙම ලිපි පෙළ නිවන තෙක් ගමන් මාර්ගය පියවරින් පියවරයන සබැඳිය තුලින් ඔබට ඉදිරියේදී කියවීමට හැකි වනු ඇත. එම ලිපි පෙළ කියවන්නාවූ විර්‍ය ඇත්තාවූ අයෙකුට නිර්වාණය බොහෝ දුර නොවෙතැයි යන්න මාගේ අදහස වන්නේය. මක්නිසාද යත් ඒ අනුව පිළිපැද සුදුසු ස්ථානයන් කරා යොමු වී භාවනා කල බොහෝ පිරිසක් විශිෂ්ඨ අත්දැකීමි සමූහයක් මේ වන විට ලබා ඇති බැවිනි. එබැවින් පැවිද්දන් පවා වල්මත්වී සිටිනා මෙවන් යුගයක උපාසකයෙකු වශයෙන් සිව් වසරක් තුල මෙම ධර්ම දානමය පුන්‍ය කර්මය කිරීමට හැකිවීම සමිබන්ධයෙන් මම අද දින වඩ වඩාත් සතුටට පත්වෙම්.

බෞද්ධයාගේ පරම පැතුම වන්නේ නිර්වාණයයි. සෑම කුසලකර්මයක්ම අවසානයේදී, බෞද්ධයාගේ ප්‍රාර්ථනය වන්නේ කුමන ආකාරයකින් හෝ; එනම් දෙවි මිනිස් සැප කෙලවර නිවන, වහ වහා නිර්වාණයට පැමිණිම් වශයෙන් නිවන හෝ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණ නිවනට පැමිණිමයි. නමුත් ඔබ මේ පතන්නාවූ නිවන කුමක් දැයි ඔබ දන්නවාද?

හිගියන් තබා ‍පැවිද්දන්ගෙන් බොහෝ දෙනෙකු ද මෙසේ පතන්නාවූ නිවන කුමක්දැයි නොදන්නා බව නොරහසකි. එබැවින් නොදන්නා දෙයක් පත පතා විවිධ ක්‍රියා සමූහයක් කිරීමට වඩා, ඒ පිළිබදව වඩා හොද දැනුමක් ඇතිව, කරන්නාවූ දෙයක් කිරීම වඩා ඵලදායක වනු ඇත. එනම් නොදැන ගමනක් යනවාට වඩා යා යුතු තැන දැන, මඟ සලකුණු දැන, ගමන් කිරීම තුලින් කැමති තැනට වඩා පහසුවෙන් හා ඉක්මනින් අතරමං නොවී පැමිණිමට හැකියාවක් ඇත. මෙම ලිපිය සමිපාදනයේ දී සූත්‍ර උපුටා නොදක්වන අතර යමෙකුට නිවන ගැන ත්‍රිපිටකයේ සදහන් සූත්‍රයන් පිළිබදව අධ්‍යනය කිරීමට අවහ්‍ය වන්නේ නමි, ඒ සම්බන්ධව රේරුකානේ චන්දිවිමල හිමියන්ගේ නිර්වාණ විනිස්චය හා පුනරුප්පත්ති ක්‍රමය නම් ග්‍රන්තයේ සමිපිණ්ඩනයක් ඇත. මේ පවසන ලද්දේ එම සූත්‍ර සියල්ල එක ස්ථානයකින් සොයා ගැනීමට හොඩුවාවකි. මෙම ලිපියේ දී වඩාත් වටහා ගැණිමට පහසු අයුරෙන් නිර්වාණය විස්තර කර දීමට උත්සුක වෙමි.

තුන්නරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව නිවන් යෑම.
බෝධි නම් උත්තම තත්වය තුන ආකාරයකින් බුදු දහමේ බෙදා දක්වා ඇත. බුද්ධ බෝධිය, පච්ඡේක බෝධිය නැතහොත් පසේ බුදු බව, ශ්‍රාවක බෝධිය යන මේ ත්‍රිත්වය තුන් ආකාර වූ, තුන් තරාතිරම් ඇති බෝධියයි. මෙයින් සම්මා සම්බෝධිය අග්‍රතම බෝධිය වන අතර ඒ පිළිබදව අවබෝධයක් ඇතිකර ගැනීමට පහත ලිපි කියවා ගත යුතුය.

පසේ බුදු බව යනු තමා සාස්තෘවරයෙකු රහිතව තමා විසින්ම ධර්මය අවබෝධ කරන නමුත් එම ධර්මය අන්‍යන්ට අවබොධ කිරීමට සමත් නොවන්නාවූ ආශ්චර්‍ය අත්භූත වූ උතුමන් පිරිසකි.

ශ්‍රාවක බෝධිය යනු සම්මා සමිබුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛන්සික දේශනය නැතහොත් ජීවමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ ද්ශනා කරන ධර්මය අසා සොවාන් ආදී මාර්ග ඵල ලබා පසුව සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්ත සේවනය හා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් අවසන් පියවර වශයෙන් උතුම්වූ අරහත් ඵලයෙන් නිවී සැනසෙන පිරිසය. නැතහොත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල උන්වහන්සේගේ ධර්මය අනුව පිළිපැද, සංඝ රත්නයේ අවවාද අනුසාසනා ආදිය පිළිපැද, ශිල, සමාධි, ප්‍රඥා, සති ආදී ධර්මයන් වර්ධණය කොට සෝවාන් ආදී මාර්ග-ඵල ලබා උතුම් වූ අරහත් ඵලයට පැමිනෙන පිරිසයි.

පිටකොටුවේ සිට මරදානට යෑමට කැමැත්තෙන් පසුවන තමාගේම බස් රථයක් ඇති අයෙකුට තමාගේම ගමනක්ම යා හැක. එවන් අයෙකුට මරදානට යෑමට කැමති තවත් පිරිස් වේ නම් ඔවුන්ව එම රථයෙන් මරදානට පැමිණවීමේ හැකියාවද ඇත. එසේ හැකියාවක් නැති අයට බස් රථය හිමි අයෙකුගේ බසයේ නැගී ඔහු ගෙන යන මාර්ගයේ ගමන් කොට මරදානට පැමිණිය හැක. තවත් අයෙකුට පෞද්ගලික රථයක් හෝ ත්‍රීරෝද රථයක් ගෙන තමාගේ ගමන තමා විසින්ම යා හැක. නිවනට පැමිනෙන ආකාර තුන වන්නේද මෙයයි. බුද්ධ බෝධිය, ශ්‍රාවක බොධිය හා පසේ බුද්ධ බෝධිය ඉහත උදාහරනයේ අවස්ථාවන්ට පිළිවලින් ආදේශ කිරීමට හැකියාවක් ඇත.

කුමන ආකාරයකින් පැමිණියත් අවසානයේ සියළු දෙනාම පැමින ඇත්තේ මරදානටම වන්නා සේ, කුමන බෝධියෙන් පැමිණියත් අවසානයේ ඔවුන් පැමිණ ඇත්තේ සතර මාර්ගය, සතර ඵලය කෙලවර උත්තම වූ නිර්වාණයට වීම විශේෂ ලක්ෂණයයි.  

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය නම් වන නව ලෝකොත්තර ධර්මය.
සමිමා සමිබුදු රජාණන්වහන්සේලා ලොව පහල වනුයේ මෙම සතර මාර්ගය, සතර ඵලය හා නිර්වාණය නම්වන නව ලොකොත්තර ධර්මය දේශනා කරනු පිණිසය. ත්‍රිපිටකයේ අන්තර් ගත සෑම දේශනාවක්ම මෙන්ම භාග්‍යවතුන් වහන්සේ දිවමන්ව වැඩ සිටි කාලයේ කරනා ලද සෑම දේශනාවකම අන්තර්ගතව ඇත්තේ මෙම නවලොකොත්තර ධර්මයයි. චතුරාර්‍ය සත්‍ය, පටිචිච සමුප්පාදය, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, ශිලය, සමාධිය, ප්‍රඥාව, සතිය, ශ්‍රද්ධාව, විර්‍ය යනාදී වශයෙන් වන්නාවූ විවිධ ධර්ම කොටස් සියල්ලම දේශනා කර ඇත්තේ මෙම සතර මාර්ගය, සතර ඵලය හා නිර්වාණයට පැමිණිම පිණිසය. එබැවින් සමස්ථ ත්‍රිපිටක දේශනාවම නවලොකොත්තර ධර්මය පිළිබඳව කරන ලද දේශනාවකි. සම්පිණ්ඩනයක් ලෙස භග්‍යවතුන් වහන්සේලා ලොව පහල වන්නේ මේ නවයක් වූ ලෝකෝත්තර ධර්මය ප්‍රකාශ කිරීමට බව කිව හැක.

සතර මාර්ගය හා සතර ඵලය
ලොව මිනිසුන්ගේ හිඟයක් නැත. විවිධ මිනිසුන්ගේ ජීවිත අභිලාශ, ජීවිත පරමාර්ථ විවිධාකාරය. මෙසේ විවිධාකාර මිනිසුන්, දෙවියන්, භ්‍රහ්මයන් ආදී සත්ත්වයන් ඇති ලෝකයේ, මිනිසුන් අතරින් සමහර දෙනෙක් පමණක් මේ ‍ලෝකය අනිත්‍ය වශයෙන් දකිති, මේ ලෝකය දුක් වශයෙන් දකිති. මේ ලෝකය අනාත්ම වශයෙන් දකිති. මේ ආකාරයට ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින්නාවූ සත්ත්වයින්ට මේ ලෝකයෙන් මදී යෑමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි. මරණ චක්‍රරයක් වූ මේ ජීවිත චක්‍රය නැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි. අතොරක් නැතිව සිදුවන්නාවූ ඉපදීම, මරණයට පත්වීම, ලෙඩ දුක් වලට පත්වීම, ජරාවට පත් වීමට තිත තබා මේ දුක් සාගරයෙන් මිදී යම් ක්ෂේම භූමියක් ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි. එවැනි අවශ්‍යතාවයක් ඇත්තන්ට භාග්‍යවතුන්වහන්සේ සතර මාර්ගය, සතර ඵලය පෙන්වා දේශනා කරති. එහි කෙලවර අමාමහ නිර්වාණය නම් සකල සංස්කාරයන්ගේ නිරුද්ධවීයාම දේශනා කරති. මෙහි මාර්ග සතර හා ඵල සතර වන්නේ සොවාන් මාර්ගය- ඵලය, සකෘදාගාමී මාර්ගය-ඵලය, අනාගාමී මාර්ගය, ඵලය හා අරහත් මාර්ගය හා ඵලයයි. බුදු පසේ බුදු අරහත් යන සියල්ලෝ පිළිවලින් මෙම තත්වයන්ට පැමිණෙයි අරහත් ඵලය අසේක තත්වය වන අතර ඉන් එහාට මෙකී පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් කල යුතු කිසිවක් නැතිවනු ඇත.  එනම් සොවාන් මාර්ගයට පත්වූවෙකුට, සොවාන් ඵලය ඉපදවිය හැකිය එනම් ඔහුට කල යතු හෝ කිරිමට යමක් ඉතිරිව ඇත. සොවාන් ඵලයට පත්වුවෙක්ට සකදාගාමී මාර්ගය ඵලය පිළිවලින් ඉපදවිය හැක, සකදාගාමී ඵලයට පත්වූ වෙකුට අනාගාමි මාර්ග ඵල උපදවිය හැකි අතර අනාගාමී ඵලයට පත්වූවකුට අරහත් මාර්ගයත් අරහත් මාර්ගයට පත්වූ අයෙකු අරහත් ඵලය උපදවීමත් සමඟ බුද්ධ සාසනය තුල බඹසර වැස අවසන් වේ.  ඉන් එහාට කල යුතු කිසිවක් ඔහු සතු වන්නේ නැත. එවන් ඔහුත් පෙර භවයේ  අවිද්‍යා, තෘශ්ණා, කර්මයෙන් උපදවන ලද ‍ශරිරයත් එහි නාමස්කන්ධයත්, පහනක තෙලුත් තිරත් - දැවී අළුවන තුරු ආලෝකය පවතින්නාසේ පැවත නැවත පහන දල්වන්නෙකු හෝ තෙල් දමන්නෙකු හෝ තිර දමන්නේකු තැති හෙයින් පරිණිර්වාන මංචකයේදී  එතැනින්ම නිමාවට පත්වී යයි. අමාමහ නිවන වන්නේ එයයි.

අවසානයේ දැල්වී අවසාන වූ කල  පහන ශේෂව පවතින්නාසේ දවාලන සිරුරේ නශ්ඨාවශේෂ ධාතු වශයෙන් කලක් පැවතිය හැකි අතර ඒවාද දිරාපත්වී කලකදී නැතිත්ටම තැනිවී යයි. මේ කරුන වඩාත් පැහැදිලි කර ගත යුතුය.

සොපාදිශේෂ නිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය.
මෙහිදී සොපාදීශේෂ නිර්වාණයට සොවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන ඵලයන්ට පැමිණි, ජීවත්ව සිටිනා ආර්‍යන්ට පත්විය හැක. සොවාන් වූ ආර්‍යයා ඔහුගේ ඵල සිතට සමවැදීම තුලින් මේ ජීවිතයේදීම නිර්වාණය සුඛය ඔහුට අත්දැකීමට හැකිවනු ඇත. මෙසේ සකෘදාගාමී, අනාගාමී අරහත් යන ඵලස්ථයන්ට ද මෙම තත්වය අත්දැකිය හැක. මෙම අත්දකින්නාවූ නිවනේ ප්‍රමාණය විශුද්ධ් මාර්ගයේ උදාහරණ මඟින් දක්වා ඇත. 

සොවාන් ඵලස්තයා අත්දකිනා නිවන යම් මුතුමැණික් ඇති වටිනා නිධානයක් යමෙක් විදුලි එලියෙන් දකින්නේ යම් සේද, ඒ ආකාරයෙන් ද, සකෘදාගාමී වූ අයෙක් පහනකින් දකින්නා සේද, අනාගාමී වු අයෙක් සඳ එලියෙන් දකිනා සේද, අරහත් ඵලයට පත්වූ අයෙක් ස්කන්ධයන්ගේ නිවී යෑම මහා දවාලේ හිරු එලියෙන් නිධානය දකිනා ආකාරයටද ලෙස සිව් ආකාරයකින් අත්දකිනා බව එහි විස්තර කර ඇත.  ඒ උපමාව වඩා උචිත යැයි සිතුන බැවින් මෙහි සටහන් කලෙමි.

මේ අකාරයට සොපාදිශේෂ නිර්වාණය මෙලොවදීම නිවන් සුව අත්විදිය හැකි අවස්ථාවකි. එනම් ලොව ඇති පරම සුඛය අත්දැකිය හැකි අවස්ථාවකි. තවත් පහදන්නේ නම් ස්ත්‍රි පරුෂ කාම සැප, ආහාර සැප, සුවපහසු තත්වයන්, ධ්‍යාන සැප ආදී වශයෙන් සත්ත්වයින් සැප යැයි සම්මත යම්තාක් සුඛ සහගත තත්වයන් වේද ඒ සියල්ල අභිබවනා අති අග්‍රම සැපය මෙම නිර්වාණ සැපය වන්නේය. ඉන් එහා තවත් සැපයක් නැති අතර ඵල අවස්ථා 04 දී මෙම සැපය තිවෘරතාවය වෙනස්ව අත්දැකිය හැක. මේ සොපාදි ශේෂ නිර්වාණයද නොපෙරලෙන ධර්මයකි. එනම් ලොව ඇති සැප දුක් වේදනා, ධ්‍යාන  ආදී යම්තාක් දේ වේද ඒ සියල්ල තුල, ක්ෂය වී යන පිරිහී යන ස්වභාවයක් ඇත. නමුත් මෙම ඵලය පිරිහී ක්ෂය වී නැතිවී යන්නේ නැත. එය මාර්ගය අවසන් වන තුරු ඉහලට ඉහලට යනු මිස පහල බලා යෑමක් නොවේ. වෙනත් වචන වලින් කිවහොත් ධ්‍යානයක් පඤ්ච වශිතාවයෙන් වශි කල අයෙකු එය සතියක් දෙකක් නොවඩා සිටියදී එයින් පිරිහී, පෙර පරිදි එයට සිත පත්කල නොහැකි තත්වයට පත්විය හැකි නමුත්, ඵලයකට සිත පත් කල අයෙකු වසර 100 ක් ගොස් එම ඵලයට සම වැදුනද එහි පිරිහීමක් නැත. එයට සිත විගසින් පත්කල හැක.

අනුපාදිශේෂ නිර්වාණය.
අනුපාදි ශේෂ නිර්වාණයට පත්විය හැක්කේ අරහත් ඵල ලාභී වූ උතුමෙකුට පුර්ව භවයේ කර්මයෙන් උපදවන ලද්දාවූ නාම රූප පරම්පරාව සිඳී යන අවස්ථාව නැතහොත් මේ කයත් නාමයත් බිදී යන අවස්ථාවට පත්වන ක්ෂණයේ දීය. උතුම් අරහත් ඵලයට පත්වූ භාග්‍යවතුන්වහන්සේගේ පරිනිර්වාණය වූයේ වසර අසූගනනක් උන්වහන්සේට වූ තැනදීය. ඒතාක් කාලය තුල උන්වහන්සේට ලෙඩ රෝග නිසා ඇතිවන දුක්, වියපත්වීම නිසා ඇතිවන දුක්, මළ මුත්‍ර, පහකිරීමේ දුක්, පිපාසා, කුසගිනි දුක් ආදී වශයෙන් ශරිරයක් දැරිම නිසා සිදුවන දුක් වේදනා ඉවසීමට සිදුවිය. එබැවින් එම දුකේ ද නිමාව අත්වන්නේ උන්වහන්සේ පරිණිර්වාණයට පත්වූ මොහොතේ දීය. අන්  පුද්ගලයන් මරණයට පත්වූ කල නැවත අභිනව භවයක උපත ලැබීම සිදුවන බැවින් ඔවුන්ගේ පටිච්ච සමුප්පාද චක්‍රය නොසිදී නැවත දුක් චක්‍රරය භ්‍රමණය වන බැවින් දුක් විදිමට සිදුවෙයි. නමුත් අරහත් ඵල ලාභායකු අනුපාදිශේෂ පරිණිර්වාණයට පත්වීමත් සමඟ එකි චක්‍රරය නැවත කැරකීමක් නොවන අතර එතැනින් සියල්ල අවසන්වී යෑම සිදුවෙයි. සමස්ථ දුක්ඛයේ නිමාව වන්නේ එයයි. එබැවින් ලොව තුල සැබෑ මරණයක් දැකිය හැක්කේ අරහත් ඵල ලාභියකුගේ පමණි. අන් සියල්ලෝ චක්‍රරයකට හසුවී ගමන් ගනියි. පටිච්ච සමුප්පාදයේ අනුලොම පටිච්ච සමුප්පාදයෙන් මේ දුක්ඛ චක්‍රරය භ්‍රමණය වන ආකාරයත්, ප්‍රථිලොම පටිච්ඡ සමුප්පාදයෙන් අනුපාදිශේෂ නිර්වාණයත් විස්තර කරනු ලබයි.

ඒ අනුව සතර මාර්ගය, සතර ඵලය හා අමාමහ නිවන ගැන ඔබට දැන් දල වශයෙන් හෝ වැටහීමක් ඇත. වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග-ඵල ලබා ඇති බව ප්‍රකාශ කරනා බැවින් ධර්මය විනාශ නොවනු පිණිස සැබවින්ම මාර්ග-ඵල ලබා ඇත්තේද නැත්ත යන්න සොයා දැනගත හැකි පරීක්ෂාවන් පමණක් ඊලග ලිපියේ දක්වා ඇත.



මේ අප්‍රමාණ වූ කුසල සමිභාරය පන් දහසක් කාලයට සමිබුද්ධ සාසනය රක්ෂා කරනා අළුත් නුවර දැඩිමුණ්ඩ දෙවි රජ්ජුරුවන් වහන්සේ අනුමෝදනා කරමි අනුමොදනා වේවා!!!

මාර්ග-ඵල ලැබූ බවට වාද වලට ආරාධනා කරන අයට පිළිතුරු

$
0
0
මින් පෙර ලිපියෙන් යමෙක් මාර්ග-ඵලයකට පත්ව ඇත්ද නැත්ද යන්න සොයා ගන්නා ආකාරය විස්තර කරනා බව ප්‍රකාශ කලෙමි. එම ලිපියේ මාර්ග-ඵල සංයුක්ත නවලොකොත්තර ධර්මය පිළිබඳව යමි පමණක විස්තරයක් දක්වා ඇත.

අද සමාජයේ යමි යමි ගිහියන් හා පැවිද්දන් තමා මාර්ග-ඵල ලබා ඇති බව ප්‍රකාශ කරනු දක්නට, අස්නට ලැබෙයි. යමෙක් එසේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නම් එසේ ප්‍රකාශ කිරීමේ වරදක් නැත. ඒ ගිහියන් සම්බන්ධවය. නමුත් පැවිද්දන් සම්බන්ධයෙන් තත්වය වෙනස් වේ. යම් පැවිද්දේක් තමා දැන දැන උත්තරී මනුශ්‍ය ධර්ම ඇති බවට එනම්; මාර්ග 4 ඵල 4 හෝ ධ්‍යාන අශ්ඨකය අතරින් යමක් හෝ, සිවි වන පරාජිකා සික්ෂාවේ දක්වා ඇති තත්වයන් තමා ලබා ඇති බවට  දැන දැන බොරු  කියයි නමි ඔහු පරාජිකාපත්තියට පත්වෙයි.

නමුත් යම් පැවිද්දේක් තමා අධිමානයට පත්වීම නිසා තමා එකී උත්තර මනුශ්‍ය ධර්මයන්ට පත්ව ඇතැයි රුවටී එය ප්‍රකාශ කරයි නම් ඔහු පරාජිකා පත්තියට පත්නොවෙයි.

ඒ අනුව මෙම ලිපියේ සඳහන් කරන්නට යෙදෙනුයේ තමා මාර්ගයක්- ඵලයක් ලබා ඇත්ද නැත්ද යන කාරණාව සොයා ගන්නා ආකාරය පිළිබඳවය. එයිනුත් සොවාන් මාර්ගය හා ඵලය සමිබන්ධයෙන් පමණි. නමුත් මෙම ලිපියේ කිසිදු ප්‍රායෝගික තත්වයක් සඳහන් කර නැති අතර හුදෙක් මඟ පෙන්වීමක් පමණක් දක්වා ඇත. ප්‍රායෝගික තත්වයන් ගුරුන් ඇසුරෙන් විමසා පරීක්ෂා කරගත යුතුය.

උදාහරණ වශයෙන්  කොකාකෝලා වලට මෙන්ටොස් දැමුවිට ප්‍රතික්‍රියාවක් සිදුවන බව පමණක් දක්වා ඇත. එම පරීක්ෂණය කෙසේ කල යුතුද, මෙන්ටොස් කෙසේද, කෙකාකොලා කෙසේද? සිදුවන්නේ කිනම් ප්‍රතික්‍රියාවක්ද, එය සිදුවන විට ස්වභාවය කුමක්ද යන්න මෙහි පහදා නැත. පරීක්ෂණය සත්‍ය වශයෙන්ම අතහදා බලා ඇති තැනැත්තා කොකා කෝලා යනු මොනාවාද, මෙන්ටොස් යනු මොනාවාද? ප්‍රතික්‍රියා කරවීමට මෙන්ටොස් වලට කොකාකෝලා දැමිය යුතුද, නැතහොත් කොකා කෝලාවලට මෙන්ටොස් දැමිය යුතුද, එවිට පිපිරීමක් ඇතිවේද, නැතහොත් කුමක් වේද යන කාරනාව දනියි. නොදන්නෝ පරීක්ෂණය පමණක් දන්නා බැවින් අත්හදා බලාම එය දත යුතු බැවින් ප්‍රායෝගික තත්වයන් කිසිවක් මෙහි කියා නැත.

ප්‍රසිද්ධ ප්‍රශ්ණ
මාර්ග-ඵල ලාභින් තමා මාර්ග-ඵල ලැබූ බව නොකියන්නේ ඇයි?
මාර්ග-ඵල අතරින් ප්‍රථම මාර්ගය හා ඵලය වන්නේ සොවාන් මාර්ග-ඵල තත්වයයි. සොවාන් වීමට යමෙක් සක්කාය දිටිඨිය දුරු කල යුතුය. සැබවින්ම සොවාන් වීම යනු සක්කාය දිටිඨිය දුරුවන අවස්ථාවේදී ඇතිවන තත්වයකි. එය හැදින්වීමට යොදන නම වන්නේ සොවාන් නැතහොත් මාර්ගයට පැමිණි තැනැත්තා යන්නයි. සක්කාය දිටිඨිය දුරුවන අවස්ථාවේදී එබඳු පුද්ගලයෙකු තුල විචිකිඡ්චාව නැතහොත් බුද්ධාදී අටතැන් පිළිබඳව වන සැකය දුරුවේ.  එසේම ඉන්පසු එබදු සැකයක් ඔහුට නැති නිසා සසර නිමා කරනා තෙක් ඔහුට වෙනත් සාස්තෘවරයෙක් ගේ පිහිටක් නැතිබවට ප්‍රත්‍යක්ෂ වන බැවින් බුදු සසුනෙන් පිට වෘත සමාදාන වීම තුලින් විමුක්තිය ලද හැකිය යන සිලබිබත පරාමාසයද දුරුවී යයි. එවන් පුද්ගලයා කිසි කලෙකත් නිවන් මඟින් පිට පැන වෙන මංමුලා වූ මාර්ගයක ගමන් නොකරනා බැවින් ඔහුට සොවාන් නැතහොත් මාර්ගයට පැමිණි තැනැත්තා යැයි කියනු ලබයි. සක්කාය දිටිඨිය යනු මේ සංස්කාරයන් තුල එනම් පංචස්කන්ධය තුල මම මගේ කියා ගන්නට කිසිවක් නැති බවට වන අවභෝධයයි. මෙවැනි අවභෝධයක් ඇති නැතැත්තා තමා ලද මාර්ග-ඵලයද මම මගේ කියා ගන්නෙක් නොවේ. එවන් අයෙකුට තමා සොවාන්වුයේ යැයි කියමින් උදන් ඇනීමට අවශතාවයක් නැත. සොවාන් අයෙකු සමිබන්ධයෙන් තත්වය එසේ වන විට අන් මාර්ග-ඵල ලාභීන් සම්බන්ධයෙන් කවර කාථාද?

නමුත් යම් අවස්ථාවකදී තමා මාර්ග-ඵල ලබා ඇති බව යමකුට ඇඟවුයේ නැතිනම් එම තැනැත්තා ආර්‍ය උපවාද කර්මයන් සිදු කරගැනීම නිසා අපාගත වන්නට ඉඩ ඇතිබව යම් ආර්‍යෙයකුට හැඟේ නම් හා යම් හේතු සම්පත් ඇති අයෙකුට උපකාර කිරීම සඳහා තමාගේ ආර්‍යත්වය හෙලි කිරීම උචිත යැයි හැඟෙන අවස්ථාවක ආර්‍යයෝ තමාගේ ආර්‍යත්වය හෙලි කිරීමට මැලි වන්නේ ද නැත.

තවත් කිව යුතු විශේෂ කරුණක් ඇත. මෙහිලා මුලින් බුද්ධ කාලීන තොරතුරක් ගෙන එම වඩා සුදුසු යැයි සිතමි. භාග්‍යවතුන්වහන්සේගේ අග්‍ර උපස්ථාක වන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ බුද්ධ පරිණිර්වානය වන තෙක්ම සිටියේ සොවාන් මාර්ග-ඵල පමණක් සාක්ෂාත් කිරීමෙනි. මෙහිදී මහා පරිණිර්වාණ සූත්‍රයේ සඳහන් වන පරිදි චාපාල චේතියේ බුදු රජාණන්වහන්සේ උන්වහන්සේගේ ආයු සංස්කාරය අත් හරිනා විට දී ආනන්ද ථෙරනුන්ට තමන්වහන්සේට කපක් ( පරමායුශ 120) ආයු වැළඳීමට හැකියාව ඇති  බව අවස්ථා ගනනකදී සැල කල නමුත් ඒ එක් අවස්ථාවක දී හෝ බුද්ධ ධර්මතාවය පරිදි අග්‍ර උපස්ථායක විසින් කල යුතු “භාග්‍යවතුන් වහන්ස ලොක සත්ත්වයා වෙත කරුණවෙන් කපක් වැඩ සිටින සේක්වා ලෙස“ ආනන්නද තෙරුන් ආරාධනා නොකිරීමට දක්වා ඇති හේතුව පිළිබඳව අවධානය යොමු කල යුතුය. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඒ අවස්ථාවන් හී දී ආනන්ද ථෙරනුන් මාර පීඩාවට නැතහොත් මාරාවේශයට පත්ව සිටීම යන්නයි.

ඵල ඇති රුකට ගල් වැදෙන්නා සේ. පලකට නැති පුහුදුන් මිනිසුන්ට වඩා මාර්ග-ඵල ලාභින්ට අමනුශ්‍ය උපද්‍රව බොහොය. ඒ අතරින් මාර පීඩාවන් මූලික තැනක් ගනු ඇත. මෙවන් යුගයක එම තත්වයන් බොහෝ බරපතලය. එබැවින් සැබවින්ම මාර්ග-ඵල ලාභින් පවා තමාගේ පමණට නුසුදුසු අයුරෙන් හැසිරීම් පෙන්වීමට ඉඩ ඇත. එවන් අයෙකු තමා ලද මාර්ග-ඵලය එසේ ලද බව නොසැලකිලිමත් ආකාරයෙන් ප්‍රකාශ කරනවා වන්නටද පුළුවන. අන් අතට මාර්ග-ඵල ලාභින් හා නොලාභින් අතර භාහිරට පෙනෙනා කිසිදු වෙනසක් නැති බැවින් විවේචනය කරන්නන් ප්‍රෙව්ශමි විය යුතුය.

සොවාන් වූවන්ගේ පන්සිල් පද 05 නොබිදේද?
සොවාන් වූවන්ගේ පන්සිල් පද 05 නොබිඳෙන බවට ත්‍රිපිටකයේ කොතැනක හෝ සඳහනක් නැත. එය සමාජයේ මුල්බැසගෙන ඇති මිත්‍යාවකි. සොවාන් වුවෙකු සතු ගුණංග මොනවාද යන්න සංයුක්ත නිකායේ සොතාපත්ති සංයුක්තයේ හා තවත් සූත්‍ර ගණනාවක ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව සොවාන් වූවෙකු සතුවන ශිලය ආර්‍යකාන්ත ශිලය නැතහොත් ආර්‍යන් කැමති ශිලය වන බවත්, එය නොබිදෙන බවත් දක්වා ඇත.

මෙම ගැටළුව ඇතිවී ඇත්තේ මෙම ආර්‍යකාන්ත ශීලය යන්න වැරදියට අර්ථ දක්වා සමහර පිරිස් කරන ලද දේශනාවන්ය. ශිලය පිළිබඳව මෙම බිලොගයේ ශිල මංජරී ලිපි පෙලේ දක්වා ඇත. ත්‍රිපිටකය පුරා ශිලය යනු කුමක්දැයි දක්වා ඇති ස්ථාන රාශියකි. මෙයින් පන්සිල්, දස සිල්, අට සිල් ආදී උපොසොථ ශිල ප්‍රතිපත්තිමය ශිලයන් වෙයි. එනම් යමෙක් සමාදාන වී ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී රකින ශිලයන් වෙයි. පැවිදි ශිලය පවා එබදු ශිලයකි. නමුත් ශිලය යන්නේ අර්ථය මෙයින් වෙනස් වෙයි. සැබවින්ම ශිලය යන්නෙහි ඇත්තේ පුළුල් පරාසයකි. භාග්‍යවතුන්වහන්සේ දේශනාකරනා ආකාරයෙන් ප්‍රථම ධ්‍යානය ආදී වශයෙන් ඇත්තාවූ ධ්‍යාන 08 ටද ශිලයකි. මාර්ග-ඵලයන්ද ශිලයකි. එබැවින් මෙහි සඳහන් වන ආර්‍යකාන්ත ශිලය යනු පන්සිල් පද 05 නොව මාර්ග-ඵල බව දත යුතුය. එයිනුත් ඵල සිත ප්‍රමුඛ බව දත යුතුය.

සොවාන් වූවන්ගේ පවා සිල් පද බිඳෙනා බවට ත්‍රිපිටකයේ ඇති සරකානිගේ කථා පුවත ගෙන හැර දැක්විය හැක. සරකානී අධික ලෙස මත්පැනට ලොල් වූ අයෙකි නමුත් සොවන් වූ අයෙකි. ඔහු සොවාන්ව සිටිය දීම මත්පැන් පානය කරයි. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් මෙම කරුණ සැලකර ඔහු අපාගත වන්නේදැයි විමසා සිටි අවස්ථාවේදී එසේ පැවසීම සුදුසු නොවන බවත්, සොවාන් වූ අයෙකු කුමක් කලද (මව මැරිම පියා මැරීම ආදී අභව්‍ය යැයි බුදු පියාණන් වදාල කරුණු හැර) සතර අපායට කිසි දිනක පත් නොවන බවත් වදාලා ඇත. එසේම ඔහු අතින් කිසි දිනක පඤ්චානන්තරීය පාපකර්ම කිසිවක් සිදු නොවේ.

සොවාන් වූ තැනැත්තා සොවාන් වන විට ඔහුගේ කට අගුළු නොවැටෙන බැවින් ඔහු කැමතිනම් බොරු කිව හැකිය. අකමැති නම් බොරු නොකිය හැක. අන් සිල් පද සම්බන්ධයෙන් තත්වයද එසේමය. නමුත් කුමක් රකින්නේද කුමක් කඩන්නේද එහි විපාකය කුමක්ද ක්‍රියාවේ ඵලය කුමක්ද යන්න පිළිබඳව ඔහුගේ දැණුම පෘතග්ජනයෙකු හා සම කල නොහැකි තරම් වන්නේය. වෙනස වන්නේ එයයි.

සොවාන් වූවන් ඉතා තැම්පත්ද?
යමක් සෝවාන් නම් ඉතා තැම්පත් විය යුතු යැයි හා, අත්භූත හා අමුතුම ආකාරයෙන් යුතු  පුද්ගලයෙකු ආකාරයෙන් හැසිරිය යුතු යැයි හා පිටසක්වලින් පැමිණි අයෙකු මෙන් ඔහුගේ වෙස් පෙරලිය යුතු යැයි සමාජීමය අපේක්ෂාවක් ඇත. එය මිනිසුන්ගේ සිතේ ඇති අඥාන අදහසක් මිස සත්‍යක් නොවේ.

සැබවින්ම තතවය ඊට ඉතාමත් වෙනස්විය හැක. සොවාන් වූ අයෙකු සමාජීමය අපේක්ෂාවට සරිලන පරිදි ඉතා තැම්පත් අයෙකු වීමට හෝ එසේත් නැතහොත් ඊට හාත්පසින් වෙනස් සරාගී අයෙක්, නැතහොත්, කලහකාරී අයෙක්, සරකානී මෙන් බීමත් අයෙක් යනාදී වශයෙන් කුමන හෝ චරිතයක් ඇති අයෙක් විය හැකිය. බුද්ධ කාලීන සමාජීය උදාහරණයක් ගෙන බලන්නේ නම් විශාකා මහෝපාසිකාව සොවාන් වූ බුදු සසුනේ අග්‍ර උපාසිකාවියයි. ඇයට දරුවන් 20 ක් හා මුණුබුරන්- මිනිබිරියන් අටදහස් හාරසිය විස්සක් වූ බව සඳහන් වෙයි. ඇයට දරුවන් 20 ලැබුනේ සොවාන් ඵලයට පත්ව සිටිනා විටදීමය. සමාජය සිතනා ආකාරයෙන් විශාකා උපාසිකාව සිටියේ නම් ඇයට දැරුවන් වැඳීමට නොව තෙරණි අරමකට ගොස් ජීවත් වීමට සිදුවනු ඇත.

මාර්ග-ඵල ලාභින් සුලභ නැති අද වැනි කාලයක, මෙබදු තත්වයන් සිහින සිතුවිලි වල සිට අපෙක්ෂා කිරීම සාධාණ වුවත් මදක් බුද්ධිමත්ව සිතිය යුතුය. එදා බුද්ධ කාලීන භාරතීය සමාජයේ හා මහින්දාගමනයෙන් පසු ශ්‍රීලාකිය සමාජයේ මාර්ග-ඵල ලාභී ගිහියන් භික්ෂුන්ට වඩා වැඩි විය. ඔවුන් දරු මුණුබුරන් තනමින් තම තම කාර්‍යන්ගේ නියැලෙමින් සතුටින් ජීවිකාව ගෙන යන ලදි. එබැවින් මාර්ග ඵල ලාභි බව යනු අරුම පුදුම සහගත තතවයක් නොවේ. එබදු අයෙකු ලද සැනසීම ඇත්තේ ඔහු තුලය. එය පිටතට නොපෙනෙයි. ලොක සත්ත්වයා වසර ගනන්, භව ගනන් විඳවමින් තැවෙනා දුක් ඔහුගෙන් පැය ගණනකින්, මිනිත්තු ගණනකින් මැකී යයි. ජන්ම ගනන් ගෙන යන බද්ධ වෛර ඔහු තුල නැත. ලොක සත්ත්වයාගේ ඇණකෙහෙලි කම් ඔහු ගේ සිත තුලට වැද පැමිණි විට, නෙළුම්පතට වැඩි ජල බිඳු මෙන් ඒවා ලිස්සා යයි. අන් ලොක සත්ත්වයාට නොදැනෙන ගමිභිර ධර්මයන් වචන ඇසූ පමණින් ඔහු වටහා ගනියි. නිවන් මඟ ඔහු කිසි දිනක පැකිලීමක් නැත. අනමතග්ග වූ සංසාරයේ උපරිම වශයෙන් ඇත්තේ ඔහුට භව 07 ක් පමණි. ඔහු තමා කිසි කලෙක සතර අපා දුකට නොවැටෙන බව දන්නා අයෙකි. පංචානන්තරීය අකුසල කර්ම කිසි කලෙකත් ඔහුගෙන් සිදු නොවෙයි. ලොව යාථාර්ථය සැම විටම දකිනා කිසිවක් නිත්‍ය වශයෙන් නොදකිනා ඔහු අහසේ සරනා පක්ෂියෙක් මෙන් සැහැල්ලු වූ අයෙකි. තමා හෝ අන් කිසිවෙක් හෝ මගේ යැයි හෝ මම යැයි හෝ උපාදාන කිරීමක් ඔහු තුල නැත. උපන් සියල්ල නැසෙනා බවට වන සම්‍යක් දෘශ්ඨිය ඔහු තුල ඇත.

එයටත් වඩා පරම වූ සුඛය වන නිර්වාණය ස්වපාදිශේෂ නිර්වාණධාතුවට සම වැදී ස්පර්ශකිරීමේ හැකියාව ඔහුට ඇත. ලොව සියළු සුඛ පරයන උපරිම සුඛයක් ඇති මෙබදු තැනැත්තෙක් කෙතරම් ප්‍රීතිමත් අයෙක් විය යුතුදැයි ඔබට මොහොතකට හෝ සිතාගත හැකිද?  එය ඔබ සිතා සිටින ප්‍රථිරූපයට වඩා හාත්පසින් වෙනස් වූ එකක් බව වටහාගත යුතුය.

මාර්ගය කුමක්ද - ඵලය කුමක්ද
මේ පිළිබඳව කෙටියෙන් යමක් පවසන්නේ නම් මාර්ගය යනු විදර්ශනාමය ධ්‍යාන තත්වයක් වශයෙන් අත්දැකිය හැකි තත්වයකි. ඵලය යනු එම ධ්‍යාන සිත සමඟ උපදින අනන්‍ය වූ වෙනත් තත්වයක් වශයෙන් දැක්විය හැකිය. මාර්ග-ඵල ලාභියෙකුට තමා ලද මාර්ග ඵලයන් වෙන් වෙන්ව අත්දැකිය හැකි අතර, ඵල අවස්ථවේදී නිවන අත්දැකිය හැකිය.

සොවාන් මාර්ගය යනු ආර්‍ය අශ්ඨාංගික මාර්ගයද?
ත්‍රිපිටකය තබා බුදු බණ පදයක අර්ථය හෝ නොදන්නා සමර අඥාන ශ්‍රමණ වේශධාරියන් හා ගිහියන් මෙසේ පවසනු ඇසී තිබේ. යමෙක් ඔය පවසන ආකාරයට යම් කිසි අයෙකු ආජීවක අඨටමක ශිලය රක්ෂා කරයි නම්, (එසේ එක සිල් පදයක් වත් නොකැඩී රක්ෂා කරනා පිරිස් ඇත.)  ආජීවක අටිඨමක ශිලය ආර්‍ය අශ්ඨාංගික මාර්ගයට අනුරූප බැවින් ඔහු සොවාන් හෝ කුමක් හෝ මාර්ග ඵලයක් ලද අයෙක් විය යුතුය. මේ ආකාරයට බලනා විට කෝමා තත්වයට පත්ව ඇඳක් මත සිටිනා අයෙක්  කයෙන් හා වචනයෙක් කිසිවක් නොකරනා බැවින් ඔහු මාර්ග-ඵලයකට ආසන්න වූ අයෙක් විය යුතු අතර මළ මිණියක සිතින් වන වැරදිත් නැති බැවින් එය මාර්ග ඵල ලාභී වූ මළ මිණියක් විය යුතුය. සමාජය වෙලී ඇත්තේ කෙතරම් මුලාවකද? මාර්ග-ඵල ශිලය හා සමපාත කල කීමට කිසිසේත්ම හැකියාවක් නැත. එසේ කිව හැකි නම් උතුම්ම ශිලය වන පැවිදි ශිලය රකිනා භික්ෂුන්වහන්සේලා සියළු දෙනාම රහතුන් වහන්සේලා විය යුතුය. එබැවින් සොවාන් මාර්ගය යනු, ආර්‍ය අශ්ඨාංගික මාර්ගය යැයි කීම වැරදි කරුණකි. 

නමුත් සොවාන් වූ පුද්ගලයා ආර්‍ය අශ්ඨාංගික මාර්ගයට නොපෙරලෙන සේ පැමිණි තැනැත්තෙකි. නොපෙරලීම යනු දිනෙන් දින පිරිහීමකින් තොරව එම මාර්ගය දියුණු කරගන්නා නැතැන්තෙකි. ආර්‍යශ්ඨාංගික මාර්ගය සම්පුර්ණ වන්නේ අරහත් ඵලයෙනි. අන් සැමගේ ආර්‍ය අශ්ඨංගික මාර්ගයේ සිදුරු ඇත. පළුදු ඇත. එයට හේතුව තවමත් එය වැඩෙමින් යන බැවිනි. සොවාන් වූ අයෙක් එම  මාර්ගය හෙලි කරමින් එම මාර්ගයේ කෙලවර තෙක්ම ගමන් ගනියි. කෙලවර ඇත්තේ අරහත් ඵල සංඛ්‍යාත අමාමහා නිවණයි.

පෘතග්ජනයාගේ තතවය මෙයට වඩා වෙනස්ය.  ඔහුට ආර්‍යංශ්ඨාංගික මාර්ගයේ නියතියක් නැත. ඔහු කලෙකට එහි ගමන් කරයි. කලකට පිට පණියි. එක් භවයක එම මාර්ගය පිරුවද තවත් භවයක වෙනත් මාර්ගයක යෑමට ඉඩ ඇත.

සැබවින්ම සොවාන් මාර්ගය යනු සක්කාය දිටිඨිය නැත්තටම නැතිවී ගිය පසු, මුල් වරට අත්දකිනා තත්වයකි. එය නැවත නැවත අත්දැකිය හැකි භාවනාමය අත්දැකීමකි.

සොවාන් වූවන්ට ලිංගික හැඟීම් නැතිද? ආශාවන් නැතිද?
මෙයත් සම්පුර්ණ අසත්‍ය මන්ද බුද්ධික විශ්වාසයකි. මෙහිලා නැවතත් කීමට ඇත්තේ විශාකාවගේ කථා පුවතය. තවත් මේ හා බැඳි අටුවා කථා රාශියක්ද ඇත. කාම-රාග නැත්තටම නැතිවී යන්නේ අනාගාමී වූ  අයෙකු තුල පමණි. නමුත් මෙහිලා වෙනසක් දැක්විය යුතුය. සොවාන් වූ අයෙකු තුල අපාය ගාමී අකුසල කර්ම නැති බැවින් හා නැවත කිසි කලෙක ඇති නොවනා බැවින්, ජවන තත්වයට පත්වන්නාවූ අපාය ගාමී කාමයක් ඔහු තුල උපදින්නේ නැත. එබැවින් සමහර පෘතග්ජනයන්ට තිරිසනුන්ට මෙන් ඇතිවන්නාවූ අධික ලොභ ද්වේශ, මොහ සහිත කාමයන් හා ආසාවන් ඔවුන්ට කිසි කලෙකත් ඇති නොවේ. මහා ලොදිය හැලියක බැස ගන්නවාට වඩා උණු දියෙන් පිලිස්සීම සැනසීමක් නොවේද? කුමන ආකාරයෙන් පිළිස්සුනද පිලිස්සීම පිළිස්සීම ම මිස එහි වෙනසක් නැත.

මාර්ග-ඵල ලාභීන් ධ්‍යාන ලාබීන් මේ කාලයේ නැතිද?
මෙහිලා කිව යුතු කරුණ නමි භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය යම්තාක් කල් පවතීද මාර්ග-ඵල ලාභීන්ද එපමණම කාලයක් සිටිනා බවයි. යමි කලෙක මාර්ග-ඵල ලාබී බව නම්වන ප්‍රතිවේද සාසනය පිරිහෙයිද එකල ප්‍රතිපත්ති සාසනය නම් වන පැවදි බව හා ධම්ම ප්‍රතිපදාවත් පිරිහෙයි. ප්‍රඥප්ති සාසන නම් වන ත්‍රිපිටක ධර්මයත් පිරිහෙයි.

මින් ස්වල්ප කාලයකට පෙර එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී දේශනා පවත්වන මන්ද බුද්ධික ශ්‍රමණ වේශධාරියෙකු භාග්‍යවතුන් වහන්සේගේම සිවුර දරමින් උන්වහන්සේ නිසාම ලබන සිවිපසය ලබමින්, මාර්ග-ඵල මේ කාලයේ ලද නොහැකි බවත්, ධ්‍යාන ලැබුවෝ කිසිවෙක් නැති බවත් යනාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ නවලොකොත්තර ධර්මය අවලංගු කරමින් දේශනා පැවැත්වූ අතර උන්වහන්සේගේ නමක් හෝ දැන් අසන්නට නැත.

මේ ආකාරයට කලින් කලට විවිධ සාසන පාළුවන් විසින් සසුන විකෘති කිරීමට උත්සාහ දැරුවත් ධර්මය රකින්නා ධර්මය විසින්ම රකින්නා සේම ධර්මය වනසන්නා ධර්මය විසින්ම වනසාලනු ලබයි. ලොව බුදුවරයෙකු උපත ලබන්නේ දීර්ඝ කාලයකිනි. එයත් කල්ප ගණනකිනි. අල්ප ආයුශ්ක වූ මෙවන් යුගයක උපන් බුදුවරයානන්වහන්සේ කෙනෙකුගේ ධර්මය පහසුවෙන් අවසන් වන්නේ නැත. මේ බුද්ධ සාසනයේ අවබෝධය ලැබීමට පාරමිතා පුරා ඇති පිරිස අවසන් වන තෙක් එය නිමා නොවේ. මිනිස් ලොව එය වසර 5000 ක් බවට පුරාණ මතයක් මුඛ පරම්පරාවෙන් පැවත එයි. බුදු පියානන් වහන්සේ ධර්මය දේශනා කලේ මිනිස් ලොව මිනිසුන්ට පමණක් නොවේ. බුද්ධ සාසනය තුල වැඩි ප්‍රමාණයක් මාර්ග ඵල ලැබුවේ මිනිසුන් නොව දෙවි බ්‍රහ්මයන්ය. ඔවුන්ගේ ආයුශය හා සලකා බැලීමේදී තව ගනන් කිව නොහැකි කාලයක් ගෞතම සම්බද්ධ සාසනයට ආයුශ ඇත.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සත්ත්වයින් සංසාරයෙන් එතෙර කිරීමට බුදුවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කරන්නාවූ බුදු පියානන්වහන්සේගේම චීවරය දරන්නාවූ ශ්‍රමණ වේශ ධාරින්ගේ සිවුරු හර උපවැදි කල යුතුය.

අන් කරුණ වන්නේ මෙයයි. ලොව මිනිසුන්ගේ පාරමිතාවන් විවිධා කාරය. යමෙකුට වැටහෙන්නාවූ කරුණ තවත් අයෙකුට ඔහුගේ මුලු ජීවිත කාලම අධ්‍යනය කලද වටහාගත නොහැක. එය එබදු තැනැත්තා තුල පවතින දෝශයක් බව ඔවුහු වටහා නොගනී. එබදු තැනැත්තන් අන්‍යන්ද තමාගේ පමණින්ම මනිති. එසේ මැන මති මතාන්තර පල කරති. ඒවා නිවැරදි නොවන බව බුද්ධිමතුන් අවභෝධ කරගත යුතුය.

නිවන සාක්ෂාත් කරනුයේ බණ කථා ඇසීමෙන් හෝ, පන්සල් යෑමෙන් හෝ බෝධි පුජා පැවැත්වීමෙන් නොවේ. එවාද කුසල කර්මයන් වන අතර ඒවා නිවනට උපකාරී කරගත හැක. නිවන සාක්ෂාත් කල හැකි වන්නේ ආයතන, ධාතු, පටිචිච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍ය, පංචස්කන්ධය ආදී ධර්ම කරුණු අධ්‍යයනය හා විනිවිද දැකීම තුලින් ඇතිකර ගන්නාවූ ප්‍රඥාවෙනි. ඒ ප්‍රඥාව විනිවිද දකිනා ක්‍රමය වන්නේ භාවනාවයි. භාවනාව වඩන්නා තුල සතිය සමාධිය ඇතිවෙයි. සති, සමාධිය, ප්‍රඥාව ඇත්තාට නිවන ලඟාකරගත හැක. මෙබදු තත්වයක් බෝධි පුජාවකින් ලද නොහැකි බව ඔබ බුද්ධිමතෙක් නම් ඔබට වැටහිය යුතුය. එබැවින් බෝධි පුජා ආදිය තබමින් කල යුතු දේ නොකරමින් වෙන කරුණක් කරමින් වෙනත් ප්‍රථිපලයක් බලාපොරොත්තු වීම පය බරවාවට පිටිකර බෙහෙත් බැඳ රෝග සුවය බලාපොරොත්තු වනවා වැනි මොඩ ක්‍රියාවකි.

තමන් මාර්ග-ඵල ලබා ඇති බවට වාද විවාද පැවැත්විය යුතුද?
තමන් මාර්ග-ඵල ලබා ඇති බවට වාද විවාද පවත්වන්නට අඩගසනා ස්වාමීන් වහන්සේලා වර්ථමාන සමාජයේ ඇත. මේ ලොව කිසිවෙකුගේ කර්මයක් තවකෙකු හා සමිබන්ධ නැත. තමුන් මාර්ග-ඵල ලබා ඇත්නම් එයින් අන් අයෙකුට ඇති වැඩක් නැත්තේමය. එහි වැඩය ඇත්තේ තමන්ටම පමණකි. තමා මාර්ග ඵලයක් ලැබුයේ නම් තමා එය ලැබුවේ, මේ සංසාර දුක්ඛය, අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් දැක එයින් මිදීමේ අභිලාශයෙනි. ඒ උතුම් අභිලාශය තුල ප්‍රසිද්ධය ලැබීම, වාද විවාද පැවැත්වීම හෝ කථිකාවක් නැත.

තමා මාර්ග-ඵල ලබා ඇත්නම් ඒ ලබා ඇති මාර්ග-ඵලය තවෙකුට දීමට හැකි නම් ඒ ගැන වාද විවාද පැවැත්වුවාට කමක් නැත. කුඩා ලදරුවන්ට යම් යම් දෑ ලැබුන විට තමාට ඒ දේ ඇති බවත් අන්‍යන්ට ඒ දේවල් නැති බවත් අඟවමින් කටයුතු කරනා ආකාරයත්, කෙලිකවට කම් කරනා ආකාරයත් ඔබ දැක ඇත. එයත් මෙබදු වාද විවාද වලත් වෙනසක් නැත.

ඔබට රෝගයක් ඇතිවීම හා ඒ රෝගයෙන් සුවවීම ගැන තව අයෙකුට ඇති වැඩක් නැත. රෝගය ඇතිවීම හා ඒ රෝගයෙන් නැගී සිටිමේ පහසුව හා සහනය ඇත්තේ තමන්ට පමණි. එසේ රෝගය සුවකරගත් අයෙකුට එබදුම රෝගයකින් පෙළෙනා අයෙකුට කෑ යුතු බෙහෙත කුමක්ද යන්න කියා දීමට හැකියාවක්නම් ඇත. එය කලාට කම් නැත.

සොවාන් වීම යනු කුමක්ද?
මෙහි සරලම අර්ථය සක්කායදිටිඨිය නිරුද්ධවීමයන්නය. සක්කාය දිටිඨිය නිරුද්ධ වූ තැනැත්තාට තමාගේ ජීවිතය නවමු කොනයකින්දැකිය හැක. මේ නවමු කොනයකින් ලොවදැකීම නම්වන චින්තන විපර්‍යාසය පමණක් සොවාන් වීම නොවේ. සමහර පිරිස් තමා සොවාන් වී ඇති බව දැක්වීමට නැතහොත් තමාගේ මම මගේ යැයි ගැනීමක් නැති බව දැක්වීමට මම කියා තමාට අමතන්නේ නැත. මම යන්නට අපි කියා අමතති. තමාට නාම රූප පරිච්ඡේද ඥානය ඇති බව පෙන්වීමට උත්සුක වෙති. එසේනම් යමෙකුට භාෂාව වෙනස්කර සොවාන් වීමට හැකි අතර එසේ වූ පිරිස්ද සාමාජයේ සිටිති.

සැබවින්ම සොවාන් වූ අයෙකුට;
01)   තමා ගේ ඵල සිතට සම වැදීමට හැකිය
02)   මාර්ග සිතට සමවැදිය හැක
03)   නිවන යනු කුමක්දැයි සඟවා කියා ඇති පොත් පත් වල කරුණු නොව ප්‍රායෝගිකව වචන කිහිපයකින් නිවන යනු කුමක් දැයි විස්තර කිරීමට හැකියාවක් ඇත.
04)   එය අත්දකිනා ආකාරය විස්තර කල හැක.
05)   විදර්ශනාමය ධ්‍යාන සිත් උපදවිය හැක.
06)  හේතු සම්පත් ඇති උත්සාහවන්තයන්ට ලෞකික ධ්‍යාන උපදවිය හැක.
07)   ඵල සිත් හා ධ්‍යාන සිත් සංස්න්දනය කර බැලීමේ හැකියාවක් ඇත.
08)  තමාතුල සක්කාය දිටිඨිය නිර්ද්ධ වී ගිය ආකාරය ඉතාමත් නිවැරදිව විස්තර කල හැකිය.
09) ලොව කිනම් විදර්ශනා භාවනාවක් තුලින් වුවද තමා ලද මාර්ග-ඵලයන්ට සමවැදිය හැක.
10) ලොව කිනම් විදර්ශනා භාවනාවක් තුලින් වුවද සක්කාය දිටිඨිය නිරුද්ධ වී ගිය ආකාරය අත්දැකිය හැක.
11)   කැමති නම් තමා ලත් ඵල සිත ප්‍රතික්ෂේප කර ඉහල මාර්ග-ඵලයකට සිත පත් කල හැක.

මේ ආකාරයට මේ සියල්ල භාවනා අත්දැකීම් වන අතර, සොවාන් පුද්ගලයන් සැමගේ මෙම අත්දැකීම්  හි ලක්ෂණ ආසන්නව සම වන්නේය. මේ ආකාරයට තමා සොවාන් වී ඇත්ද නැද්ද යන්න යමෙකුට තමා විසින්ම ස්වසං ඇගයීමකට ලක්කල හැක. 

මාර්ග සිත්-ඵල සිත් නැතිව සොවාන් වීමට නොහැකි බව මෙහිලා පැවසිය යුතු අතර යමෙක් එසේ ප්‍රකාශ කරන්නේ නම් ඔහුට බුද්ධ දේශනය පිළිබඳව සරල අවබෝධයක් හෝ නැති බව පැවසිය යුතුය.

මෙම ලිපිය ලියා සකස් කිරීමට  අභිලාශයක් නොවුනත් යම් යම් මන්බුද්ධික ස්වාම්න් වහන්සේලාගේ හා ගිහියන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් මෙය සම්පාදනය කිරීම කාලොචිත යැයි සිතීමි. මෙහි කිසිදු භාවනා අත්දැකීමක් විස්තර කර නැති බැවින් කිසිඳු සාසන හානියක් සිදු කර නැත.

බුදු දහමේ අග්‍රතම ඵලය ගැන ලියු මේ ලිපියෙන් රුස්වන කුසල ශක්තිය අළුත්නුවර දැඩිමුණ්ඩ දෙවි රජුන් ප්‍රමුඛ සියළු සම්‍යක්දෘශ්ඨික දේවි දේවතාවුන් වහන්සේලා අනුමොදනා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.